Wednesday, July 26, 2017

මොටර් රථයේ ගමන්මග : 3 කොටස

විදුලියෙන් දුවන කාර් එහෙමත් නැත්නම් විදුලි මොටර් රථ (Electric Motor cars) කියන සංකල්පය ගොඩක් අය ලගදි ආපු දෙයක් කියලා හිතුවට මෙකත් 18 වන් ශතවර්ෂය දක්වා දිවෙන කතාවක්. මුල් කාලයේ නැවත ආරොපණය කල හැකි බැටරි තිබුනේ නැති නිසා ප්‍රාථමික ගණයේ බැටරි (non-rechargeable primary cells) යොදාගෙන තමයි කාර් හදන්න පටන් අරන් තියෙන්නේ.  මෙසේ ආරම්භ වුනු විදුලි මොටර් රථ වලට නව ජීවයක් ලබාදෙන්න ප්‍රංශ  ජාතික ගැස්ටන් ප්ලෙන්ටේ (Gaston Planté) සමත් වෙනවා. ඒ 1859දි ලෙඩ් ඇසිඩ් බැටරිය (The lead-acid battery) සොයාගැනිමෙන්. පසුකාලිනව නැවත ආරොපණය කල හැකි බැටරි ( rechargeable electric battery)  ලෙස භාවිත කරන්නේ මේ සොයා ගැනිමයි.  මෙතනින් නොනැවතුනු එතුමා 1865දි ආරොපණය කල හැකි බැටරියක ආධාරයෙන් පමණක් දුවන කාර් එකක් හදනවා. පසු කාලිනව මේ බැටරිය වැඩි දියුණු කරලා 1881දි කැමිල් ෆොර් (Camille Alphonse Faure) වැඩි කාලයක් වැඩි වේගයෙන් ගමන් කරවන්න පුලුවන් රථයක් නිර්මාණය කරනවා.

Riker treasure bus                                                                   Riker tricycle 

මේ අතර ඇමරිකාවේ එ.ඇල්. රිකර් (A.L. Riker) සහ විලියම් මොරිසන් දෙන්නා එකතු වෙලා 1900 විතර කාලේ හය දෙනෙකුට යන්න පුලුවන් විදුලි කාර් හදලා තියෙනවා. මුලින්ම හදලා තියෙන්නේ රොද 3ක් තියෙන එකක්. මෙවා වල වැඩි දෙනෙකුට යන්න පුලුවන් විදියට නිර්මාණය කරපු නිසා කුලි රථ ලෙසද යොදා ගෙන තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

ප්‍රංශය ගැන කතා කරද්දි තව දෙයක් තමයි සම්පුර්ණ කාර් එකක් හදපු එක ගැන. ඒ කියන්නේ කැලි කැලි වෙන වෙනම හදලා එකතු කරනවා වෙනුවට එක සැරේ හදන ක්‍රමවේදයක් 1889දි පැන්හාර්ඩ් (Panhard) සහ ලැවාසොර් කියන වාහන හදපු කොම්පැනි වලින්  හදුන්වා දෙනවා. ඊට පස්සේ 1891දි පර්ජො (Armand Peugeot) එකතු වෙලා සියලුම කොටස් එක තැනකදි හදලා සම්පුර්ණ කාර් එකක් හදනවා. පැන්හාර්ඩ් (René Panhard) ගැන කතා කරද්දි අලුත් කාර් වලට සමාන විදියේ ක්ලච් එක පාගලා ගියර් දාන ක්‍රමයත් පසුපස රොද වලින් බල්ය සපයන  විදියට කාර් එකක් හැදුවේ.ඒ ව්තරක් නෙමෙයි වාහනයක ඉදිරිපස කොටසට එන්ජිම සවිකිරිමේ ක්‍රමය පටන් ගන්න මුලික වෙලා තියෙන්නෙත් මෙතුමාම තමයි.

මේ කාලෙ සිදු වු තවත් වැදගත් සිදු විමක් නම් ඩිසල් එන්ජිම හොයා ගැනිම. එක වෙන්නෙ රුඩොල්ෆ් ඩිසල් (Rudolf Diesel) 1896දි වැඩි දියුණු කල පෙට්‍රොල් එන්ජිමක් හදනවා. මේක පෙට්‍රොල් හා ඩිසල් 2න්ම වැඩ කරන්න පුලුවන් වෙනවා.ඒ එන්ජිම දියුණු කරලා තමයි අද පවතින ඩිසල් එන්ජිම හදලා තියෙන්නේ
Diesel’s third test engine used in the successful 1897 acceptance test

මේ අතර ඇමරිකාව ගැන කතා කරද්දි පලමු ලිපියෙන් යන්තන් ලියවුනු ජොර්ජ් සෙල්ඩන් ගැන කිව යුතුයි. 1895දි මෙතුමා හදපු රථයට පෙටන්ට් බලපත්‍රයක් හිමි විමත් සමග ඇමරිකාවේ හැම වාහන නිෂ්පාදකයෙකුම පෙටන්ට් එකට ගෙවන්න වුනා. මේ නිසා සෙල්ඩන් නිකන්ම සල්ලි කාරයෙක් උනා.මේ වැඩෙට විරුද්දව ෆොර්ඩ් (Henry ford) දාපු නඩුවෙන් සෙල්ඩන් පරාද වෙනවා. ෆොර්ඩ් ගැන කතා කරද්දි මුලින්ම 1896දි ක්වාඩ්‍රයිසිකල් (Ford Quadricycle) කියලා වාහනයක් හදනවා.රොද 4 වාහනයක් වුනු මෙකට 1893දි ෆොර්ඩ් හදපු එන්ජිමක් තමය් භාවිත කරලා තියෙන්නේ... මෙක ඩොලර් 200ක් තරම් අඩු මුදලකට විකුණලා තමයි කාර් හදන්න පටන් අර ගන්නේ

Ford Quadricycle

මෙහෙම කාර් හදන්න පටන් ගත්තු ෆොර්ඩ් ගැන පැති කිහිපයක් ඔස්සේ කතා කරන්න පුලුවන්. එතුමා නිර්මාණය කරපු මොඩල්-ටි (Model-T) වාහනය මිනිස්සු අතර වාහන කියන එක විලාසිතාවක් බවට පත් කරන්න සමත් වුනා. 1908 ඔක්තොම්බර් පලමුවෙනිදා හදුන්වා දුන් මේ මොඩල්-ටි කියන කාර් එක සිලින්ඩර් 4ක් සහිත අශ්වබල 20ක එන්ජිමකින් සමන්විත වුනා වගේම ඉදිරියට ගියර් 2ක් හා පිටුපසට ගියරයකින් සමන්විත වුනා.  ඩොලර් 825-850ත් අතර මුදලකට විකුණුනු මේ රථය මුලින් රතු, කොල හා ලානිල් යන පාට වලින් විතරක් ආවත් පසු කලෙක සැම පාටකින්ම වගේ ඇවිත් තියෙනවා.  හදුවාදුන් මුල් මාස තුනේ කාර් 6000 ක්ද ගත වු මුල් වසරක කාලය තුල කාර් 10000ක් විකුණන්න පුලුවන් වෙලා තියෙන්නේ ගැලුමකට සැතපුම් 30ක තරම් දුරක් යන්න පුලුවන් ලාභ දායක වාහනයක් වුන නිසයි. මේ හේතුව නිසා කලින් හද හද හිටපු A,B,C,F,K,N,S  ඔක්කොම වාහන නවත්තලා මොඩල් ටි හදන්න පටන් අරන් තියේනවා. අලවියෙන් පසු ෆොඩ් සමාගම ලබාදුන් සේවය නිසා වසර 19ක් පුරා කාර් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා.
Ford Model T - 1908

මේ කාලයේ ශිත කාලගුණය එක්ක වාහන වල එන්ජිම සිසිලනය සදහා යොදාගත් ජලය මිදිම වලක්වාලිමට වායු යොදාගැනිමේ ක්‍රමයක් සොයා ගත්තා. ඒ වගේම 1908දි හැරල්ඩ් විල්ස් වැනිඩියම් යකඩ සොයා ගැනිමත් සමග ෆොඩ් තමන්ගේ මොටර් රථ වලට මේ යකඩ භාවිත කරලා තියෙනවා.

මේ කාලය වෙන විට මොටර් රථ වගේම ඒවයේ කොටස් වැඩි දියුණු කරන්න විවිඩ සොයාගැනිම් කරලා තියෙනවා. මේ කාලය වන විට වාහන ස්ටාර්ට් කරන ක්‍රමයක් ( electrical starting motor) චාර්ල් ෆ්‍රැන්ක් කෙටරින්ග්  (Charles Franklin Kettering) හදුන්වා දෙනවා. ඊට අමතරව එතිල් ඉන්ධනත් සොයා ගැනිම වැදගත් වෙනවා. ෆයර්ස්ටොන් (Firestone Tire and Rubber Company) ,ගුඩ්රිච් (BFGoodrich) සහ ජෙනරල් (General Tire) අතරේ ටයරය දියුණු කිරිමට තනි අයිතිය ලබාගන්න හැදුවත් සාර්ථක වෙන්නෙ නැ. ඒ වගේම වාහනයක අත්‍යාවශ්‍ය දෙයක් වෙන තිරිංග සොයා ගන්නෙත් මේ කාලෙදිමයි. ඒ හර්බට් ෆෲඩ් (Herbert Frood) විසින් රිම් එකට තද වෙන ආකාරයට බයිසිකල් වල ආකාරයේ තිරිංග තමයි හදලා තියෙන්නේ. පසුපස රොද වල රිම් එකට සවි කල ලි හො යකඩ තැටියකට සවිකරලා තමයි තිරිංග ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

මේ ආකාරයට තිරිංග, ටයර් දියුණු වුනු මොටර් රථ වගේම ෆොඩ් මොඩල් ටි ඉදිරිපියවර සමග තවත් ලිපියකින් හමුවෙමු. අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )




2 comments:

  1. Replies
    1. හැමදාම කොටසක් ලියලා දාන්නම්කො

      Delete