Sunday, July 30, 2017

මොටර් රථයේ ගමන්මග : 5 කොටස

1920න් පස්සේ කාර් වලට වැඩි කැලි එකතු වෙන්න පටන් ගන්නවා. රිවර්ස් ලයිට්, රේඩියො, ඔටොමැටික් චොක් , ක්‍රොම් ප්ලේටට් රිම් වගේ දෙවල් එකතු වෙනව. තව දෙයක් තමයි චුම්බක වලින් ක්‍රියාත්මක වෙන වේග මාපක වගේම මුල් කාලේ තිබුනු සිහින් වැඩි පිඩනයක් සහිත ටයර් වෙනුවට ටිකක් මහත එවා භාවිත කරන්න වුනා. ඒ වගෙම සැප පහසුව ගැන සැලකිලිමත් වුනා. මේ කාලයේ තමයි ජෙනතන් ඩික්සන් මැක්ස්වෙල් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් යෙදිමේ ක්‍රමයක් හොයාගන්නේ. නමුත් මුල් කාලයේ දුනුකොල භාවිත කලත් ස්ප්‍රින්ග් වල තියෙන ප්‍රයොජන වැඩි නිසා වාහන වලට යොදා ගත්තා. ඒ වගේම හයිඩ්‍රොලික් බ්‍රේක් හදුන්වා දෙන්නෙත් මේ කාලෙදිම තමයි

1921දි අවුරුදු 21ක් තරම් වුනු  එන්සො ෆෙරාරි (Enzo Anselmo Ferrari), ධාවකයෙක් වශයෙන් ඇල්ෆ රොමියො (Alfa Romeo) කණ්ඩායමට එකතු වෙනවා. ඔහු දැක්වු දස්කම් නිසා 1929දි තමන්ගෙම කණ්ඩායමක් හරහා තරග කරනවා. නමුත් ඔහු භාවිත කරන්නෙ ඇල්ෆා රොමියො වාහනයක්ම තමයි.

පලමු හා දෙවන ලොක යුද්ද අතර කාලයේ තත්වයෙන් උසස් වාහන බොහොමයක් ආවා. ඒ අතරින් බුගාටි රොයල් (Bugatti Royale), රෝල්ස් රොයිස් පැන්ටම්-3 (Rolls-Royce Phantom III), බෙන්ට්ලි 8 ලිටර් වගේ කාර් විශෙශයි. මේ අතර යුරොපයේ බරින් හා මිලෙන් අඩු ඔස්ටින් 7, ෆියට් 500 වගේ වාහන නිශ්පාදනය වුනා. ඒ වගේම ජර්මනියේ ෆර්ඩිනනඩ් පෝර්ෂ් (Ferdinand Porsche) ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආරාධනයෙන් කාර් එකක් හදන්න ගන්නවා. අදටත් ලොකයේ ජනප්‍රිය වාහනයක් වෙන වොක්ස්වැගන් වල ආරම්භය වෙන්නේ ඒ ආකාරයට තමයි. පොර්ෂ් ලොකයේ වාහන නිශ්පාදනය උඩු යටි කුරු කරනවා. ඒ එන්ජිම පිටුපසට දාලා.
Rolls-Royce Phantom III
Bugatti royale


මේ සෙරම අතරේ දෙවන ලොක යුද්දෙ පටන් ගන්නවා. ඒ නිසා ඒ කාලේ යුද්දෙට ඔනේ කරන විදියට තමයි කාර් තාක්ෂණයත් වෙනස් වෙන්නේ.  මේ නිසා කාර් නිශ්පාදනයට වඩා හැදුනේ යුද්දෙට ඔනේ කරන යුද රථ වගේම ගිලන් රථ වගේ දෙවල්. ඒ වගේම පවර් බ්‍රේක් , හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝබර් වගේ දෙවල් භාවිතයට එන්නෙත් යුද්දෙන් පස්සේ තමයි. ඒ වගේම පනහෙ දශකයේ මුල් කාලේ තමයි පවර් ස්ටියරින්, එයර් කන්ඩිශන්, විදුලි බුබුලු දෙකේ ප්‍රධාන ලාම්පු වගේම ෆයිබර් විදුරු භාවිතයට එන්නේ 1953 චැව්රෝල්ට් කොර්වැට් (Chevrolet Corvette (C1)) සහ 1955 සිට්‍රොන් ඩී.එස් 19 (Citroën DS 19) වගේ වාහන වල භාවිත කලා. ඒ වගේම එන්ජින් ඔවර් හේඩ් වෑල්, කැම්ෂාෆ්ට් වගේ එවා දියුණු කල නිසා හොද ඉන්දන පරිභොජනයක් වගේම වැඩි වේගයක් ලබාගන්න පුලුවන් වුනා.
Citroën DS 19


1950 කාලෙදි කාර් නිශ්පාදනයට එන්සො ෆෙරාරි එකතු වෙනවා අලුත්ම ස්පොර්ට් කාර් එකත් එක්ක. ඒ වගේම ෆෙරාරි තමන්ගේ සමාගමෙන් හදපු කාර් සේරම වගේ එක දිගට ජනප්‍රිය වෙන්න ගත්තා. මේ අතර පොර්ෂ් හදපු ස්පොර්ට් කාර් එකත් විශෙෂයි. ඒ කාලේ පොර්ෂ් කාර් එකට ඉතා විශාල ඉල්ලුමක් ලැබෙනවා. ෆෙරාරි සහ පොර්ෂ් අතරේ ස්පොර්ට් කාර් වලට වලි ගියේ නැති උනාට පසුකාලිනව ෆෙරාරි සහ ෆොඩ් අතරේ පුදුමාකාර වලියක් යනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ෆොඩ් සමාගම Ford GT40 කියන කාර් එක හදන්නේ... ඒ ගැන කතා කරන්න කලින් ජපානයේ කාර් නිශ්පාදනය ගැන කතා කරන්න හිතුනා.

ජපානයේ මොටර් රථ නිශ්පාදනයේ ආරම්භය

ජපානය මුලින්ම කාර් හදන්න පටන් ගන්නේ 1904 ටොරාඕ යමහ (Torao Yamaha) හදපු වාශ්ප බලයෙන් දුවන කාර් එකෙන්. මේක කාර් එකකට වඩා බස් එකක්  කියන්න පුලුවන්. මොකද එකේ 10කට යන්න පුලුවන් විදියට හදපු නිසා. එහෙම පටන් ගත්තු මොටර් රථ නිශ්පාදනයට මුල්ම ඉන්ධන දහන කාර් එක හදන්නේ ඔටෝ මොබයිල් ට්‍රේඩින් සමාගමයි. මේකේ නම ටකුරි. සිලින්ඩර දෙකේ ලිටර් 1.85ක විශාල එන්ජිමක්.

1911දි මුල් වතාවට සැපපහසු වාහන හදන්න පටන් ගන්නවා. ඒ සිලින්ඩර 4 අශ්වබල 16කින් යුත් ජලයෙන් සිසිල්වන එන්ජිමක් සහිත වාහනයක් වුනා.අවුරුද්දක් ඇතුලත මේ වාහන 50ක් විකුනන්න සමත් වෙනවා.  මේ කාලෙදි තමයි මසුජීයො හෂිමොටො (Masujiro Hashimoto) ඇමරිකාවේ ඉගෙන ගෙන ජපානයට ඇවිත් සමාගමක් පටන් ගන්නේ. Kaishinsha Motorcar Works  සමාගම පටන් ගන්න මුදල් යොදවපු 3 දෙනාගෙ නම් වල මුලකුරු අරන් 1912දි ඩැට් (DAT) කියලා කාර් නිශ්පාදනය පටන් ගන්නවා. පටන් ගැන්ම සාර්ථක වෙන්නෙ නම් නැ. නමුත් 1914දි ඩැට් මොඩල් 31 කියලා හදපු කාර් එක සාර්ථක වුන නිසා 1915දි වෙලදපොලට නිකුත් කරනවා.මේ වාහනේ සාර්ථක වුන නිසා මොඩල් 41 හදනවා. 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුලුවන් ලාභදායක වාහනයක් නිසා 1925 දක්වා හොදට විකිනෙනවා.මේ කාර් සියල්ල අතින් හදපු කාර් විමත් විශෙෂයි.
DAT model 31
මේ අතරවාරයේ 1917දි ඩැට් වාහන හදපු කයිෂින්ෂා මොටර්ස් ආයතනය අසාර්ථක වෙන්න ගත්තු නිසා ඩැට් වෙහිකල් කොම්පැණි (DAT Motorcar Co.) කියලා නම වෙනස් කරනවා. මෙකෙන් හැදුවේ ඩැට් 51 කියන කාර් එක. එකෙම දොර දෙකේ කාර් එක ඩට්සන් (DATSON) කියලා හෂිමොටො නම තිබ්බා. එකෙන් අදහස් කලේ ඩැට්ගේ පුතා යන්නයි. පස්සේ මේ නම දිගටම භාවිත කරන්න වුනා. මේ නම ජපන් භාෂාවේන් තෙරුම මුදල් නාස්තිය වගේ හැගිමක් එන නිසා ඩැට් කියන සුර්යයා යන අදහසින් DATSUN ලෙස නම වෙනස් කෙරුනා. ඔහොම තමයි ඩැට්සන්  නම හැදිලා තියෙන්නේ. ඩැට් සමාගම හිට්සුයො ජිදොසා සමාගම සම්බන්ද කරගෙන ලිලා කියන වාහනය හදනවා. මේක හදන ඇමරිකානු ජාතික විලියම්  ගොර්හැම් ඩැට් සමාගමේ දියුණුවට හේතු වෙනවා. 1930දි ඩැට් 91 වාහනය වෙලදපොලට නිකුත් කිරිමත් එක්කම ටොබාටෝ ඉමොනා සමාගමත් ඩැට් සමාගම එක්ක එකතු වෙනවා. 1932දි ඩැට්සන් 10 හා 11 කියන වාහන දෙක හදුන්වාදෙනවා. මේ අතරින් ඩැට්සන් 11 කියන රථය එවකට ජපානයේ හොදම වාහනය ලෙස හැදින් වුනා
Mitsubishi Model A

මේ අතර ජපානයේ තවත් විශෙෂ කාර් සමාගමක් වෙන මිට්සුබිෂි (Mitsubishi) සමාගම 1917දි ආරම්භ වෙනවා, මුලින්ම හදන්නේ මොඩල් A කියලා විධායක ශ්‍රේණියට ගැලපෙන සුව පහසු වාහනයක්. මේක 1920 දක්වා ඇමරිකානු හා යුරොපා රට වලට පමණක් නිශ්පාදනය වුනා. මෙහෙම විකුනපු මොඩල් A වාහනයක් තවම නැවත සොයා ගන්න හැකි වෙලා නම් නැ. 1920න් පස්සේ ජපානයටත් නිපදවන්න පටන් ගන්නවා. මේ වාහනේ 2800cc එන්ජිමක් සහිත අතින්ම හදපු සුවපහසු වගෙම 7 දෙනෙකුට යන්න පුලුවන් වාහනයක් වුන නිසා කාර් එකකටත් වඩා වැන් එකක් කියන්නත් පුලුවන්. 1918දි මිට්සුබිෂි සමාගම ටි1 (T1) කියන ට්‍රක් එක හදනවා. මෙක ජපන් පලමු ට්‍රක් එක වෙනවා.  ඒ වගේම 1931දි ජපානයේ මුල්ම ඩිසල් එන්ජිම නිශ්පාදනය කරන්නෙත් මිට්සුබිෂි සමාගමයි.  මේ එක්කම බස් නිශ්පාදනය කරන්නට මිට්සුබිෂි සමාගමට පුලුවන් වෙනවා. ඒ තමයි බි46 (B46) කියන බස් එක. පසු කාලෙක ෆුසො කියන බස් නිශ්පාදනයටත් මුල් වුනේ මේ බස් එක තමයි.
Mitsubishi B46

1918දි ජපන් රජය මොටර් රථ නිශ්පාදනයට වැඩි වාසි ලබාදෙමින් යුද්දයට ගැලපෙන මොටර් රථ නිපදවන්න වුනා. මුලින්ම යුද්ද සදහා වාහන යොදා ගැනිමේ වාසිය ගැන උනන්දුවක් ඇති වෙලා තියෙන්නෙ නම් 1904-1905 කාලයේ රුසියාවට විරුද්ද යුද්ධයෙදි.  ජපානයේ  මෙහෙම මොටර් රථ හදද්දි ඇමරිකානු මොටර් රථ නිකන් ඉන්නෙත් නැ. මුලින්ම ෆොඩ් සමාගම 1925ද් යොකොහාමා නුවර පටන් ගන්නවා. ඊට පස්සේ ජෙනරල් මොර්ටර්ස් සමාගමත් ඕසාකා නුවර වාහන හදන කම්හලක් පටන් ගන්නවා. මේ කර්මාන්තශාලා වල  වේගයෙන් වාහන නිශ්පාදනය වුන නිසා  වැඩි වාසිය ඇමරිකානු සමාගම් සතු කරගන්නවා.

1933දි සාකිෂි ටොයොඩා (Sakichi Toyoda) තමන්ගේ ලොකු පුතාට ජපන් අතකින් හැදුනු නියම කාර් එකක් හදන්න උනන්දු කරනවා. ඉතින් කිචිරෝ ටොයොඩා ඔටොමැටික් ලූම්වර්ක් රෙදි නිශ්පාදනාගාරයේ කොටසක වැඩේ පටන් ගන්නවා. නමුත් මේ වැඩේ පටන් ගන්නේ නම් එතුමාගේ බැණා ඉජි ටොයොඩා. 1936 වෙනකොට ටොකියො ඉම්පිරියල් විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පුර්ණ කරලා ඇවිත්. ටොයොටා කාර් එකක් මුලින්ම හැදුනේ 1936දි. ඒ මොඩල් ඒ කියන කාර් එක. ඒ වගේම ජි 1 කියන ට්‍රක් එකත් හදනවා. යුද්දේ පටන් ගත්ත නිසා කාර් හැදිල්ල නවත්තලා යුද්දෙට ඔනේ කරන ට්‍රක් හදන්න සිදු වෙනවා. පර්ල් වරායට බොම්බ දාද්දි ටොයොටා සමාගම මාසෙකට වාහන 1000ක් හදන්න තරම් දියුණු වෙලා.
Toyota model AA

1934 වෙනකොට ඔසාකා වල නිසන් (Nissan) කියලා ජනප්‍රිය වුන සමාගමත් ඩැට්සන් සමාගම එකත් කර ගන්නවා. මේක ඩැට්සන් සමාගමේ වෙනසකට හේතු වෙනවා. මේ සමාගම හරහා මුලින්ම එලියට ආපු වාහනේට නම තියන්නේ නිසාන් කියලා නම් නෙමේයි. එකත් ඩට්සන් නමින් එන්නෙ. ඒ වහනේ ඔස්ට්‍රේලියාවට යවන්නත් හැකි වෙනවා. ඔස්ටින් 7 (Austin 7) රථයට සමාන වුනු නිසා ඔස්ටින්, එංගලන්තයට මේ වාහනයක් ගෙන්වාගෙන තමන්ගේ වාහනෙත් එක්ක සංසන්දනය කරලා බලනවා. පොඩි පොඩි වෙනස්කම් තිබුන නිසා නිසාන් සමාගමට නඩු දන්න බැරි වෙනවා. එහෙම නොවුනා නම් අද Nissan GT-R එකත් නැ. නිසාන් සහ මිට්සුබිෂි සමාගම් වල වාහන වල සීඝ්‍ර වර්ධනයත් එක්ක ජපානයේ තිබුනු ඇමරිකානු සමාගම් ටිකෙක් ටික වැහිලා යන්න ගත්තා. ඒ තමයි ජපන් වාහන ඇමරිකානු වාහන පරදවපු පලමු වතාව. මේකත් එක්ක තමයි මුලු යුරොපයම ගැස්සිලා ගිහින් ජපන් වාහන ගැන දැනගන්නේ.  නිසාන් සමාගම 1938 වෙනකොට මොඩල් 70 කියන උසස් තත්වයේ වාහනයක් නිපදවනවා. මේක තමයි මුලින්ම නිසාන් නාමය යටතේ ආපු වාහනේ.
1937  Nissan Model 70

ලොක යුද්ද පටන් ගැනිමත් එක්ක ජපන් රජය යුද වාහන නිශ්පාදනයට යොමුවෙන ලෙස වාහන සමාගම් වලට නියොග කරනවා.  1936දි මිට්සුබිෂි සමාගම ටි.ඩි 45 ට්‍රක් එකත් නිසාන් මොඩල් 80 කියන රථ 2 ඒ කාලයේ ජනප්‍රිය වෙනවා. ඒ අතරේ නිසාන් සමාගම ගුවන්යානා එන්ජින් එහෙමත් හදලා තියෙනවා.

මෙහෙම ආරම්භ වුනු ජපන් කාර් වල 60-70 ගනන් වල වෙන විප්ලවය සහ ඇමරිකානු රටවල් වල කාර් වලට මොකද වෙන්නෙ කියලා තවත් කොටසකින් විමසා බලමු. ඔබගේ වටිනා අදහස්  හා යොජනා පහලින් යොමු කරන්න.

ස්තුතියි.







No comments:

Post a Comment