Monday, October 9, 2017

Godzilla Return - Nissan GT-R



අද අපි කතා කරන්න යන්නේ Godzilla: King of the Monsters(film 2019) ගැන නෙමෙයි වුනට කියපු ගමන් ඒ වගේ ෆිලිං එකක් එන කාර් එකක් ගැනයි. 2002දි Fast and Furious 2 ( 2 fast 2 furious film) එක නිසා ජනප්‍රියත්වයට පත්වුනු Skyline GT-R එකෙ නැවත පිබිදිම හෙවත් ගොස්සිලා රිටං ගැනයි. මෙයා තමයි නිසාන් GT-R. ඇත්තටම ගොස්සිලා කියන නම පටබැදෙන්නට හේතු වුනේ 90 දශකයේ ආපු Skyline GT-R තුල තිබුනු විස්වාසකල නොහැකි මට්ටමේ වේගය වගේම ස්පොර්ට් කාර් එකක වගේ හැසිරවිමේ හැකියාව නිසා කිවොත් නිවරදියි. ඒ වගේම මෙම එන්ජින් වැඩි දියුණු කිරිම් මගින් දෙගුණයක බලයක් ලබාගැනිමට හැකිවුනා. නමුත් 2000ට කලින් GT-R කියන්නේ මොකද්ද කියලා දැන සිටි පිරිස නම් ඉතා අඩුයි.

Porl Warker with Nissan Skyline GT-R
1999දි රෙනොල්ට් (Renault)  සමාගම විසින් නිසාන් සමාගමේ කොටස් 36.8%ක් මිලදි ගැනිමත් එක්කම නිසාන් සමාගමේ Chief Operating Officer (COO) බවට පත් වෙන කාලොස් ගොස්න් (Carlos Ghosn) , නිසාන් සමාගම ඒ වන විට ඩොලර් බිලියන 20ක පමණ ණය බරින් ගිලෙමින් සිටියෙදි එකෙන් බේරගෙන ඩොලර් බිලියන 2.3ක ලාභ ලබන තත්වයට පත් කරන්න සමත් වෙනවා. මේ සදහා නිසාන් සමාගමේ plant 5ක් සම්පුර්ණයෙන් වසා දැමිමටත් ඉහල නිලධාරින් ඇතුලුව විශාල ප්‍රමාණයේ සේවක කප්පාදුවක් කරන්නට සිදු වෙනවා. කොහොම උනත් නිසාන් සමාගමේ නාමය නැවත ගොඩ දාන්න නම් පෙරලියක් කරන්න අවශ්‍ය බව කාලොස් දැන සිටියා. මේ නිසා තමයි GT-R ව්‍යාපෘතිය නැවත පටන් ගන්නට ඔහු තිරණය කරන්නේ. ඒ වෙද්දි ඔහු නිසාන් සමාගමේ Chief Executive Officer (CEO). ඔහුට ඔනේ වෙනවා යුරොපියන් Super කාර් වලින් වෙනස් ජපානයෙන් ශෛලීයෙන් යුතු super කාර් එකක් හදන්න. ඒක Skyline GT-R එකක් නම් නෙමෙයි. ඒ තමයි නිසාන් GT-R.

Nissan GT-R launch with Carlos Ghosn
Skyline නාමය අත්හැරලා අලුත්ම කාර් එකක් නිශ්පාදනයට සැලසුම් දියත් කරනවා. ව්‍යාපෘතියෙන් ඉහල අධ්‍යක්ෂකවරු පෙන්වා දෙනවා අලුත්ම වේදිකාවක් මත කාර් එකක් නිර්මාණය කරන්න වසර 4-5ක් ගත වන බව. කාලොස්ට වඩා වැදගත් වුනේ, නිසාන් GT-R එක ගොලිය මට්ටමේ මිලෙන් අඩු, සුපිරි කාර් එකක් නිර්මාණය විය යුතු බව. ඔහු එකම ඉල්ලිම වුනේ GT-R එක මෙතෙක් කල් රැකගෙන ආපු පිටුපස විශාල ලයිට් දෙක, එහෙමත් නැත්නම් Godzilla eye වෙනස් නොකර යුතු බව පමණයි.

Generations of Godzilla eye
නිසාන් GT-R එකේ මුලික සංකල්පය වුනේ දොර 2, ආසන 4 (2-door 2+2), big boot space වගේම 300km/h වඩා වැඩි වේගයක් වගේම GT-R උරුමය බදු පිටුපස රවුම් ලොකු ලයිට් 2 තමයි. මේ සංකල්ප මත ලොව පුරා නිසාන් වාහන නිර්මාණය කරුවක් විසින් එවපු කාර් අතරින් අවසාන 50න් එක් කාර් එකක් කෙරෙහි නිසාන් සමාගමේ මොටර් රථ ඉන්ජිනේරු ප්‍රධානියා Kazutoshi Mizuno ගේ අවදානය යොමු වෙනවා. ඒ සුපර් කාර් වල තියෙන මටසිලුටු වක්‍රාකාර හැඩයෙන් මිදි පෙට්ටියක හැඩති කාර් එකක් වුනා. ඇත්තටම මේක ජපානයේ Gundam robot ජපන් ශෛලීයෙන් යුතු වෙනවා. Mizuno කියන්නේ GT-R වල ගොඩ් ෆාදර් වගේ කෙනෙක්.එතුමා විශ්වාස කලා සුපර් කාර් කියන දේ සිමිත සමාජ මට්ටමක විශේෂ ධාවන හැකියාවෙන් යුතු අයට සිමා නොවි ඕනැම පාරක ඕනැම අයෙකුට පහසුවෙන් හැසිරවිය යුතු බවත් මේවා අතින්ම හදන්න අවශ්‍ය නොවන බවත්.

Nissan GT-R with Kazutoshi Mizuno 
මේ වැඩේට නිසාන් සමාගම Porsche 911 Turbo S එකක් ගන්නේ මිනුම් දන්ඩක් විදියට. ඔවුන්ට ඔනේ උනා නිසාන් GT-R එක 911 ට වඩා උසස් තත්වයෙන් වගේම 911 හදපු ජර්මනියේ nurburgring රේස් පථයේදි 911 එක පරද්දන්න. එහෙම හිතාගෙන තමයි කාර් එක හදන්නට පටන් ගන්නේ. නිසාන් GT-R එකෙ වියදම් අඩු කර ගන්න බොඩිය සම්පුර්ණයෙන් නිශ්පාදනය කරන්නේ රොබොලා 341 ක් ආධාරයෙන් නිසාන් සමාගමේ අනෙක් වාහන නිශ්පාදනය වෙන කර්මාන්ත ශාලාව තුල තවත් එක් production line එකක් ලෙසයි. මේ කාර් එක සම්පුර්ණයෙක් හැදිලා අවසන් වෙන්න පැය 60ක් තරම් කාලයක් ගත වෙනවා. ඒ කොහොම වෙතත් GT-R එකෙ එන්ජිම සම්පුර්ණයෙක් හදන්නෙ විශෙෂ පුහුණුවක් ලබා ගත් සේවකයන්ගේ අතින්.  මෙම V6 එන්ජිම මුල ඉදන් අග වෙනකන් එකලස් කරන්නේ එකම පුද්ගලයෙක් විසින්. මේ නිසාම එක් එක් එන්ජිම සතු බලය සුලු වශයෙන් වෙනස් වෙනවා. ඒ සියලු පරික්ශන 38ක තොරතුරු අනාගත අයිතිකරුට පමණක් භාර දෙනවා.

කලින් සදහන් කල ආකාරයට GT-R එකේ තිබුනු බොක්සි හැඩය නිසාම වායුගතිකය (aerodynamics) මතභේදයකට ලක්වුනා. මේ ගැන පරික්ශා කිරිමෙදි සාමාන්‍යයෙන් මෙක මනින්නෙ CD අංකයෙන්. සාමන්‍ය ලෙලන්ඩ් බස් එකක වගේ නම් මේ අගය 0.9ක් තරම් වෙනවා. සාමන්‍ය සෙඩාන් කාර් එකක මෙ අගය 0.35ක් තරම් වෙනවා. නමුත් මේ සිය්ල්ල අතරින් CD අගය 0.26ක් ලබා ගනිමින් අඩුම අගයෙන් යුතු කාර් අතරට එකතු වෙන්න සමත් වෙනවා වගේම බින්දුවේ ඉදලා පැයට කිලොමිටර් 100ක වේගයක් තප්පර 2.8කින් ලබාගන්නට සමත් වෙනවා. මේ තුලින් නිසාන් සමාගම ඔප්පු කරලා පෙන්නුවා බොක්සි හැඩක් තියෙන එක සුපර් කාර් එකකට ගැටලුවක් නොවන බව වගේම සැම වර්ශයකම ඔවුන් එහි හැඩය රදවා ගනිමින් වැඩි දියුණු කිරිම් කරනවා.


ඒ වගේම මෙකේ ගියර් බොක්ස් එකෙ පිහිටිමත් විශේෂ වෙනවා. කාර් එකේ බර සමතුලිත කිරිම තුලින් ඉහල හැසිරවිමේ හැකියාවක් ලබා ගැනිමට මෙක පිහිටලා තියෙන්නෙ පිටුපස රොද අතරයි. කලින් තිබුන වගේ මැනුවල් සම්ප්‍රේෂණයක් නම් අලුත් GT-R එකේ නැ. ඒ වෙනුවට මෙකට එන්නේ වේග 6 ස්වයංක්‍රිය වේග සම්ප්‍රෙශනයක් වගේම එහි ඇති විශෙෂත්වය නම්  dual clutch semi-automatic transmission. ඒ කියන්නේ ඔත්තේ ඉලක්කමක ගියරයක් පවතින විට ස්වයංක්‍රියව ඉලග ඉරට්ටේ සංඛ්‍යාවේ ගියරය සැකසි පවතිනවා. මේ නිසා තප්පර 0.2කට අඩු කාලයකින් ගියර් මාරු කරන්න හැකියාව ලැබෙනවා.

Engine and transmission diagram
මෙහෙම නිශ්පාදනය වුනු නිසාන් GT-R එක 2007 දි වෙලද පොලට නිකුත් කරන්නේ එතෙක් පැවති සුපර් කාර් සියල්ලටම වඩා අඩුම මිලකටයි. එනම් ඩොලර් 100,000කයි. මේ නිසාම මේ කාර් එක සිඝ්‍රයෙන් ගොලිය වශයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා.  සාරංශයක් වශයෙන් බැලුවොත් Nissan GT-R බලශක්තිය VR38DETT V6 එන්ජිම සමන්විත වන අතර එය 3,799 cc (3.8 L, 231.8 cu) DOHC V6 වන අතර විශාල ටර්බො චාජර් 2කින් සමන්විත වෙනවා. 2007 හා 2010 අතර නිෂ්පාදනය කරන ලද ආකෘති එන්ජින් ප්‍රතිදානය 485 PS(357 kW; 478 hp) 6400 rpm සහ 434 lb · ft (588 Nm) දී 3200-5200 rpm. dual clutch semi-automatic transmission, වේග 6 සම්ප්රේෂණයකින් යුත්  ATTESA E-TS පද්ධතිය සමග සියලු රෝද හතරට බලය ලබා දීම සහ Nissan's Vehicle Dynamics Control (VDC- R) ස්ථාවරත්වය  වගේම විවිධ කොන්දේසි සඳහා මාරු කළ හැකි shift modes 3ක් ද පවති.


Nissan GT-R Nismo 2017

Nissan GT-R Nismo 2017
ඩොලර් බිලියන ගානක් පාඩු විදිමින් සිටි කාර් සමාගමක් මේ වගේ දෙයක් කරවි කියලා කවුරුවත් බලාපොරොත්තු වුනේ නැ. එත් කාලොස් එක කලා. ඔහු මිලියන ගානක් වියදම් කරලා කරපු ව්‍යාතෘතියේ ප්‍රතිපලය තමයි ලොකයේ වේගවත්ම සුපර් කාර් නිෂ්පාදන අතරින් එකක් විම වගේම මිලෙන් අඩු විම. තවද ඉහල එන්ජින් වැඩිදියුණු කිරිමට හැකිවිමට සලකන්න පුලුවන්. වචනයෙ සමාප්ත අර්ථයෙන්ම Nissan GT-R (Gran Turismo Racer) ගොස්සිලා වගේ කාර් එකක්.

පොල් වොකර් fast and furious 1න් පස්සේ පැනලා යද්දි නිසාන් ස්කයිලයින් GT-R එකක් ගන්නේ කොහොමද කියලා බලපු නැති අය මෙතන ලින්ක් එකෙන් ගිහින් බලන්න.(Click here). තවත් කාර් ලොකයේ සුපිරි වාහන ගැන ඔයාල දන්න නොදන්න කරුණු අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. facebook පේජ් එකට Like, Comment , ඔයාලගේ අදහස් / යොජනා කියලා යන්නත් අමතක කරන්න එපා. 👋👋👋👋 අපේ "Auto World - වාහන ලොකය" ෆෙස්බූක් පිටුවට පිවිසිමට Click Here😃

-----------------------------------   T     H      E           E     N      D  -------------------------------------------