Tuesday, September 5, 2017

යුරොපියානු රේස් ලොකය හොල්ලපු ඇමරිකානු ආක්‍රමණිකයා FORD GT40


යුරොපියානු රේස් ලොකය හොල්ලගෙන හිටපු ඉතාලියානු රේස් කාර් රජු වෙලා හිටපු Ferrari දනගස්සවා යුරොපියානු රේස් ලොවට පා තැබු ඇමරිකානු ආක්‍රමණිකයාගේ ගමන් මග දිහා තමයි අද කතා කරන්න යන්නේ. 60 දශකය ආරම්භයත් සමගම, බ්‍රිතාන්‍යය වාහන ලොකය තුල නවතම පුනරුදයක් ඇතිකරමින් තරුණ තරුණියන් ජර්මනියෙන් බිහිවු ඉබ්බන් එහෙම නැත්නම් බිටල් වැලද ගනිද්දි වාහන ලොකය තුල නව වේග වාර්ථා කාඩා දමනින් අලුත් වාර්ථා පිහිටුවමින් වර්ධනය වෙන්නට වුනා. මෙවන් යුගයක ඇමරිකාව තුල බලසම්පන්න එන්ජින් ධාරිතාවයකින් යුතු වගේම දැරිය හැකි මිලකට ගත හැකි මට්ටමේ කාර් එකක අවශ්‍යතාවය හදුනා ගත් හෙන්රි ෆොඩ් II ( Henry Ford II ), "මස්ටන්ග් (Mustang)" රථය නිර්මානය කරනවා.
Left : Enzo Ferrari , then Henry Ford II
හෙන්රි ෆොඩ් දැනගෙන හිටියා කාර් රේස් දිනනව කියන්නේ තව තවත් කාර් විකුනගන්න පොට  පැදෙනවා කියලා. මේ නිසා තමයි 60 දශකයේ මුල් කාලේ ෆෙරාරි සමාගම මිලදි ගන්න සාකච්චා කරන්නේ. මේකට ෆොර්ඩ් සමගම දත කට මැදගෙන ඩොලර් මිලියන ගානක් වියදම් කරනවා, Ferrari සමාගමේ සියලු මුල්‍ය තත්වයක් වගේම වටිනාකම් පරික්ෂා කරන්න. ඉතින් ඔහොම එහාට මෙහට සාකච්චා කරලා අවසානේ ගිවිසුම් හදලා අත්සන් කරන්න තියෙද්දි එන්සො ෆෙරාරි (Enzo Ferrari) වැඩේට බැ කියනවා. සමහර තැන් වල දක්වන ආකාරයට එන්සො ෆෙරාරි තමන්ගේ රේස් තරග අංශය විකුනන්න අකමැති විම හෙතු වුනා කියලා කියනවා. එන්සො හිතන් හිටියේ සමාගමේ තිබුන අනෙත් දෙවල් ටික ෆොඩ් සමාගමට දිලා ෆෙරාරි රේස් අංශය වැඩි දියුණු කර ගන්නයි. ෆොර්ඩ් විසින් ෆෙරාරි සමාගම මිලදි ගැනිමේ මුලික පරමාර්ථය වුනේ රේස් කාර් අංශය (Racing division) තමන් යටතට ගන්න එක. මේ සිද්ධිය නිසා ෆොර්ඩ් සමාගමට මිලියන ගානක් පාඩු වෙනවා. එන්සො ෆෙරාරි ගිවිසුම විසි කරලා පිට වෙලා යනවත් එක්කම ෆොර්ඩ් හිතා ගන්නව කොහොම හරි යුරොපියානු තරගාවලියකදි  ෆෙරාරි කාර් එක පරද්දනවා කියලා. මේකට තොර ගන්නේ ලොකයේ වඩාත් පිලිගත් වගේම දුශ්කර තරගාවලියක් වුනු ප්‍රංශයේ 24 Hours of Le Mans තරගාවලියයි. ෆෙරාරිගේ කාර් වලට අභියොග කරන්න ෆොඩ් රේස් කාර් එකක් හදන්න ගන්නවා. එහෙම තමයි ෆොර්ඩ් GT40 කාර් එකේ ආරම්භය වෙන්නේ.
1963 -Lola MK6 GT
1963දි Eric Broadley, තමන්ගේ අලුත්ම ස්පොර්ට් රේස් කාර් එක Lola MK6, රේස් කාර් ප්‍රදර්ශනයකදි  හදුන්වා දෙනවා. මෙක දැකපු ෆොර්ඩ්, ෆොර්ඩ් වෙනුවෙන් රේස් කාර් එකක් හදන්න කැමති කර ගන්නවා. මේකේ මුලික පරමාර්ථය වුනේ අත් හදාබැලිම් කර කර කල් ගත කරමින් තමන්ම කාර් එකක් හදනවාට වඩා දන්න කියන වැඩ කාරයො ටිකක් සෙට් කරන් ඉක්මනින්ම කාර් එකක් නිශ්පාදනය කරන්නයි. මොකද ෆොර්ඩ්ට ඕනේ වෙලා තිබුනා එන්සො හට ඉක්මනින්ම පාඩමක් උගන්වන්න කරපු වැඩේට. ෆොර්ඩ් දැනන් හිටියා යුරොපිය කාර් එකක් යුරොපය තුලදි පරද්දන්න ඔනේ නම් යුරොපයේ ඉන්න වැඩ කාරයො ටිකක් එකතු කර ගන්න වෙනව කියලා. මෙයාල මේ වැඩේ බාර දෙන්නේ එංගලන්තයේ LOLA සමාගමටයි. ඒ කිවේ කලින් කියපු එරික් බ්‍රොඩ්ලිගේ Lola MK6 රේස් කාර් එක පදනම් කරගෙන තමයි කාර් එක හදන්න ගන්නේ. Lola MK 6 කියන්නේ මේ කාලය වෙනකොට නිශ්පාදනය කරපු වඩාත් දියුණුම වගේම ආකර්ශනිය රේස් මොටර් රථ වලින් එකක් වුනා. මෙයාල මේ වැඩේ කරන්න තොර ගන්නේ බටහිර ලන්ඩනයේ Slough Trading Estate කියන ස්ථානයයි.
1963 - Lola MK6 GT
මේ වැඩසටහන එයලා නම් කරන්නේ "Total Performance Program" කියන නමින්.ඒ වගේම මේකට ඩොලර් මිලියන ගානක් වියදම් කරනවා. LOLA MK6 ආකෘතිය පදනම් කරගෙන ෆොර්ඩ් V6 ලිටර් 4.2 (255cu.in) එන්ජිම ආකෘති සදහා මුලික වශයෙන්ද නිශ්පාදනය සදහා ලිටර්4.7 (289 cu.in) එන්ජිම Colatti gear box එකක්, double-wishbone suspension සහ අගල් 11.5 disc brakes,  අශ්වබල 350ක්, 7000 rpm සහිත වගේම කෙලින් පාරක 200km/h තරම් වේගයක් ලබාගැනිමේ හැකියව ඇති Ford GT කියන කාර් එක මුලින්ම නිර්මානය වෙනවා. හරියටම බැලුවොත් Lola-Ford Coupe කියන්න පුලුවන්. මුලදි මේක හදුන්වන්නේ ෆොර්ඩ් GT කියන නමින්. නමුත් කාර් එකෙ නිශ්පාදනය අවසන් වෙනකොට මේ කාර් එක Ford GT40 කියන නමින් හදුන්වන්න ගන්නවා. මෙකට හේතුවක් තමයි මේකේ උස අගල් 40ක් විම කියලත් කියන්න පුලුවන්.
Ford GT40 Mk1
මෙයලා හදපු පලමු කාර් එක 1964දි ෆොර්ඩ් GT40 MK I ලෙස නම් කෙරෙන අතර පලමුවෙන්ම රේස් තරගයකට ඉදිරිපත් කරන්නේ 1964 මැයි මාසයේ ජර්මනියේ Nurburgrag 1000km තරගාවලියටයි. Ford GT40 පලමු තරගාවලිය වු නිසාත් කාර් එක  නිකුක් කිරිම උත්සවාකාරයෙන් පැවැත්වුනු නමුත් ඒ කාලේ පත්තර , සගරා වලින් ලැබුනු ප්‍රතිචාර නම් ඉතා සෘණ මට්ටමක වුනා. එකට හේතු වුනේ තරගාවලියට ඇතුලත් කරපු GT40 කාර් දෙකම අනතුරු වලට ලක් වෙලා ඉවත් වෙන්න සිදුවුනා.එකට හේතු වුනේ රථයේ බදෙහි වායුගති අනුකුල නොවිම වගේම අධිබලැති එන්ජිමේ බලය සම්ප්‍රෙශණය කිරිමට තරම් හැකියවක් ගියර් බොක්ස් එක තුල නොවිම, සස්පෙන්ෂන් ගැටලු (suspension failure) යන ආදි කාරණා නිසයි. පසුව නැවත හැඩ නිරික්ශනය කිරිම් මගින් බොහො අඩු පාඩු හදාගන්න සමත් වෙනවා.

1964 Ford GT40 MK1 at Le Mans
පලමු පරාජයෙන් සති 3කට පසු ජුනි මාසයේ පැවතුනු ප්‍රංශයේ 24 hours of Le-Mans තරගාවලිය සදහා කාර් 3ක් ඉදිරිපත් වෙනවා. පලමු වට 2 යනකොටම හැමොටම බලාපොරොතුවක් දල්වමින් පැයට කිලොමිටර් 200 ක තරම් වේගයක් වාර්තා කරමින් ඉදිරියට ඇදුනත් කිසිදු කාර් එකක් තරගය අවසන් කරන්නට හැකි වන්නේ නැ. නැවතත් Nassau තරගාවලියට ඉදිරිපත් වුනත් උරුම වෙන්නේ පරාජය පමණයි.

වැඩේ ඇනුනා කියලා දැනගත්තු ෆොර්ඩ් GT40 වැඩසටහන Carroll Shelby ට බාර දෙනවා. ශෙල්බි කියන්නේ 1959දි ලෙ-මාන් තරගාවලිය ජය ගත්තු කෙනෙක්. එයා එකට පාවිච්චි කරන්නේ නම් ඇස්ටන් මාර්ටින් කාර් එකක් (Aston Martin DBR1) .ඒ වගේම ඔහුට වසර 5ක යුරොපියානු රේස් පථ වගේම කාර් ගැන හොද දැනුමක් තිබුනා. ෆොර්ඩ්ගේ අවසාන බලාපොරොත්තුව වුනේ ශෙල්බි කොහොම හරි වැඩේ ගොඩ දාවි කියලා. ශෙල්බි මුලින්ම Ford GT40 කාර් එකක් ගෙන්නගෙන බලනවා මොන වගේද කියලා. මෙයා තෙරුම් ගන්නවා කාර් එකේ හැම කොටසෙම අවුලක් තියෙනවා කියලා. ඉතින් මුලින්ම කරන්නේ කාර් එක පංචිකාවත්තට ගෙනාපු අලුත් කාර් එකක් වගේ කැලි කැලි වලට ගලවලා මුල ඉදන් පටන් ගන්නවා. අලුත් සස්පෙන්ෂන් ,  7.0-litre FE (427 ci) NASCAR එන්ජිම වගේම ගොඩක් ලෙඩ දුන්නු ෆෙරාරි වේග 5 ගියර් බොක්ස් එක වෙනුවට  Kar Kraft-built 4 speed ගියර් බොක්ස් එක මාරු කරනවා. මුල් ආකෘතියේ තිබුනු වායුධාරා ප්‍රතිරොදන හැඩය වෙනස් කරමින් එන්ජිම සිසිල් කරවන ආකාරයේ වෙනස් කම් කිහිපයක් බදට සිදු කරනවා.
Daytona Continental 2,000 km Race, Daytona, FL, 1965. Ken Miles/Lloyd Ruby in the winning Shelby Ford GT40
මේ ආකාරයට හදපු ෆොර්ඩ් GT40 MK2 කාර් එක මුලින්ම තරගාවලියකට යොමු කරන්නේ 1965 පෙබරවාරි මස පැවැත්වුනු ඇමරිකාවේ ෆොරිඩා වල Daytone 2000 තරගයටයි. කාර් 2ක් තරග වැදුනු මේ රේස් එක ජයග්‍රහණය කරන්නට හැකිවෙනවා. නමුත් ගියර් බොක්ස් එක තුල වුනු ගැටලුව විටෙන් විට මතු වුනා.   මෙම ජයග්‍රහණයෙන් පස්සේ ඉතාලියේ සිසිලි වල පැවතුනු Targa Florio ධාවන පථයේ පැවතුනු තරගාවලියේදි GT40 සතු වුනු ලිටර් 7ක දැවැන්ත එන්ජින් බලය සෘජු මාර්ගයේ වැඩි වාසියක් ලබාදුන්නද සැතපුම් 44ක වට 10කින් සමන්විත කදුකර වංගු සහිත මාර්ගයේ ෆෙරාරි  275 P2 කාර් එක ගමේ වරකා ගමේ කපුටන්ට කියන කියමන මතක් කරමින් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා.  ඉන්පසු තවත් තරගාවලි 2ක පරාජයන් අතර 1965 Le-Mans තරගාවලියද වුනා. මෙම තරග පරාජයන් වලට හෙතු වුනු වගේම ෆෙරාරි කාර් වල වාසිදායක වුනු වංගු සහිත මාර්ග වල හැසිරවිමෙ හැකියාව වැඩි කිරිමේ අරමුණින් GT40 MK2 රථය වැඩි දියුණු කරනවා. මෙහෙදි MK2 ආකෘතිය වෙනස් නොකර 427 cu.in, Nascar, 460hp බලයකින් යුත් එන්ජිමත් සහ ශෙල්බි විසින් වැඩි දියුනු කරන ලද බ්‍රේක් පද්ධතියකින් සමන්විත වෙනවා.

Ford GT 40 Mk2, 1966
 මෙම වැඩි දියුනු කරන ලද MK2 රථය 1966දි නැවත ලෙමාන් තරගාවලියට ඇතුලත් කරනවා. මේ සදහා Ford GT40 රථ 6ක් ඉදිරිපත් වන අතර ඉන් 3ක් ශෙල්බි වැඩිදියුණු කරපු කාර් වුනා. තව 2ක් Holmen and Moody Co. සහ තව රථයක් Alen Mann Racing  ඉදිරිපත් කරන ලදි. 1966දි පැවතුනු මේම රේස් තරගය සුවිශේෂි වන තවත් කාරණාවක් නම් ඒ සදහා හෙන්රි ෆොර්ඩ් හට තරග ආරම්භකයා ලෙස ආරාධනා කර තිබිමයි. මේ නිසාම තරගය දිනාගැනිමේ සිතුවිල්ලද ඔහු තුල පැවතින්නට ඇත.

කෙසේ වෙතත් GT40 වෙත සුබ පතමින් ඇරඹි ලෙ-මාන් තරගාවලිය පසුදින පාන්දර 5 පමණ වන විට කාර් 55කින් 15ක් පමණක් ධාවනයේ යෙදුනේ තරගයේ පැවති දුශ්කරභාවය මතු කරමිනි. මේ අතරින් කාර් 3ක්ම ෆොර්ඩ් GT40 රථ වුනා වගේම අනෙක් 2, ෆෙරාරි 330 P3 වුනා.ෆෙරාරි රථ, ෆොර්ඩ් GT40 වලට ඉතා හොද තරගයක් ලබාදෙන්නට අවසානය දක්වා උත්සාහ කල නමුත් ෆෙරාරි එන්ජින් වල පැවතුනු ගැටලු කාරි තත්ව බාධා ඇති කලා. අවසානය වන විට GT40 රථ 3ක් ඉදිරියෙන් පැවතුනා. ජයග්‍රහණය තමන් සතු බව දැනගත් හෙන්රි රථ 3ම එකට තරග නිමා කරන ලෙස උපදෙස් දුන්නේ  එක පෙලට අවසන් කිරිම මගින් ෆොර්ඩ් සතු ජයග්‍රහණය විදහා දැක්විමටයි. වේගය අඩු කරමින් එක පෙලට පලමු, දෙවන හා තුන්වන ලෙස තරග අවසන් කලේ තරග නැරඹිම සදහා පැමිණ සිටි සියලු දෙනාගේ ජය ඝොෂා මැද්දේය.

Ford's 1-2-3 finish in 1966 was America's first win at LeMans.
1966 LeMans24 with a 1-2-3 finish
වසර ගණනාවක් තිස්සේ පරාජයන් හමුවේ නොසැලි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා සැබැ කරගත් ෆොර්ඩ් ඒ ජයග්‍රහණය නැවත තහවුරු කරගැනිමේ අරමුණින් MK4 කාර් එක හදන්න පටන් ගන්නවා. ( MK3 කියන්නේ රේස් කාර් නොවන නිසා වැඩි විස්තර කතා කරන්නෙ නැ. ඒ වුනත් මෙවා 7ක් විතරයි හදන්නේ.) ඒකට හේතු වුනේ වසර ගණනාවක් රේස් ලොව රජ කර ෆෙරාරි නැවතත් දිනුවොත් තමන් ලබාගත් ජයග්‍රහණය අපතේ යන නිසාවෙනි. ඒ නිසා පලමු ජයග්‍රහණයේ මාස කිහිපයක් ඇතුලත Ford GT40 MK4 ආකෘතිය හදන්න පටන් ගන්නවා. මේ අතර ඉතා අවසනාවන්ත සිදුවිමක් වෙනවා. ඒ තමයි ෆොර්ඩ්ගේ සිහිනය සැබැ කරමින් ජයග්‍රහණය ලබාදුන් රේස් කාර් ධාවක Ken Miles , 1966දි MK4 ආකෘතිය පරික්ෂණ තරගයක් අතරතුර සිදු වු අනතුරකින් මිය යාමයි. මේ නිසා මේ වැඩසටහන ටික කාලයකට නතරකර දමනවා.

GT40 MK4 රථය, MK2 රථයේ වැඩි දියුණු කිරිමක් වුනා. බද හැඩය තවදුරටත් හැඩ කල අතර ලිටර් 7ක එන්ජිමක්, සස්පෙන්ෂන්, බ්‍රේක් පද්ධති වැඩිදියුණු කිරිම , විශාල රොද සහ වඩා විශාල බ්‍රේක් ඩිස්ක්  සහිත වුනා. මේ කාර් එකේ තවත් විශේෂත්වයක් වුනේ කාර් එකේ වහලය (roof) මත ආසන වලට ඉහලින් බුබුලු 2ක හැඩයකින් යුත්ත විමයි. මේකට හේතු වුනේ මේ කාර් එක ධාවනය කරපු Dan Gurney අඩි 6ක් තරම් උස ක්‍රිඩකයෙක් නිසා ඇතුලත ඉඩ මදි විමයි. එයාට හිස් වැසුම සමග පහසුවෙන් ධාවනය කරන්න පුලුවන් වෙන්න වහලයේ බුබුලක හැඩයක් නිර්මාණය කරනවා. මේ නිසාම ඒක Gurney bubble කියලා හදුන්වනවා.

Le Mans Ford GT40 Mk IV, 1967
1967දි නැවතත් ජයග්‍රාහි මානසිකත්වයෙන් ලේමාන් තරගයට පිවිසි ෆොර්ඩ් GT40 MK2 රථයක් හා MK4 රථ 2කින් සමන්විත වුනා. තරගය ආරම්භයත් සමගම ෆෙරාරි 330 P4 වේගවත්ම වට කාලය වාර්තා කරන්න සමත් වුනත් පැය 9ක් පමණක් අවසානයට ඉතිරිව ඇති විට ෆොර්ඩ් රථ  පෙරමුණ ගන්නට සමත් වෙනවා. මේ අතරින් එක් කාර් එකක් පාලනයෙන් තොර විම නිසා අනතුරකට පත් වෙනවා. තරගය අවසානය වන විට පෙරමුණ සිටි ෆොර්ඩ් රථය වෙත ෆෙරාරි 330 P4 රථ වලින් දැඩි පිඩනයක් ලබාදෙනවා. කෙසේ වෙතත් අවසානයේ නැවතත් ෆොර්ඩ් GT40 MK4, තම ජයග්‍රහනය තහවුරු කරන්නට සමත් වෙනවා.

Ford GT40 MK4 in Le Mans 1967
24 Hours of Le Mans, Le Mans, France, 1967. Carroll Shelby with the race winning Ford Mark IV.
GT40 MK4 රථය පලමු තැනද ෆෙරාරි 330 P4 රථය දෙවන , තුන්වන තැන්ද වාර්තා කරනවා. මෙම සිදුවිම යුරොපිය රේස් කාර් ලොකය තුල ඇමරිකානු කාර් එකකට වුනත් ජයග්‍රහණය කරන්න පුලුවන් කියන එක සනාථ කරන්න සමත් වෙනවා  වගේම ෆෙරාරි ආධිපත්‍ය නැති කර දමන්න සමත් වෙනවා. මෙම ජයග්‍රණ වලින් පස්සේ ලෙමාන් තරගාවලියේ නිති රිති වෙනස්කම් කිහිපයක් සිදු කරනවා. ඒ ලිටර් 5ට වැඩි එන්ජින් සහිත රථ තරගයේන් ඉවත් විමට සිදු වෙනවා. ඒ කියන්නෙ කලින් තරග දිනපු MK2, MK4 රථ ඇතුලත් වෙන්නෙ නැ. මේ නිසා 1968 සහ 1969 යන වසර වලිදි තරගයට එකතු වෙන්නේ MK1 රථ. නමුත් සාර්ථක ලෙස තරග ජයග්‍රහණය කරන්නට හැකි වෙනවා.

1968 - GT40s in Le Mans
The 1969 finish was much more exciting with Jackie Ickx winning over a
 Porsche 908 coupe by not much after 24 hours
එදා එන්සො තමන්ගේ රේස් කාර් අංශය විකුණන්න කැමති වුනා නම් අද අපිට GT40 කියන යුරොපියානු රෙස් ලොව හොල්ලපු ඇමරිකානු දැවැන්තයා බිහි නොවෙන්න තිබුනා. එහෙම බිහිවුනු GT40 රේස් ලොකයේ සුවිශේෂි ස්ථානයක් ගන්නවා. තවත් කාර් ලොකයේ සුවිශේෂි සිදුවිමක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.

Ford-Ferrari Exhibition at Le Mans 
ඔයාලගේ අදහස් / යොජනා කියලා යන්නත් අමතක කරන්න එපා. 👋👋👋👋 අපේ "Auto World - වාහන ලොකය" ෆෙස්බූක් පිටුවට පිවිසිමට Click Here😃 

ටොයොටා කොරොල්ලා එකේ කතාව කියවපු නැති අය මේ (Click Here) ලින්ක් එකේන් ගිහින් බලන්න.




3 comments:

  1. Nice content bro. You should drive one ;-)

    ReplyDelete
  2. Merkur 15c Safety Razor - Barber Pole - Deccasino
    Merkur 15C Safety Razor - Merkur - 15C for Barber deccasino Pole jancasino.com is the goyangfc perfect introduction febcasino.com to the https://sol.edu.kg/ Merkur Safety Razor.

    ReplyDelete