Saturday, August 5, 2017

මොටර් රථයේ ගමන්මග : 6 කොටස

ජපන් වාහන ගැන කතා කරද්දි ගොඩක් අය ආස වාහනයක් තමයි සුබාරු (Subaru) කියන්නේ. ඉතින් මේ සුබාරු වාහන හැදිල්ල පටන් ගන්න ඉස්සෙල්ලා එන්ජින් තමයි හදලා තියෙන්නේ. ඒ 1907 විතර ඉදන්.. ඒ වගේම ඩයිහට්සු (Daihatsu) මුලින්ම වාහනයක් හදන්නේ 1958දි. ඒ කාලෙත් රොස් පාන් සයිස් එකේ පොඩි වාහන තමයි හදලා තියෙන්නෙ.. හැබයි 1966දි මේ ගොල්ලො හදපු කොම්පැන්ගො (Daihatsu Compagno) කියන වාහනේ ගොඩක් ජනප්‍රිය වුන නිසා එන්ගලන්තයත් යවන්න පුලුවන් වෙනවා.ජපානෙන් මුලින්ම යවපු කාර් එක වෙන්නෙත් එක. එකෙන් පස්සේ තමයි ඩොමිනො (Domino), චැරඩ් (Charade) වගේ වාහන එන්නේ.
Corolla First Generation
ඔන්න මේ කාලේ වෙනකොට තමයි කොරොල්ලා (Toyota Corolla) එකත් එලියට එන්නෙ. ඒ 1966දි. මේ කාලේ වෙනකොට ඇමරිකානු හා යුරොපියානු වාහන වලට තිබුනු ඉල්ලුම ටිකක් අඩු වෙලා තිබුනේ. මිලෙන් අඩුවුන නිසාත් වෙලදපොල සම්පුර්ණ වාසිය ගන්න මේ පොඩි සයිස් එකේ කොරොල්ලා එකට පුලුවන් වුනා. පොඩි වුනාට 5 දෙනෙකුට යන්න පුලුවන් නිසා 70 දශකය වෙනකොට කොරොල්ලා වාහන වලට තිබුනු ඉල්ලුම ගොඩක් වැඩි වුනා. මේ කාලෙදි තමයි නිසාන් බ්ලුබර්ඩ් එකත් හදුන්වාදෙන්නේ.. 1965 -1966 කාල වලදි ආපු බ්ලූබර්ඩ් 410 හා 411 යන එවා ජනප්‍රිය වෙන්න ගත්තා. 1966දි ප්‍රින්ස් සමාගමත් එක්ක එකතු විමත් එක්ක තමයි කවුරුත් ආස කරන නිසාන් ස්කයිලයින් එක හදන්න පටන් ගන්නේ. ඊට කලින් ප්‍රින්ස් ස්කයිලයින් (Prince Skyline) කියලා තමයි ඇවිත් තියෙන්නේ.

Datsun Bluebird 410
මේ කාලේ වෙනකොට මැස්ඩා (Mazda) වාහන හැදෙන්නත් පටන් ගත්තා. 1960 විතර කාලේ ජුජිරො මස්ටුඩා (Jujiro Matsuda) මුල් වෙලා තමයි පටන් ගන්නේ.එතුමා පටන් ගත්තු ටොයො කොක් කොගායො කියන සමාගම හරහා ආර් 360 (R360) කියන වාහනය පටන් ගන්නවා. එකෙන් පස්සේ 1963 දි මොඩල් 800 හා ෆැමිලියා (Familia) කියන වාහන නිශ්පාදනය පටන් ගන්නවා.
Mazda 800 / familia
හොන්ඩා (Honda) එකේ කතාව නම් ආපහු ලොක යුද්ධ කාලේට යනවා. 1941 කාලේ හොන්ඩා (Soichiro Honda) තමයි ටොයොටා වාහන වලට පිස්ටන් හදන්නේ. එහෙම ඉන්න ගමන් ටොයොඩා හමුවෙලා එයාගේ වාහන ආකෘති පෙන්නුවත් කැමති වෙලා නැ. ඉතින් 1948දි හොන්ඩා මුලින්ම මොටර් සයිකල් හදන්න පටන් ගන්නවා.  මුලින්ම හදන්නේ T360 mini truck කියන පොඩි ට්‍රක් එකක් 1963දි. මුලින්ම් කාර් එකක් හදන්නේ 1962 දි. ඒ S360 කියන කාර් එක. කොහොම උනත් එක හදන්නෙ නැ (never put into production). 1963දි තමයි  S500 කියලා නම් කරපු මේ වාහනේ පොඩි නිසාම ජනප්‍රිය වෙන්න ගත්තා. මුල් කාලේ ජපන් වාහන ටිකක් පොඩි තමයි. හදපු හැම වාහනයකම වගේ ඒ ගතිය තිබුනා. ඉතින් 1965දි එස් 600 හදනවා. හොන්ඩා කිවම කාටත් මතක් වෙන සිවික් එක හදන්න පටන් ගන්නේ නම් 1972දි.
Honda S600
මේ සෙරමත් එක්ක මිට්සුබිෂි ගැන කතා නොකලොත් ලොකු අඩුපාඩුවක් වෙනවා. මිට්සුබිෂි වාහන ඇමරිකාව තුල ජනප්‍රිය වෙන්නේ කොල්ට් (Colt) ලියන නාමය යටතේ. 1969දි ගැලන්ට් (Galent) හදන්නේ සුඛොපභොගි වහනයක් විදියට. මෙකත් සැහෙන්න ජනප්‍රිය වෙනවා. 1973දි ලාන්සර් කියන මොඩල් එක හදුන්වා දෙනවා. මේ කාර් එක රැලි රේසිං වල මතක හිටින සටහන් තියන්න සමත් වෙනවා.
Mitsubishi Galent 1969
මේ අතරේ කොරියාවත් 1976දි හයිහුන්ඩායි (Hyundai) පොනි (pony) කියලා කාර් එකක් හදන්න ගන්නවා. මේ කාලේ වෙනකොට ජපානය හදපු ගොඩක් වාහන කුඩා වගේම මිලෙන් අඩු, සමාන්‍ය උපාංග වලින් සමන්විත වුනත් ඇමරිකාවේ හා යුරොපා වාහන නිශ්පාදකයක් හැමවිටම සැප පහසු වැඩි වැඩි උපාංග සහිත වාහන නිපදවන්න උත්සාහ ගත්තේ. ඒ නිසාම ඒ වාහන වල ඔටො ගියර්, පවර් ස්ටියරින්, පවර් බ්‍රේක්, පවර් වින්ඩොස් වගේ ගොඩක් දෙවල තිබුනා.

මිලෙන් අඩු පවුලේ අයට භාවිත කරන්න පුලුවන් වාහන නිපදවපු ජපානය ජර්මනිය 3 වෙනි තැනට දාලා දෙවෙනි තැන ලබා ගන්නේ ඇමරිකාව පලමු තැන තියෙද්දි. 1967 වෙනකොට ජපානයේ වාහන නිශ්පාදකයො එකතු වෙලා සංගමයක් පිහිටුවා ගන්නවා. මෙකේ පලවෙනි සභාපත් වෙන්නේ එවකට නිසාන් සමාගමේ කත්සුජි කවමාතා.  1975 විතර වෙනකොට රොබො තාක්ෂණය  වාහන නිශ්පාදනයට එකතු විමත් එක්ක ජපානයේ වාහන නිශ්පාදනය නොනවතින දාමයකට එකතු වෙනවා. ඒ වගේම ඩිජිටල් තාක්ෂණය භාවිත කරලා වාහන නිර්මාණය සිට හැම දෙකටම භාවිත කරන්නට වුනා.

1970 වෙනකොට ජපානයේ වැඩිම ඉල්ලුම තිබුනේ පස් දෙනෙකුට යන්න පුලුවන් එන්ජින් ධාරිතාවය 600CC සිට 1200CC දක්වා වාහන වලට. මේ නිසාම පුංචි වාහන සාමන්‍ය ජනතාව අතර ජනප්‍රිය වුනා. කොච්චරක්ද කිවොත් ඇමරිකාවටත් වඩා වාහන අලවියක් ජපානයේ සිදු වුනා. ජපානයේ ලොකු වාහන හැදුන් නැතුවම නෙමෙයි. නිසාන් ප්‍රසිඩන්ට් (president), ටොයොටා සෙන්චුරි (Century) වගේ වාහන හැදුනා.

Toyota century 1967

මේ කාලේ වෙනකොට ලොකෙටම බලපාපු තෙල් ගැටලුවක් නිසා ජපන් වාහන නිශ්පාදකයක් කුඩා වාහන හැදුවත් බලපැම් ඇති වුනා. ඒ අතරින් හොන්ඩා, ටොයො කොග්යො වගෙ සමාගම් පාඩු ලැබුවා. මේ නිසාඅ බරින් අඩු ඇලුමිනියම්, ප්ලාස්ටික් වගේ දෙවල් වාහන  නිශ්පාදනයට භාවිත කරන්නට වුනා.ඒ වගේම මුල් කාලේ භාවිතයෙන් ඉවත් කරපු ෆ්‍රන්ට් විල් (Front wheel drive) ක්‍රමය නැවත් ආවෙත්. 1980 වෙනකොට ජපානය ඇමරිකාවත් පරදලා මොටර් රථ නිශ්පාදනයේ මුල් තැන ගන්නවා.

මේ කාලේ වෙනකොට ජපානයේ ටොයොටා කොරොල්ලා , නිසාන් සනි වගේම  මිට්සුබිෂි ලාන්සර් වල ආර්ම්භය ගැන කියන්න නම් වෙනම් කතාවක් කියන්න වෙනවා. 1989 වෙනකොට ටොයොටා සමාගම යුරොපිය සුඛොපබොගි වාහන ඉලක්ක කරගෙන ලෙක්සස් (Lexus) කියන සමාගම හරහා වාහන නිශ්පාදනයට යොමු වෙනවා. ඒ වගේම 2000CC වගේ වාහන නිශ්පාදනය කරන්න අනෙක් අයත් උත්සාහ දරනවා. කොහොම වුනත් 1995න් පස්සේ බොහො බටහිර වාහන සමාගම් ජපන් වාහන වල කොටස් මිලට ගන්නට පටන් ගන්නවා. මෙ නිසාම ටොයොටා - ජෙනරල් මොටර්ස්, මැස්ඩා- ෆොඩ්, නිසාන් - ෆොඩ්, නිසාන් - ජෙනරල් මොටර්ස් , මිට්සුබිෂි - ක්‍රිස්ලර්  වගෙම හොන්ඩා- ක්‍රිස්ලර් වගේ සබදතා ඇති වෙන්න පටන් ගත්තා. මේ නිසාම වහන වෙලදපොල තිබුනු තරගකාරිත්වය අඩු වුනා. ඒ වගේම ජපන් වාහන වල කර්මාන්තශාලා වෙනත් රටවල් වල ඇති වෙන්නත් හෙතු වුනා.

1950න් පසු ඇමරිකා /යුරොපා මොටර් රථ නිශ්පාදනය

ජපන් මොටර් රථ නිශ්පාදනය මෙසේ දියුනු වෙද්දි ලොකේ අනිත් පැත්තේ කාර් හදපු හැටි වැඩිය කතා කලේ නැනේ.1950න් විතර පස්සේ දෙවෙනි ලොක යුද්දෙත් ඉවර වෙලා නැවත යුද නිශ්පාදන වලින් ඉවත් වෙලා සාමන්‍ය වාහන හදන්න ගත්තු කාලේ. මේ වෙනකොට හැමොටම කාර් ගන්න උවමනාවක් වෙනවා. මේ නිසාම ඇමරිකාව තුල වාහන නිශ්පාදනයේ නැවතත් තරගකාරි මුහුනුවරක් ගන්නවා. 1950 -1960 කාලේ ආපු ගොඩක් කාර් විශාල වගේම බොහොමයක් ක්‍රොම් වලින් අලංකාර කරලා තිබුනා වගේම පිටිපස ගුවන් යනා තටු වගේ හදන්නත් උත්හාස කලා. මගේ මතය අනුව මේ යුගය තමයි ඇමරිකානු වගේම ලොක කාර් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වෙන්නේ. ඒ තරම් ලස්සන කාර් නිශ්පාදනය කෙරුනා. මෙවා සැපපහසු පවර් ස්ටියරින්, පවර් වින්ඩොස් වගේ අමතර උපාංග වලින් සමන්විත වුනා වගේම විශාල එන්ජින් සහිත එවා වුනා.

මෙහෙම විකාශනය වුනු මොටර්  රථය අද වෙනකොට හයිබ්‍රිට් තාක්ෂණය වගේම විදුලියෙන් දුවන කාර්, ස්වයංක්‍රිය පාලනය දක්වා වෙනස් වෙලා තියෙනවා. බොහොම කෙටියෙන් කතා කලාට මේ අතර රසවත් කතා නැතුවම නෙමේයි. එවා කතා කරන්න ගියොත් කතාවෙන් පිට යන නිසා එවා ගැන ඉස්සරහට වෙනම දිර්ග විස්තර සහිත කතා මාලාවක් ඔස්සේ කතා කරමු. සුපර් කාර්, කාර් රේස්,  මැත කාලිනව ජනප්‍රිය වුන වාහන රැසක් ගැන මුල ඉදන් අගට විස්තර රැගෙන අලුත් කතාපෙලක් ගෙන එන බලාපොරොත්තුවෙන් කොටස් 6කින් සමන්විත වුනු මොටර් රථයේ ගමන් මග මෙසේ නිමා කරමි.

Next Blog :  කොරොල්ලා එකට අවුරුදු 50යි - පලමු කොටස

ඔබගේ වටිනා අදහස් හා යොජනා පහත කොමෙටුවකින් සටහන් කරන්න. ස්තුතියි.



1 comment:

  1. thx, great job. school lamayekge project ekakata thorathuru gatta. bohoma pin.

    ReplyDelete