Monday, October 9, 2017

Godzilla Return - Nissan GT-R



අද අපි කතා කරන්න යන්නේ Godzilla: King of the Monsters(film 2019) ගැන නෙමෙයි වුනට කියපු ගමන් ඒ වගේ ෆිලිං එකක් එන කාර් එකක් ගැනයි. 2002දි Fast and Furious 2 ( 2 fast 2 furious film) එක නිසා ජනප්‍රියත්වයට පත්වුනු Skyline GT-R එකෙ නැවත පිබිදිම හෙවත් ගොස්සිලා රිටං ගැනයි. මෙයා තමයි නිසාන් GT-R. ඇත්තටම ගොස්සිලා කියන නම පටබැදෙන්නට හේතු වුනේ 90 දශකයේ ආපු Skyline GT-R තුල තිබුනු විස්වාසකල නොහැකි මට්ටමේ වේගය වගේම ස්පොර්ට් කාර් එකක වගේ හැසිරවිමේ හැකියාව නිසා කිවොත් නිවරදියි. ඒ වගේම මෙම එන්ජින් වැඩි දියුණු කිරිම් මගින් දෙගුණයක බලයක් ලබාගැනිමට හැකිවුනා. නමුත් 2000ට කලින් GT-R කියන්නේ මොකද්ද කියලා දැන සිටි පිරිස නම් ඉතා අඩුයි.

Porl Warker with Nissan Skyline GT-R
1999දි රෙනොල්ට් (Renault)  සමාගම විසින් නිසාන් සමාගමේ කොටස් 36.8%ක් මිලදි ගැනිමත් එක්කම නිසාන් සමාගමේ Chief Operating Officer (COO) බවට පත් වෙන කාලොස් ගොස්න් (Carlos Ghosn) , නිසාන් සමාගම ඒ වන විට ඩොලර් බිලියන 20ක පමණ ණය බරින් ගිලෙමින් සිටියෙදි එකෙන් බේරගෙන ඩොලර් බිලියන 2.3ක ලාභ ලබන තත්වයට පත් කරන්න සමත් වෙනවා. මේ සදහා නිසාන් සමාගමේ plant 5ක් සම්පුර්ණයෙන් වසා දැමිමටත් ඉහල නිලධාරින් ඇතුලුව විශාල ප්‍රමාණයේ සේවක කප්පාදුවක් කරන්නට සිදු වෙනවා. කොහොම උනත් නිසාන් සමාගමේ නාමය නැවත ගොඩ දාන්න නම් පෙරලියක් කරන්න අවශ්‍ය බව කාලොස් දැන සිටියා. මේ නිසා තමයි GT-R ව්‍යාපෘතිය නැවත පටන් ගන්නට ඔහු තිරණය කරන්නේ. ඒ වෙද්දි ඔහු නිසාන් සමාගමේ Chief Executive Officer (CEO). ඔහුට ඔනේ වෙනවා යුරොපියන් Super කාර් වලින් වෙනස් ජපානයෙන් ශෛලීයෙන් යුතු super කාර් එකක් හදන්න. ඒක Skyline GT-R එකක් නම් නෙමෙයි. ඒ තමයි නිසාන් GT-R.

Nissan GT-R launch with Carlos Ghosn
Skyline නාමය අත්හැරලා අලුත්ම කාර් එකක් නිශ්පාදනයට සැලසුම් දියත් කරනවා. ව්‍යාපෘතියෙන් ඉහල අධ්‍යක්ෂකවරු පෙන්වා දෙනවා අලුත්ම වේදිකාවක් මත කාර් එකක් නිර්මාණය කරන්න වසර 4-5ක් ගත වන බව. කාලොස්ට වඩා වැදගත් වුනේ, නිසාන් GT-R එක ගොලිය මට්ටමේ මිලෙන් අඩු, සුපිරි කාර් එකක් නිර්මාණය විය යුතු බව. ඔහු එකම ඉල්ලිම වුනේ GT-R එක මෙතෙක් කල් රැකගෙන ආපු පිටුපස විශාල ලයිට් දෙක, එහෙමත් නැත්නම් Godzilla eye වෙනස් නොකර යුතු බව පමණයි.

Generations of Godzilla eye
නිසාන් GT-R එකේ මුලික සංකල්පය වුනේ දොර 2, ආසන 4 (2-door 2+2), big boot space වගේම 300km/h වඩා වැඩි වේගයක් වගේම GT-R උරුමය බදු පිටුපස රවුම් ලොකු ලයිට් 2 තමයි. මේ සංකල්ප මත ලොව පුරා නිසාන් වාහන නිර්මාණය කරුවක් විසින් එවපු කාර් අතරින් අවසාන 50න් එක් කාර් එකක් කෙරෙහි නිසාන් සමාගමේ මොටර් රථ ඉන්ජිනේරු ප්‍රධානියා Kazutoshi Mizuno ගේ අවදානය යොමු වෙනවා. ඒ සුපර් කාර් වල තියෙන මටසිලුටු වක්‍රාකාර හැඩයෙන් මිදි පෙට්ටියක හැඩති කාර් එකක් වුනා. ඇත්තටම මේක ජපානයේ Gundam robot ජපන් ශෛලීයෙන් යුතු වෙනවා. Mizuno කියන්නේ GT-R වල ගොඩ් ෆාදර් වගේ කෙනෙක්.එතුමා විශ්වාස කලා සුපර් කාර් කියන දේ සිමිත සමාජ මට්ටමක විශේෂ ධාවන හැකියාවෙන් යුතු අයට සිමා නොවි ඕනැම පාරක ඕනැම අයෙකුට පහසුවෙන් හැසිරවිය යුතු බවත් මේවා අතින්ම හදන්න අවශ්‍ය නොවන බවත්.

Nissan GT-R with Kazutoshi Mizuno 
මේ වැඩේට නිසාන් සමාගම Porsche 911 Turbo S එකක් ගන්නේ මිනුම් දන්ඩක් විදියට. ඔවුන්ට ඔනේ උනා නිසාන් GT-R එක 911 ට වඩා උසස් තත්වයෙන් වගේම 911 හදපු ජර්මනියේ nurburgring රේස් පථයේදි 911 එක පරද්දන්න. එහෙම හිතාගෙන තමයි කාර් එක හදන්නට පටන් ගන්නේ. නිසාන් GT-R එකෙ වියදම් අඩු කර ගන්න බොඩිය සම්පුර්ණයෙන් නිශ්පාදනය කරන්නේ රොබොලා 341 ක් ආධාරයෙන් නිසාන් සමාගමේ අනෙක් වාහන නිශ්පාදනය වෙන කර්මාන්ත ශාලාව තුල තවත් එක් production line එකක් ලෙසයි. මේ කාර් එක සම්පුර්ණයෙක් හැදිලා අවසන් වෙන්න පැය 60ක් තරම් කාලයක් ගත වෙනවා. ඒ කොහොම වෙතත් GT-R එකෙ එන්ජිම සම්පුර්ණයෙක් හදන්නෙ විශෙෂ පුහුණුවක් ලබා ගත් සේවකයන්ගේ අතින්.  මෙම V6 එන්ජිම මුල ඉදන් අග වෙනකන් එකලස් කරන්නේ එකම පුද්ගලයෙක් විසින්. මේ නිසාම එක් එක් එන්ජිම සතු බලය සුලු වශයෙන් වෙනස් වෙනවා. ඒ සියලු පරික්ශන 38ක තොරතුරු අනාගත අයිතිකරුට පමණක් භාර දෙනවා.

කලින් සදහන් කල ආකාරයට GT-R එකේ තිබුනු බොක්සි හැඩය නිසාම වායුගතිකය (aerodynamics) මතභේදයකට ලක්වුනා. මේ ගැන පරික්ශා කිරිමෙදි සාමාන්‍යයෙන් මෙක මනින්නෙ CD අංකයෙන්. සාමන්‍ය ලෙලන්ඩ් බස් එකක වගේ නම් මේ අගය 0.9ක් තරම් වෙනවා. සාමන්‍ය සෙඩාන් කාර් එකක මෙ අගය 0.35ක් තරම් වෙනවා. නමුත් මේ සිය්ල්ල අතරින් CD අගය 0.26ක් ලබා ගනිමින් අඩුම අගයෙන් යුතු කාර් අතරට එකතු වෙන්න සමත් වෙනවා වගේම බින්දුවේ ඉදලා පැයට කිලොමිටර් 100ක වේගයක් තප්පර 2.8කින් ලබාගන්නට සමත් වෙනවා. මේ තුලින් නිසාන් සමාගම ඔප්පු කරලා පෙන්නුවා බොක්සි හැඩක් තියෙන එක සුපර් කාර් එකකට ගැටලුවක් නොවන බව වගේම සැම වර්ශයකම ඔවුන් එහි හැඩය රදවා ගනිමින් වැඩි දියුණු කිරිම් කරනවා.


ඒ වගේම මෙකේ ගියර් බොක්ස් එකෙ පිහිටිමත් විශේෂ වෙනවා. කාර් එකේ බර සමතුලිත කිරිම තුලින් ඉහල හැසිරවිමේ හැකියාවක් ලබා ගැනිමට මෙක පිහිටලා තියෙන්නෙ පිටුපස රොද අතරයි. කලින් තිබුන වගේ මැනුවල් සම්ප්‍රේෂණයක් නම් අලුත් GT-R එකේ නැ. ඒ වෙනුවට මෙකට එන්නේ වේග 6 ස්වයංක්‍රිය වේග සම්ප්‍රෙශනයක් වගේම එහි ඇති විශෙෂත්වය නම්  dual clutch semi-automatic transmission. ඒ කියන්නේ ඔත්තේ ඉලක්කමක ගියරයක් පවතින විට ස්වයංක්‍රියව ඉලග ඉරට්ටේ සංඛ්‍යාවේ ගියරය සැකසි පවතිනවා. මේ නිසා තප්පර 0.2කට අඩු කාලයකින් ගියර් මාරු කරන්න හැකියාව ලැබෙනවා.

Engine and transmission diagram
මෙහෙම නිශ්පාදනය වුනු නිසාන් GT-R එක 2007 දි වෙලද පොලට නිකුත් කරන්නේ එතෙක් පැවති සුපර් කාර් සියල්ලටම වඩා අඩුම මිලකටයි. එනම් ඩොලර් 100,000කයි. මේ නිසාම මේ කාර් එක සිඝ්‍රයෙන් ගොලිය වශයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා.  සාරංශයක් වශයෙන් බැලුවොත් Nissan GT-R බලශක්තිය VR38DETT V6 එන්ජිම සමන්විත වන අතර එය 3,799 cc (3.8 L, 231.8 cu) DOHC V6 වන අතර විශාල ටර්බො චාජර් 2කින් සමන්විත වෙනවා. 2007 හා 2010 අතර නිෂ්පාදනය කරන ලද ආකෘති එන්ජින් ප්‍රතිදානය 485 PS(357 kW; 478 hp) 6400 rpm සහ 434 lb · ft (588 Nm) දී 3200-5200 rpm. dual clutch semi-automatic transmission, වේග 6 සම්ප්රේෂණයකින් යුත්  ATTESA E-TS පද්ධතිය සමග සියලු රෝද හතරට බලය ලබා දීම සහ Nissan's Vehicle Dynamics Control (VDC- R) ස්ථාවරත්වය  වගේම විවිධ කොන්දේසි සඳහා මාරු කළ හැකි shift modes 3ක් ද පවති.


Nissan GT-R Nismo 2017

Nissan GT-R Nismo 2017
ඩොලර් බිලියන ගානක් පාඩු විදිමින් සිටි කාර් සමාගමක් මේ වගේ දෙයක් කරවි කියලා කවුරුවත් බලාපොරොත්තු වුනේ නැ. එත් කාලොස් එක කලා. ඔහු මිලියන ගානක් වියදම් කරලා කරපු ව්‍යාතෘතියේ ප්‍රතිපලය තමයි ලොකයේ වේගවත්ම සුපර් කාර් නිෂ්පාදන අතරින් එකක් විම වගේම මිලෙන් අඩු විම. තවද ඉහල එන්ජින් වැඩිදියුණු කිරිමට හැකිවිමට සලකන්න පුලුවන්. වචනයෙ සමාප්ත අර්ථයෙන්ම Nissan GT-R (Gran Turismo Racer) ගොස්සිලා වගේ කාර් එකක්.

පොල් වොකර් fast and furious 1න් පස්සේ පැනලා යද්දි නිසාන් ස්කයිලයින් GT-R එකක් ගන්නේ කොහොමද කියලා බලපු නැති අය මෙතන ලින්ක් එකෙන් ගිහින් බලන්න.(Click here). තවත් කාර් ලොකයේ සුපිරි වාහන ගැන ඔයාල දන්න නොදන්න කරුණු අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. facebook පේජ් එකට Like, Comment , ඔයාලගේ අදහස් / යොජනා කියලා යන්නත් අමතක කරන්න එපා. 👋👋👋👋 අපේ "Auto World - වාහන ලොකය" ෆෙස්බූක් පිටුවට පිවිසිමට Click Here😃

-----------------------------------   T     H      E           E     N      D  -------------------------------------------





Tuesday, September 5, 2017

යුරොපියානු රේස් ලොකය හොල්ලපු ඇමරිකානු ආක්‍රමණිකයා FORD GT40


යුරොපියානු රේස් ලොකය හොල්ලගෙන හිටපු ඉතාලියානු රේස් කාර් රජු වෙලා හිටපු Ferrari දනගස්සවා යුරොපියානු රේස් ලොවට පා තැබු ඇමරිකානු ආක්‍රමණිකයාගේ ගමන් මග දිහා තමයි අද කතා කරන්න යන්නේ. 60 දශකය ආරම්භයත් සමගම, බ්‍රිතාන්‍යය වාහන ලොකය තුල නවතම පුනරුදයක් ඇතිකරමින් තරුණ තරුණියන් ජර්මනියෙන් බිහිවු ඉබ්බන් එහෙම නැත්නම් බිටල් වැලද ගනිද්දි වාහන ලොකය තුල නව වේග වාර්ථා කාඩා දමනින් අලුත් වාර්ථා පිහිටුවමින් වර්ධනය වෙන්නට වුනා. මෙවන් යුගයක ඇමරිකාව තුල බලසම්පන්න එන්ජින් ධාරිතාවයකින් යුතු වගේම දැරිය හැකි මිලකට ගත හැකි මට්ටමේ කාර් එකක අවශ්‍යතාවය හදුනා ගත් හෙන්රි ෆොඩ් II ( Henry Ford II ), "මස්ටන්ග් (Mustang)" රථය නිර්මානය කරනවා.
Left : Enzo Ferrari , then Henry Ford II
හෙන්රි ෆොඩ් දැනගෙන හිටියා කාර් රේස් දිනනව කියන්නේ තව තවත් කාර් විකුනගන්න පොට  පැදෙනවා කියලා. මේ නිසා තමයි 60 දශකයේ මුල් කාලේ ෆෙරාරි සමාගම මිලදි ගන්න සාකච්චා කරන්නේ. මේකට ෆොර්ඩ් සමගම දත කට මැදගෙන ඩොලර් මිලියන ගානක් වියදම් කරනවා, Ferrari සමාගමේ සියලු මුල්‍ය තත්වයක් වගේම වටිනාකම් පරික්ෂා කරන්න. ඉතින් ඔහොම එහාට මෙහට සාකච්චා කරලා අවසානේ ගිවිසුම් හදලා අත්සන් කරන්න තියෙද්දි එන්සො ෆෙරාරි (Enzo Ferrari) වැඩේට බැ කියනවා. සමහර තැන් වල දක්වන ආකාරයට එන්සො ෆෙරාරි තමන්ගේ රේස් තරග අංශය විකුනන්න අකමැති විම හෙතු වුනා කියලා කියනවා. එන්සො හිතන් හිටියේ සමාගමේ තිබුන අනෙත් දෙවල් ටික ෆොඩ් සමාගමට දිලා ෆෙරාරි රේස් අංශය වැඩි දියුණු කර ගන්නයි. ෆොර්ඩ් විසින් ෆෙරාරි සමාගම මිලදි ගැනිමේ මුලික පරමාර්ථය වුනේ රේස් කාර් අංශය (Racing division) තමන් යටතට ගන්න එක. මේ සිද්ධිය නිසා ෆොර්ඩ් සමාගමට මිලියන ගානක් පාඩු වෙනවා. එන්සො ෆෙරාරි ගිවිසුම විසි කරලා පිට වෙලා යනවත් එක්කම ෆොර්ඩ් හිතා ගන්නව කොහොම හරි යුරොපියානු තරගාවලියකදි  ෆෙරාරි කාර් එක පරද්දනවා කියලා. මේකට තොර ගන්නේ ලොකයේ වඩාත් පිලිගත් වගේම දුශ්කර තරගාවලියක් වුනු ප්‍රංශයේ 24 Hours of Le Mans තරගාවලියයි. ෆෙරාරිගේ කාර් වලට අභියොග කරන්න ෆොඩ් රේස් කාර් එකක් හදන්න ගන්නවා. එහෙම තමයි ෆොර්ඩ් GT40 කාර් එකේ ආරම්භය වෙන්නේ.
1963 -Lola MK6 GT
1963දි Eric Broadley, තමන්ගේ අලුත්ම ස්පොර්ට් රේස් කාර් එක Lola MK6, රේස් කාර් ප්‍රදර්ශනයකදි  හදුන්වා දෙනවා. මෙක දැකපු ෆොර්ඩ්, ෆොර්ඩ් වෙනුවෙන් රේස් කාර් එකක් හදන්න කැමති කර ගන්නවා. මේකේ මුලික පරමාර්ථය වුනේ අත් හදාබැලිම් කර කර කල් ගත කරමින් තමන්ම කාර් එකක් හදනවාට වඩා දන්න කියන වැඩ කාරයො ටිකක් සෙට් කරන් ඉක්මනින්ම කාර් එකක් නිශ්පාදනය කරන්නයි. මොකද ෆොර්ඩ්ට ඕනේ වෙලා තිබුනා එන්සො හට ඉක්මනින්ම පාඩමක් උගන්වන්න කරපු වැඩේට. ෆොර්ඩ් දැනන් හිටියා යුරොපිය කාර් එකක් යුරොපය තුලදි පරද්දන්න ඔනේ නම් යුරොපයේ ඉන්න වැඩ කාරයො ටිකක් එකතු කර ගන්න වෙනව කියලා. මෙයාල මේ වැඩේ බාර දෙන්නේ එංගලන්තයේ LOLA සමාගමටයි. ඒ කිවේ කලින් කියපු එරික් බ්‍රොඩ්ලිගේ Lola MK6 රේස් කාර් එක පදනම් කරගෙන තමයි කාර් එක හදන්න ගන්නේ. Lola MK 6 කියන්නේ මේ කාලය වෙනකොට නිශ්පාදනය කරපු වඩාත් දියුණුම වගේම ආකර්ශනිය රේස් මොටර් රථ වලින් එකක් වුනා. මෙයාල මේ වැඩේ කරන්න තොර ගන්නේ බටහිර ලන්ඩනයේ Slough Trading Estate කියන ස්ථානයයි.
1963 - Lola MK6 GT
මේ වැඩසටහන එයලා නම් කරන්නේ "Total Performance Program" කියන නමින්.ඒ වගේම මේකට ඩොලර් මිලියන ගානක් වියදම් කරනවා. LOLA MK6 ආකෘතිය පදනම් කරගෙන ෆොර්ඩ් V6 ලිටර් 4.2 (255cu.in) එන්ජිම ආකෘති සදහා මුලික වශයෙන්ද නිශ්පාදනය සදහා ලිටර්4.7 (289 cu.in) එන්ජිම Colatti gear box එකක්, double-wishbone suspension සහ අගල් 11.5 disc brakes,  අශ්වබල 350ක්, 7000 rpm සහිත වගේම කෙලින් පාරක 200km/h තරම් වේගයක් ලබාගැනිමේ හැකියව ඇති Ford GT කියන කාර් එක මුලින්ම නිර්මානය වෙනවා. හරියටම බැලුවොත් Lola-Ford Coupe කියන්න පුලුවන්. මුලදි මේක හදුන්වන්නේ ෆොර්ඩ් GT කියන නමින්. නමුත් කාර් එකෙ නිශ්පාදනය අවසන් වෙනකොට මේ කාර් එක Ford GT40 කියන නමින් හදුන්වන්න ගන්නවා. මෙකට හේතුවක් තමයි මේකේ උස අගල් 40ක් විම කියලත් කියන්න පුලුවන්.
Ford GT40 Mk1
මෙයලා හදපු පලමු කාර් එක 1964දි ෆොර්ඩ් GT40 MK I ලෙස නම් කෙරෙන අතර පලමුවෙන්ම රේස් තරගයකට ඉදිරිපත් කරන්නේ 1964 මැයි මාසයේ ජර්මනියේ Nurburgrag 1000km තරගාවලියටයි. Ford GT40 පලමු තරගාවලිය වු නිසාත් කාර් එක  නිකුක් කිරිම උත්සවාකාරයෙන් පැවැත්වුනු නමුත් ඒ කාලේ පත්තර , සගරා වලින් ලැබුනු ප්‍රතිචාර නම් ඉතා සෘණ මට්ටමක වුනා. එකට හේතු වුනේ තරගාවලියට ඇතුලත් කරපු GT40 කාර් දෙකම අනතුරු වලට ලක් වෙලා ඉවත් වෙන්න සිදුවුනා.එකට හේතු වුනේ රථයේ බදෙහි වායුගති අනුකුල නොවිම වගේම අධිබලැති එන්ජිමේ බලය සම්ප්‍රෙශණය කිරිමට තරම් හැකියවක් ගියර් බොක්ස් එක තුල නොවිම, සස්පෙන්ෂන් ගැටලු (suspension failure) යන ආදි කාරණා නිසයි. පසුව නැවත හැඩ නිරික්ශනය කිරිම් මගින් බොහො අඩු පාඩු හදාගන්න සමත් වෙනවා.

1964 Ford GT40 MK1 at Le Mans
පලමු පරාජයෙන් සති 3කට පසු ජුනි මාසයේ පැවතුනු ප්‍රංශයේ 24 hours of Le-Mans තරගාවලිය සදහා කාර් 3ක් ඉදිරිපත් වෙනවා. පලමු වට 2 යනකොටම හැමොටම බලාපොරොතුවක් දල්වමින් පැයට කිලොමිටර් 200 ක තරම් වේගයක් වාර්තා කරමින් ඉදිරියට ඇදුනත් කිසිදු කාර් එකක් තරගය අවසන් කරන්නට හැකි වන්නේ නැ. නැවතත් Nassau තරගාවලියට ඉදිරිපත් වුනත් උරුම වෙන්නේ පරාජය පමණයි.

වැඩේ ඇනුනා කියලා දැනගත්තු ෆොර්ඩ් GT40 වැඩසටහන Carroll Shelby ට බාර දෙනවා. ශෙල්බි කියන්නේ 1959දි ලෙ-මාන් තරගාවලිය ජය ගත්තු කෙනෙක්. එයා එකට පාවිච්චි කරන්නේ නම් ඇස්ටන් මාර්ටින් කාර් එකක් (Aston Martin DBR1) .ඒ වගේම ඔහුට වසර 5ක යුරොපියානු රේස් පථ වගේම කාර් ගැන හොද දැනුමක් තිබුනා. ෆොර්ඩ්ගේ අවසාන බලාපොරොත්තුව වුනේ ශෙල්බි කොහොම හරි වැඩේ ගොඩ දාවි කියලා. ශෙල්බි මුලින්ම Ford GT40 කාර් එකක් ගෙන්නගෙන බලනවා මොන වගේද කියලා. මෙයා තෙරුම් ගන්නවා කාර් එකේ හැම කොටසෙම අවුලක් තියෙනවා කියලා. ඉතින් මුලින්ම කරන්නේ කාර් එක පංචිකාවත්තට ගෙනාපු අලුත් කාර් එකක් වගේ කැලි කැලි වලට ගලවලා මුල ඉදන් පටන් ගන්නවා. අලුත් සස්පෙන්ෂන් ,  7.0-litre FE (427 ci) NASCAR එන්ජිම වගේම ගොඩක් ලෙඩ දුන්නු ෆෙරාරි වේග 5 ගියර් බොක්ස් එක වෙනුවට  Kar Kraft-built 4 speed ගියර් බොක්ස් එක මාරු කරනවා. මුල් ආකෘතියේ තිබුනු වායුධාරා ප්‍රතිරොදන හැඩය වෙනස් කරමින් එන්ජිම සිසිල් කරවන ආකාරයේ වෙනස් කම් කිහිපයක් බදට සිදු කරනවා.
Daytona Continental 2,000 km Race, Daytona, FL, 1965. Ken Miles/Lloyd Ruby in the winning Shelby Ford GT40
මේ ආකාරයට හදපු ෆොර්ඩ් GT40 MK2 කාර් එක මුලින්ම තරගාවලියකට යොමු කරන්නේ 1965 පෙබරවාරි මස පැවැත්වුනු ඇමරිකාවේ ෆොරිඩා වල Daytone 2000 තරගයටයි. කාර් 2ක් තරග වැදුනු මේ රේස් එක ජයග්‍රහණය කරන්නට හැකිවෙනවා. නමුත් ගියර් බොක්ස් එක තුල වුනු ගැටලුව විටෙන් විට මතු වුනා.   මෙම ජයග්‍රහණයෙන් පස්සේ ඉතාලියේ සිසිලි වල පැවතුනු Targa Florio ධාවන පථයේ පැවතුනු තරගාවලියේදි GT40 සතු වුනු ලිටර් 7ක දැවැන්ත එන්ජින් බලය සෘජු මාර්ගයේ වැඩි වාසියක් ලබාදුන්නද සැතපුම් 44ක වට 10කින් සමන්විත කදුකර වංගු සහිත මාර්ගයේ ෆෙරාරි  275 P2 කාර් එක ගමේ වරකා ගමේ කපුටන්ට කියන කියමන මතක් කරමින් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා.  ඉන්පසු තවත් තරගාවලි 2ක පරාජයන් අතර 1965 Le-Mans තරගාවලියද වුනා. මෙම තරග පරාජයන් වලට හෙතු වුනු වගේම ෆෙරාරි කාර් වල වාසිදායක වුනු වංගු සහිත මාර්ග වල හැසිරවිමෙ හැකියාව වැඩි කිරිමේ අරමුණින් GT40 MK2 රථය වැඩි දියුණු කරනවා. මෙහෙදි MK2 ආකෘතිය වෙනස් නොකර 427 cu.in, Nascar, 460hp බලයකින් යුත් එන්ජිමත් සහ ශෙල්බි විසින් වැඩි දියුනු කරන ලද බ්‍රේක් පද්ධතියකින් සමන්විත වෙනවා.

Ford GT 40 Mk2, 1966
 මෙම වැඩි දියුනු කරන ලද MK2 රථය 1966දි නැවත ලෙමාන් තරගාවලියට ඇතුලත් කරනවා. මේ සදහා Ford GT40 රථ 6ක් ඉදිරිපත් වන අතර ඉන් 3ක් ශෙල්බි වැඩිදියුණු කරපු කාර් වුනා. තව 2ක් Holmen and Moody Co. සහ තව රථයක් Alen Mann Racing  ඉදිරිපත් කරන ලදි. 1966දි පැවතුනු මේම රේස් තරගය සුවිශේෂි වන තවත් කාරණාවක් නම් ඒ සදහා හෙන්රි ෆොර්ඩ් හට තරග ආරම්භකයා ලෙස ආරාධනා කර තිබිමයි. මේ නිසාම තරගය දිනාගැනිමේ සිතුවිල්ලද ඔහු තුල පැවතින්නට ඇත.

කෙසේ වෙතත් GT40 වෙත සුබ පතමින් ඇරඹි ලෙ-මාන් තරගාවලිය පසුදින පාන්දර 5 පමණ වන විට කාර් 55කින් 15ක් පමණක් ධාවනයේ යෙදුනේ තරගයේ පැවති දුශ්කරභාවය මතු කරමිනි. මේ අතරින් කාර් 3ක්ම ෆොර්ඩ් GT40 රථ වුනා වගේම අනෙක් 2, ෆෙරාරි 330 P3 වුනා.ෆෙරාරි රථ, ෆොර්ඩ් GT40 වලට ඉතා හොද තරගයක් ලබාදෙන්නට අවසානය දක්වා උත්සාහ කල නමුත් ෆෙරාරි එන්ජින් වල පැවතුනු ගැටලු කාරි තත්ව බාධා ඇති කලා. අවසානය වන විට GT40 රථ 3ක් ඉදිරියෙන් පැවතුනා. ජයග්‍රහණය තමන් සතු බව දැනගත් හෙන්රි රථ 3ම එකට තරග නිමා කරන ලෙස උපදෙස් දුන්නේ  එක පෙලට අවසන් කිරිම මගින් ෆොර්ඩ් සතු ජයග්‍රහණය විදහා දැක්විමටයි. වේගය අඩු කරමින් එක පෙලට පලමු, දෙවන හා තුන්වන ලෙස තරග අවසන් කලේ තරග නැරඹිම සදහා පැමිණ සිටි සියලු දෙනාගේ ජය ඝොෂා මැද්දේය.

Ford's 1-2-3 finish in 1966 was America's first win at LeMans.
1966 LeMans24 with a 1-2-3 finish
වසර ගණනාවක් තිස්සේ පරාජයන් හමුවේ නොසැලි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා සැබැ කරගත් ෆොර්ඩ් ඒ ජයග්‍රහණය නැවත තහවුරු කරගැනිමේ අරමුණින් MK4 කාර් එක හදන්න පටන් ගන්නවා. ( MK3 කියන්නේ රේස් කාර් නොවන නිසා වැඩි විස්තර කතා කරන්නෙ නැ. ඒ වුනත් මෙවා 7ක් විතරයි හදන්නේ.) ඒකට හේතු වුනේ වසර ගණනාවක් රේස් ලොව රජ කර ෆෙරාරි නැවතත් දිනුවොත් තමන් ලබාගත් ජයග්‍රහණය අපතේ යන නිසාවෙනි. ඒ නිසා පලමු ජයග්‍රහණයේ මාස කිහිපයක් ඇතුලත Ford GT40 MK4 ආකෘතිය හදන්න පටන් ගන්නවා. මේ අතර ඉතා අවසනාවන්ත සිදුවිමක් වෙනවා. ඒ තමයි ෆොර්ඩ්ගේ සිහිනය සැබැ කරමින් ජයග්‍රහණය ලබාදුන් රේස් කාර් ධාවක Ken Miles , 1966දි MK4 ආකෘතිය පරික්ෂණ තරගයක් අතරතුර සිදු වු අනතුරකින් මිය යාමයි. මේ නිසා මේ වැඩසටහන ටික කාලයකට නතරකර දමනවා.

GT40 MK4 රථය, MK2 රථයේ වැඩි දියුණු කිරිමක් වුනා. බද හැඩය තවදුරටත් හැඩ කල අතර ලිටර් 7ක එන්ජිමක්, සස්පෙන්ෂන්, බ්‍රේක් පද්ධති වැඩිදියුණු කිරිම , විශාල රොද සහ වඩා විශාල බ්‍රේක් ඩිස්ක්  සහිත වුනා. මේ කාර් එකේ තවත් විශේෂත්වයක් වුනේ කාර් එකේ වහලය (roof) මත ආසන වලට ඉහලින් බුබුලු 2ක හැඩයකින් යුත්ත විමයි. මේකට හේතු වුනේ මේ කාර් එක ධාවනය කරපු Dan Gurney අඩි 6ක් තරම් උස ක්‍රිඩකයෙක් නිසා ඇතුලත ඉඩ මදි විමයි. එයාට හිස් වැසුම සමග පහසුවෙන් ධාවනය කරන්න පුලුවන් වෙන්න වහලයේ බුබුලක හැඩයක් නිර්මාණය කරනවා. මේ නිසාම ඒක Gurney bubble කියලා හදුන්වනවා.

Le Mans Ford GT40 Mk IV, 1967
1967දි නැවතත් ජයග්‍රාහි මානසිකත්වයෙන් ලේමාන් තරගයට පිවිසි ෆොර්ඩ් GT40 MK2 රථයක් හා MK4 රථ 2කින් සමන්විත වුනා. තරගය ආරම්භයත් සමගම ෆෙරාරි 330 P4 වේගවත්ම වට කාලය වාර්තා කරන්න සමත් වුනත් පැය 9ක් පමණක් අවසානයට ඉතිරිව ඇති විට ෆොර්ඩ් රථ  පෙරමුණ ගන්නට සමත් වෙනවා. මේ අතරින් එක් කාර් එකක් පාලනයෙන් තොර විම නිසා අනතුරකට පත් වෙනවා. තරගය අවසානය වන විට පෙරමුණ සිටි ෆොර්ඩ් රථය වෙත ෆෙරාරි 330 P4 රථ වලින් දැඩි පිඩනයක් ලබාදෙනවා. කෙසේ වෙතත් අවසානයේ නැවතත් ෆොර්ඩ් GT40 MK4, තම ජයග්‍රහනය තහවුරු කරන්නට සමත් වෙනවා.

Ford GT40 MK4 in Le Mans 1967
24 Hours of Le Mans, Le Mans, France, 1967. Carroll Shelby with the race winning Ford Mark IV.
GT40 MK4 රථය පලමු තැනද ෆෙරාරි 330 P4 රථය දෙවන , තුන්වන තැන්ද වාර්තා කරනවා. මෙම සිදුවිම යුරොපිය රේස් කාර් ලොකය තුල ඇමරිකානු කාර් එකකට වුනත් ජයග්‍රහණය කරන්න පුලුවන් කියන එක සනාථ කරන්න සමත් වෙනවා  වගේම ෆෙරාරි ආධිපත්‍ය නැති කර දමන්න සමත් වෙනවා. මෙම ජයග්‍රණ වලින් පස්සේ ලෙමාන් තරගාවලියේ නිති රිති වෙනස්කම් කිහිපයක් සිදු කරනවා. ඒ ලිටර් 5ට වැඩි එන්ජින් සහිත රථ තරගයේන් ඉවත් විමට සිදු වෙනවා. ඒ කියන්නෙ කලින් තරග දිනපු MK2, MK4 රථ ඇතුලත් වෙන්නෙ නැ. මේ නිසා 1968 සහ 1969 යන වසර වලිදි තරගයට එකතු වෙන්නේ MK1 රථ. නමුත් සාර්ථක ලෙස තරග ජයග්‍රහණය කරන්නට හැකි වෙනවා.

1968 - GT40s in Le Mans
The 1969 finish was much more exciting with Jackie Ickx winning over a
 Porsche 908 coupe by not much after 24 hours
එදා එන්සො තමන්ගේ රේස් කාර් අංශය විකුණන්න කැමති වුනා නම් අද අපිට GT40 කියන යුරොපියානු රෙස් ලොව හොල්ලපු ඇමරිකානු දැවැන්තයා බිහි නොවෙන්න තිබුනා. එහෙම බිහිවුනු GT40 රේස් ලොකයේ සුවිශේෂි ස්ථානයක් ගන්නවා. තවත් කාර් ලොකයේ සුවිශේෂි සිදුවිමක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.

Ford-Ferrari Exhibition at Le Mans 
ඔයාලගේ අදහස් / යොජනා කියලා යන්නත් අමතක කරන්න එපා. 👋👋👋👋 අපේ "Auto World - වාහන ලොකය" ෆෙස්බූක් පිටුවට පිවිසිමට Click Here😃 

ටොයොටා කොරොල්ලා එකේ කතාව කියවපු නැති අය මේ (Click Here) ලින්ක් එකේන් ගිහින් බලන්න.




Sunday, August 13, 2017

කොරොල්ලා එකට අවුරුදු 50යි - දෙවන කොටස


ටොයොටා කොරොල්ලා එකේ පලමු කොටස හෙවත් පලමු පරම්පරා 5 ගැන අපි කලින් කතා කරා නේ. කියවපු නැති අය මේ (Click Here) ලින්ක් එකේන් ගිහින් බලන්න. එහෙනම් මෙන්න දෙවෙනි කොටස

E 90 : සයවන පරම්පරාව (Sixth Generation) 1987 - 1991

1987 මැයි මාසයේදී කොරොල්ලා හයවන පරම්පරාව, සම්පුර්ණ වෙනස්කම් වලට භාජනය කරමින් සුඛෝපභෝගී සුඛෝපභෝගී භාවය හා උසස් තත්ත්වයේ ගුණාත්මක භාවයකින් සන්නද්ධ ව වෙළෙඳපොළකට පිවිසියේය. ඒ කාලයේ වෙළඳ දැන්වීමක් මෙසේය: "A new tale in Japanese vehicles has begun. The birth of the all new Corolla, a new grade Toyota sedan.". හයවන පරම්පරාවේ ප්‍රධාන ලක්ෂණය වූයේ එහි නව එන්ජිම යි, double-overhead cam 4-valve mechanism වන "High-Mecha Twin Cam" නමින් හැඳින්වයි. මෙවා එකල මිල අධික නිසා Sporty models සදහා පමණක් භාවිත කෙරින. නමුත් කොරොල්ලා තුලින් මෙහි තාක්ෂණය sport model වලින් ඔබ්බට හදුන්වා දෙනවා. 

Corolla E90 (twin-cab)
හයවන පරම්පරාව වන කොරොල්ලා  කාණ්ඩ හතරකින් සමන්විත පිවිසි අතර එය දොර-4 sedan ,දොර-2 Coupe , දොර-3 හැච්බැක් සහ දොර-5 හැච්බැක් ඇතුළත්ව ඇත. 1987 අගෝස්තු මාසයේදී, සිව්වන පරම්පරාවේ මාදිලියේ වැගන් රථ ආකෘතීන් වෙනස් කරන ලද අතර, FF drivetrain එකතු විය. හයවන පරම්පරාව සඳහා වූ ආකෘතිය වෙනස් කරන විට, දොර-3 coupe , දොර-5 Liftback ආකෘති ජපානය තුළ නතර කර ඇතත් යුරෝපයට දොර-5 Liftback රථයක් නිර්මාණය කරන ලදී.
Corolla E90 - 5 door liftback
මූලික නිකුතුවේ දී එන්ජින් වර්ග 7 ක් ලබා ගත හැකි විය. 1.3-ලීටර් OHC (Over Head Camshaft) 2E එන්ජිම, අලුතින් නිර්මාණය කරන ලද "High-mecha twin cam" 1.5-ලීටර් 5A-F සහ 5A-FE එන්ජින්, 1.6-ලීටර් sport twin cam 4A-GE සහ supercharged 4A -GZE එන්ජින් සහ 1.8-ලීටර් OHC 1C-II ඩීසල් එන්ජිම. 1.5-ලීටර් OHC 3E එන්ජිම වැගන් රථ ආකෘතිය සඳහා පමණක් වෙන් කර ඇත. 1987 සැප්තැම්බර් මාසයේ දී, 1.6-ලීටර් High-mecha twin cam 4A-F එන්ජිම 4WD ආකෘතිය සඳහාම සුවිශේෂීව පිහිටුවන ලදී.
Toyota Corolla (AE95R) XL station wagon
1989 මැයි මාසයේදී  5A-F සහ 4A-F එන්ජින්, EIF controlled 5A-FE සහ 4A-FE එන්ජින් මගින් ප්‍රතිස්ථාපනය විය. මීට අමතරව, 5A-FHE වැඩි දියුණු කරන ලද නිමැවුම් සඳහා 5A-FE එන්ජිම තවදුරටත් සුසර කිරීම මගින් coupe සහ hatchback මාදිලිවල සමහර මොඩල් සඳහා පිහිටුවා ඇත. එම වසරේ සැප්තැම්බර් මාසයේ දී ලීටර්-2.0 ​​වන OHC 2C-III ඩීසල් එන්ජිම 4WD මාදිලිය  එක් කරන ලදී.

Corolla E90 wagon
FF (Front engine, Front wheel) design පස්වෙනි පරම්පරාවේ කොරොල්ලා  සමානයි. කෙසේවෙතත් suspension geometry යාවත්කාලීන කිරීම, shock absorber damping force වැඩි දියුණු කිරීම මගින් වඩාත් සුපිරි හැසිරවීමේ ස්ථාවරත්වය සහ සුඛෝපභෝගී සුවපහසුව ලබා ගත්තා. මීට අමතරව, උසස් මාදිලිවල TEMS (Toyota Electronic Modulated Suspension), ඉලක්ටෝනිකව පාලනය කරන ලද variable damping force damper ක් ලබා දී ඇත.  මෙම පද්ධතියේ "AUTO මාදිලිය" පරිගණකය මගින්  ධාවන තත්ත්වයන් මත පදනම්ව "SOFT" හෝ "HARD" යන දෙ අංශයට (adjusted the damping force) ධාවනය හදුන්වාදි ඇත. තවද sporty රියදුරන් සඳහා "HARD" ආම්පන්න බලවේගයක් සඳහා "SPORT Mode" හදුන්වාදි ඇත.
Corolla 1.5 FX-VS (Japan)
හය වැනි පරම්පරාව වන කොරොල්ලා E90,  පහසු සුවිසල් වාතාවරණයක් ඇතිව , instrument panel සහ door trim සිට meter cluster දක්වා ඇති ප්‍රදේශය softer materials එකකින් අලංකාර කර ඇති අතර, engine sound, noise අඩු ව නිර්මාණය කිරීම සඳහා එන්ජිම ශබ්දය සුපරීක්ෂාකාරීව සකස් කරන ලදි. මීට අමතරව,  ශබ්දය සහ කම්පනය අවම  කරන ලද body style ලබා ගැනීම සඳහා පරිගණක විශ්ලේෂණය යොදා ගෙන ඇති අතර,වායුසමිකරන විචල්‍ය පරිසර තත්ව යටතේ ක්‍රියාකරන ආකාරයට සකසා ඇත.

වැඩි දියුණු කරන ලද එන්ජින්වල ක්‍රියාකාරිත්වය සහ ධාවක බල ගැන්වීම සඳහා ඩිස්ක් බ්රේක් (Disk brakes) අනුගමනය කරන ලදී. මීට අමතරව, brake booster, විශාල තිරිංග පිඩනයන් පවා සැහැල්ලු  padel පිඩනයන් මගින් ලබාදිය හැකි ආකාරයටද, අසාමාන්‍ය තිරිංග පාලනය සදහා  X-type dual circuits භාවිත කර ඇත. Sport එන්ජින් සහිත මාදිලි සඳහා, ventilated disc brakes සහිත superior anti-fade performance අනුගමනය කරන ලදී.
Corolla E90 interior view
මෙහි ඇති තවත් විශෙෂාංග කිහිපයක් නම් මෙසේය
  • සුපිරි දර්ශන සහිත දර්ශනීය ඩිජිටල් meters 
  • Power adjustable සහ retracting outer mirrors
  • Glare proof inner mirror
  • Push button heater control panel / push button hazard lamp switch
  • Trunk room lamp
  • Cup holders
  • Electronically controlled carburetor 
  • Turnover type clutch pedal

E 100 : හත්වන පරම්පරාව (Seventh Generation) 1991-1995

1991 දී ජපානයේ නැඟී එන ආර්ථිකය පහත වැටීමට පටන් ගත් අතර රට පුරා නව මෝටර් රථ අලෙවිය බලපා ඇති අවධියක  ඇති හත්වන පරම්පරාවේ කොරොල්ලා රථය අවාසනාවකට මෙන්, ජපානයේ විකුණුම් ප්‍රමාණය අපේක්ෂා කළ පරිදි වර්ධනය නොවීය. මහජනතාවගේ අවශ්‍යතා මෙන්ම ගුණාත්මකභාවය මෙන්ම මිල කෙරෙහිද අවධානය යොමු කරන ලෙස වෙනස් විය. හත්වන පරම්පරාව වන කොරොල්ලා ඉහළ මට්ටමේ සම්පූර්ණත්වය, පාරිභෝගිකයා අපෙක්ෂා කල බහුල උපකරණ සමඟ පිරී ගියේය. මෙම පසුබිම් තුල ඒකක මිලියන 2.4 ක නිෂ්පාදන පරිමාව වාර්තා කරන අතර  හත්වන පරම්පරාව වන කොරොල්ලා  මෝටර් රථය අද වන විටත් හොඳ වාහනයක් ලෙස නම් කල හැක.
Corolla E100 sedan
හත්වන පරම්පරාව මුලින්ම නිකුත් කරන ලද ආකෘති අතර, සෙඩාන් හා දොර-2 Coupe (කොරොල්ලා  ලෙවින්) ද ඇතුළුව  වැගන් රථය එකතු විය. ඊළඟ අවුරුද්දේ දී දොර-3 හැච්බැක් (Corolla FX) සහ 4 දොර-4 Hardtop (Corolla Celles) එකතු කරන ලදී. පෙට්‍රොල් එන්ජින්, ලීටර්-1.3 4E-FE, ලීටර්-1.5 5A-FE, ලීටර්-1.6 4A-FE, sports twin cam 4A-GE සහ superAarged 4A-GZE  ඩීසල් එන්ජිම,  ලීටර්-2.0 2C ඇතුළු එන්ජින් වර්ග පහකින් සමන්විත විය. 4 speed, 5 speed සහ 6 speed යන කාණ්ඩ යටතේ manual සම්ප්‍රේෂණයක්ද 3 speed හා 4  speed කාණ්ඩ යටතේ auto සම්ප්‍රෙෂණයක් ඇතිව නිශ්පාදනය කෙරින.
Corolla E100 rear view
 පිටත පෙනුම සලකා බැලු විට ඉදිරිපස බෆර් එක වැඩි වායු ප්‍රමාණයක් අවශොෂණය කර ගත හැකි ආකාරයට  වගේම තිරස් රෙඩියෙටර් එකකින් සමන්විත වන අතර ඇතුලත නිමාවද ඒ අනුකුල වන ආකාරයට ඉහල ප්‍රමිතියකින් නිමවා තිබේ.
Corolla 5 door hatchback
හත්වන පරම්පරාවේ කොරොල්ලා  හි සියලුම එන්ජින් එන්ජින් EFI-equipped (Electric Fuel Injection) double overhead cam එන්ජින් ලෙස සැලසුම් කර ඇත. මෙම EFI හා twin cam එන්ජින් දෙවැනි පරම්පරාවේ "High-mecha twin cam" එන්ජින් ලෙස හැඳින්වේ. ලීටර්-1.3 4E-FE එන්ජිම විසින් සාම්ප්‍රදායක 2E එන්ජිම මත පදනම්ව EFI සහ "High-mecha twin cam" බවට පරිවර්තනය කරන ලදී. මෙම එන්ජිම 100ps / 6600rpm උපරිම ප්‍රතිදානයක් සහ උපරිම 11.8kg-m / 5200rpm උපරිම ප්‍රවේගය ලබා දුනි.
හයවන පරම්පරාවේ උරුමය වූ ලීටර්-1.5 5A-FE එන්ජිම - සිලින්ඩර් හිස (cylinder head) අලුතින් නිර්මාණය කරන ලද අතර, 105ps / 6000rpm උපරිම ප්රතිදානය සහ උපරිම 13.8kg-m / 4800rpm උපරිම ඝට්ටනයක් උත්පාදනය විය.
Corolla AE100 coupe
ලීටර්-1.6 4A-FE එන්ජිම වැඩි දියුණු කිරීම සඳහා dual exhaust manifold  භාවිතා කරන අතර උපරිම නිපැයුම 115ps / 6000rpm හා උපරිම බර 15.0kg-m / 4800rpm වේ. නව  sports twin cam 4A-GE engine විසින් එම 1.6-ලීටර එන්ජිම  විස්ථාපනය සිදු කරන ලදී.  6 වන පරම්පරාවේ කොරොල්ලා  සිට ඉදිරියට ගෙනයනු ලැබූ 4A-GZE එන්ජිමට ප්‍රධාන වෙනස්කම් සිදු නොකළ නමුත් exhaust system සුළු වෙනස්කම් සිදු කර ඇති අතර, 170ps / 6400rpm උපරිම ප්‍රතිදානයක් සහ  21.0Kg / 4400rpm ලබා ගන්නා ලදී.
Corolla E100 wagon
හත්වන පරම්පරාවේ කොරොල්ලා  හත්වන පරම්පරාව අභ්‍යන්තර අවකාශය සඳහා, head clearance, rear legroom සහ අභ්‍යන්තර පළල ප්‍රසාරණය කිරීමෙන් පහසු ආසන අවකාශයක් ලබා ගන්නා ලදී. විශේෂයෙන් පසුපස ආසනයෙහි සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා ආසන පුළුල් කරන ලදි. ඉහළ ශ්‍රේණි ආකෘතිවලදී, automatic air conditioning , speed sensitive door locks, automatic headlamps, wireless key-less entry system සම්මත උපකරණ ලෙස සම්මත විය.
Interior view

සුරක්ෂිතභාවය කරා පාරිභෝගිකයින්ගේ වැඩි අවධානයක් දැක්වීම නිසා හත්වන පරම්පරාවේ කොරොල්ලා  විවිධ ආරක්ෂක උපකරණ ලබා දී ඇත. වත්මන් වාහනවල ලක්ෂණ අනුව උපකරණ වැඩි දියුණු කරන ලදී. හදිසි තිරිංග තුළදී  භාවිතා කරන  4-wheel Anti-lock Brake System (ABS) සහ high mount stop lamp, සියලු මාදිලිවල විකල්ප ලෙස ලබා දී ඇත. ඊට අමතරව රියදුරු ආසනය SRS (Supplemental Restraint System) airbags සහ side door beams  සහිත අතර ඉදිරිපස disc brakes භාවිතා කර ඇත.
මෙහි ඇති තවත් විශෙෂාංග කිහිපයක් නම් මෙසේය
  • Viscous LSD (Limited Slip Differential)
  • Electric combination meters
  • Seats made by Recaro
  • 3-point seatbelts for the rear seat
  • Projector fog lamps
  • Flame retardant treatment of interior part
E110: අටවන පරම්පරාව (Eighth generation) 1995–2000

1995 මැයි මාසයේදී ජපානයේ වෙළඳපොළට හදුන්වාදුන් අටවන පරම්පරාවේ කොරොල්ලා (E110) රථය ආර්ථික කාර්යක්ෂමතාව ,පරිසර හිතකාමි  සහ මගි ආරක්ෂාව ඉලක්ක කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු බර අඩු කිරීමෙන් ඉහළ මට්ටමේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අත්පත් කර ගෙන ඇත. ආරක්ෂණ උපකරණ වැඩි දියුණු කිරීම් වගේම ඩීසල් එන්ජිමෙන් වඩාත් පිරිසිදු වායු විමෝචනය වැඩිදියුණු කිරීම හා ප්‍රතිචක්‍රකරණ හැකියාව වැඩිදියුණු කිරීම ඇතුළුව පාරිසරික අංශ වෙත සැලකිලිමත් විය. මීට අමතරව, අලුත්වැඩියා වියදම් අවම කිරීම සඳහා රථය හානිවිය යුතු ආකාරය  සදහා, ඉදිරිපස බම්පර් සඳහා horizontally partitioning structure අනුගමනය කරන ලදී.
Corolla E110
ආරම්භක නිකුතුවේ දී අටවන පරම්පරාව වන කොරොල්ලා  විවිධ ආකාරයේ ආකෘති පහකින් යුක්ත වූ අතර එය දොර-4 sedan , දොර-2 Coupe සහ කලින් ආකෘතියෙන් වෑන් රථයක් සහ වැගන් සහ Hardtop (Corolla Celles) ක් විය. 1997 ජනවාරි මාසයේදී MPV (ජපානය සහ නවසීලන්තයේ කොරොල්ලා Spacio සහ යුරෝපයෙහි කොරොල්ලා Verso ලෙස හැඳින්වෙන) නව ආකෘතිය  එකතු කරන ලදී. MPV විශේෂයෙන් ආසන පේලි තුනක් (හෝ දෙකක්) ඉදිරිපත් කළ අතර ආසන සැකසුම් සඳහා හොඳ නමක් දිනා ගත්තේය.

Corolla E110 sedan
ආරම්භක නිකුතුවේදී ලබා ගත් එන්ජින් වර්ග 5, හත්වන පරම්පරාවේ වු අතර මෙම එන්ජින් "High-mecha twin cam" ලීටර්-1.3 4E-FE, ලීටර්-1.5 5A-FE, ලීටර්-1.6 4A-FE සහ sports twin cam ලීටර්-1.6 4A- GE පෙට්‍රොල් එන්ජින් සහ ලීටර්-2.0- 2C-III ඩීසල් එන්ජිම. කෙසේ වෙතත්, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් "High-mecha twin cam" එන්ජින්, sporty drive සඳහා sport twin cam එන්ජිම සහ ඉහළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කරන ලදී. 1998 අගෝස්තු මාසයේදී, ලීටර්-2.2 3C-E එන්ජිම වෙනුවට  2C-III ඩීසල් එන්ජිම  ප්‍රතිස්ථාපනය විය.
Corolla E110  wagon
වේග සම්ප්‍රේෂණය ද හත්වන පරම්පරාවේ ආකෘතියෙන් ගෙනයනු ලැබිනි. manual සම්ප්‍රේෂණය 4-speed හෝ 5-speed ලෙසද  ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය 3-Speed, 4-speed හෝ 4-speed ECT-S සමඟ ලබා ගත හැකිය. ස්වයංක්‍රිය සම්ප්‍රේෂණයෙහි  smooth departure acceleration response ලබා ගැනීම සඳහා හයිඩ්රොලික් ලක්ෂණ වලට වෙනස්කම් සිදු කරන ලදී.
1995-2000 Toyota Corolla (E110) Hatchback
4A-GE එන්ජින් මාදිලිවල Super-strut suspensions යුක්ත වන අතර,  helical LSD (Limited Slip Differential), sport ධාවනයට සුදුසු ය. මෙම සැකසුම ජපන් ඉදිරිපස එලවුම් රථයකට (front wheel drive) සවි කල මුල් අවස්තාව වන අතර මෙහිදි ඇතුලත රොද කැරකෙද්දි ක්ෂ්නික ධාවක බලයක් පිටත රොද වලට ලබාදිම මගින් ස්ථාවර ලෙස වංගු තුල පාලනය කිරිමට හැකියාව ලැබේ.

Interior view
ගැටුම්වල ආරක්ෂාව පිළිබඳ සැලකිමෙදි, ගැටුම් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ඉදිරිපස හෝ පසුපස ගැටීමෙන් ඇතිවන බලශක්තිය අවශෝෂණය කරවන ව්යුහයක්, පැත්තක් ගැටීමෙන් ඇති වන අහිතකර මැඩීම හා මැදිරියේ හානි අවම කිරීම සඳහා බලශක්ති අවශෝෂක ද්‍රව්‍ය යොදා ගන්නා ලදී. වෙනත් ආරක්ෂක ලක්ෂණ නව impact absorption steering column, SRS (Supplemental Restraint System) airbags සහ 3-points ELR (Emergency Locking Retractor) ආසන පටි අනුගමනය කිරීම නිසා, ජපානයේ ආරක්ෂණ ප්‍රමිතීන් සහ එක්සත් ජනපදයේ side impact ප්‍රමිති දෙකම  අත්පත් කර ගෙන ඇත.
මෙහි ඇති තවත් විශෙෂාංග කිහිපයක් නම් මෙසේය
  • දුෂ්‍ය ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ wind noise අවම කිරීම සඳහා Semi concealed wiper
  • රාත්‍රි භාවිතය සඳහා Ignition key illumination
  • සුඛෝපභෝගී හැඟීම් සඳහා Wood grained center cluster
  • One-push power window සහ power door lock switches 
  • මැටි ලිස්සීම වළක්වා ගැනීම සඳහා අමතර ටයර් පුවරුව
  • මීටර් තුළ shift position indicator
  • පසුපස ජනේල වීදුරුව තුල අන්තර්ගත වී ඇති රේඩියෝ ඇන්ටනා
  • රියදුරන් යතුර මඟහැරිම වළක්වා ගැනීමට බෲසර් භාවිතා කරයි

E120 /E130 :  නව වන පරම්පරාව (Ninth generation ) 2000–2006

නවවන පරම්පරාවේ කොරොල්ලා (E120/130) ප්‍රධාන වශයෙන් ඇතුලත නිමාව සහ උසස් මට්ටමේ උසස් තත්ත්වයේ නිමාවක් සහිත විය.  "කොරොල්ලා " පිළිබඳ මූලික සංකල්පය අතුගා දැමූ අතර සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළෝය. පළමු වරට යුරෝපීය බාහිර සැලසුමක් නිර්මාණය කිරීම ඇතුලු සියලු අංශයන් තුළ නව ප්‍රවේශයන් අනුගමනය කරන ලදී. මෙහි ප්‍රතිඵලය වුයේ කොරොල්ලා හි ඉහළ කාර්යසාධනයයි. ඒ සමඟම 21 වැනි ශතවර්ෂයේ ප්‍රමිතීන් සඳහා ප්‍රමාණවත් පවුල් වාහනයේ අංගෝපාංගයන්ගෙන් යුත් කොරොල්ලා සන්නාමය නැවත ඉපදුණේය. ජපානයේ තරඟකාරි ආර්ථික වාතාවරනයේ බලපෑම හේතුවෙන් දැඩි තරඟකරුවන්ගේ බලපෑම දැඩි වී ඇත. කෙසේවෙතත්, යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ආසියාවේ වෙළෙඳපොළ කොටසද ඇතුළුව කොරොල්ලා ලෝක වෙළඳපොල කොටස දිගටම පැවතියේය. 2005 වසරේදී කොරොල්ලා E120, මිලියන 1.39 ක් ලොව පුරා අලෙවි කරන ලදී. කොරොල්ලා සමාගම ගෝලීය මෝටර් රථයක් ලෙස නැවතත් තහවුරු කරමින් සිටී.
Corolla E120
Corolla E130

නවවන පරම්පරාව වන කොරොල්ලා නිකුත් කරන ලද්දේ සෙඩාන් සහ වෑන් රථය (Fielder) ඇතුළු ප්‍රභේද දෙකක් සමඟ Coupe මොඩලය (ලෙවින්) නතර කරන ලදී. දොර-5 හැච්බැක් (RunX) එකතු කරන ලද අතර 3-door හැච්බැක් ආකෘතිය ද විදේශ වෙළඳපොළට ලබා ගත හැකි විය. මීට අමතරව, කලින් පරම්පරාවේ minivan type Multi Purpose Vehicle (Spacio, Corolla Verso in Europe) දක්වා වූ අඛණ්ඩ නිශ්පාදනය කල අතර ජපානයේ සහ එක්සත් ජනපදයේ දී, light cross country model (Voltz / Matrix) නිකුත් කරන ලදී.

Toyota Corolla Fielder
නවීකරණය කරන ලද එන්ජින්,  නවීන පරම්පරාවේ පෙට්‍රොල් එන්ජින් BEAMS (Breakthrough Engine with Advanced Mechanism System) එන්ජින්-ශ්‍රේණියේ කොටසක් වන අතර   VVT-i (විචල්යය Valve Timing-intelligent) ක්‍රමය අනුගමනය කරන ලදී. ලීටර්-1.3 2NZ-FE, ලීටර්-1.5 1NZ-FE, ලීටර්-1.8 1ZZ-FE සහ නව 2ZZ-GE sport එන්ජිම ඇතුළුව, එන්ජින් වර්ග හතරක් ලබා ගත හැකි විය. ඩීසල් එන්ජිම සඳහා අටවැනි පරම්පරාවෙන් ලීටර්-2.2 3C-E එන්ජිම අඛණ්ඩව පවත්වා ගෙන යන අතර, මුළු එන්ජිම වර්ග පහ දක්වා ගෙන එන ලදී. මීට අමතරව, ලීටර්-1.4 4ZZ-FE සහ ලීටර්-1.6 3ZZ-FE පෙට්‍රොල් එන්ජින් සහ ලීටර්-1.4 1ND-TV සහ ලීටර්-2.0 1CD-FTV ඩීසල් එන්ජින් විදේශීය වෙළෙඳපොළ සඳහා ලබා දී ඇත.
Corolla E120 hatchback
නවවන පරම්පරාවෙහි කොරොල්ලා බාහිර සැලසුම පදනම් වී ඇත්තේ දිගින් දිගු long wheelbase, wide treads සහ විශාල කැබින් සමන්විත වූ ලක්ෂණ සහිත අංගෝපාංගයන්ගෙන් යුත් ඇසුරුම්කරණ, නිරන්තර විලාසිතාවයි. ඉදිරිපස හා පිටුපස ඇති උඩ පටලැවීම කෙටි කර ඇති අතර, මෝටර් රථයේ තත්වය වැඩි විය. එහි  overall height  රථයේ පෙනුමට බාධා නොවන සේ වැඩි කිරිමද සිදුවිය.
Corolla E120 rear view

වේග සම්ප්‍රේෂණය සඳහා, Super ECT (Electronically Controlled Transmission) ලෙස හැඳින්වෙන අලුතින් දියුණු කරන ලද ඉලෙක්ට්‍රොනිකව පාලනය කරන ලද 4 speed ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය සම්මත කරන ලදි. මෙම සම්ප්‍රේෂණය smooth shift quality සහ හොඳ ප්‍රතිචාර සඳහා ඉහළ  නිරවද්‍යතා හයිඩ්රොලික් පාලනයක් අන්තර්ගත විය.

Corolla E120 airbags
ක්‍රියාකාරී ආරක්ෂිත ප්‍රදේශය තුළ, multi reflector lamps  භාවිතා කිරීමෙන්, හොඳ දුෂ්‍යතාවයකින් යුත් විශිෂ්ට ආලෝක බෙදාහැරීමක් සහ දර්පණ  හොඳ පරාසයක දර්ශනයක් ලබා දෙන ලදී. මීට අමතරව නවීනතම නිර්මාණය කරන ලද suspension, high rigidity body structure සහ ඉහළ තිරිංග බලයක් ඇති  තිරිංග යාන්ත්‍රණය ඇතුළු වැඩි දියුණු කිරීම මගින් මූලික ආරක්ෂක ක්‍රමවේදය වැඩි දියුණු කරන ලදි. VSC (Vehicle Stability Control system), TRC (Traction Control system), ABS (Anti-lock Brake System) ඇතුළු විවිධ ආරක්ෂක උපකරණ හඳුන්වා දීමෙන් මෘදුකාංග අංශයෙන් ආරක්ෂාව වැඩි දියුණු කිරිමද සිදුවිය. අභ්‍යන්තර ගැටුම්වලදී හිසට ඇතිවන බලපෑම් අවම කිරීමේ ව්යුහයන් ලෙස SRS (Supplemental Restraint System) airbags, head impact alleviation structures සහ WIL (Whiplash Injury Lessening) concept ආසන ආකෘතීන් ඇතුළත් විය.

මෙහි ඇති තවත් විශෙෂාංග කිහිපයක් නම් මෙසේය
  • Grip type outside door handles
  • පසුපස Multi reflector combination lamps
  • AT shift lever
  • 6-speed manual transmission
  • V flex පූර්ණ කාලීන 4WD
  • EBD (Electronic Brake force Distribution)
  • ISOFIX අනුමත ළමා ආසනයක්
  • kenaf  දැව භාවිතා කරමින් Package tray trim

E140/150 : දසවන පරම්පරාව (Tenth generation) 2006-2013

10 වන පරම්පරාවේ කොරොල්ලා 2006 වසරේ හදුන්වාදෙන්නේ "Happy Corolla for Our Planet" යන පාඨය යටතේ මේ වන විට ගොඩනගා ඇති සම්ප්‍රදායට අනුකූලව උරුම කරගත් සන්නාමය රැක ගනිමින් කාර්ය සාධනය(performance) ආරක්ෂාව, පරිසර හිතකාමි, විශ්වසනීයත්වය, පහසුම් පිළිබඳ අවධානය යොමු කර ඇත. මේ පරම්පරාව තුල සිදුවන තවත් සිදුවිමක් වන්නේ ජපානය තුල ඇක්සියො (Axio)  රථය හදුන්වා දිමයි. ඒ අනුව ජපන් වෙලදපොලට E140 narrow-body මොඩලයක්ද විදෙස් රට වලට E140 wide-body මොඩලයක් නිශ්පාදනය කෙරින. මෙ අතරින් කොරොල්ලා 141 ලෙස ලංකාව තුල ප්‍රසිද්ධ wide-body යුරෝපීය කොරොල්ලාට සමානයි. පෙට්රල් ලීටර්-1.6 3ZZ එන්ජිමද  ලීටර්-2, 2C ඩීසල් එන්ජිම සහිත වාහන ලංකාවට ජපානයේ සිට ගෙන්වා ඇත.

Toyota Corolla E140 (pre-facelift)
2006 ඔක්තෝබර් 10 වන දින ජපානයෙන් නිකුත් කරන ලද කොරොල්ලා  Sedan මොඩලය Corolla Axio ලෙස හැඳින්වේ. ඇක්සියෝ නම ග්‍රීක වචනය "ඇක්සියා (axia)" යන වචනයේ අර්ථය වටිනාකම් සහිත දේවල් යන්නයි. මේ අතර වැගන් රථය තවදුරටත් Corolla Fielder  ලෙස පවත්වාගෙන යන ලදි. මෙම රථයට පිටුපස බලාගත හැකිවන ආකාරයේ දර්ශකයක් වගේම optional Intelligent Parking Assist system එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Pre-Crash Safety System (uses millimeter-wave radar) මගින් අනතුරු වලකාලිමේ පද්ධතියකින් සමන්විත වන අතර  වාහනයේ වේගය අනුව පූර්ව වාහනය සහ මංතීරුව නිරවද්‍යව අතර දුර වේගය නිරීක්ෂණය කරයි. මෙම Axio  රථ ලිටර්-1.6 1ZR-FE එන්ජිම 1.6E කාණ්ඩ යටතේද ලිටර්-1.8 2ZR-FE එන්ජිම් 1.8E / 1.8G යන කාණ්ඩ යටතේද ලිටර්-2  3ZR-FE එන්ජිම් 2.0V යන කාණ්ඩ යටතේ නිකුත් කර ඇත.
Corolla E140 (Japanese version) Axio
විදෙස් වෙලදපොලට නිකුත් කරන ලද  E140 wide body රථය (Pre-facelift version) ඇක්සියො රථයට වඩා ප්‍රමාණයෙන් විශාල, camry රථයට සමාන නමුත් ඇක්සියො රථය වගේම ඇතුලත නිමාවකින් යුත් විය. Pre-facelift version (2008-2010) සඳහා ලීටර්-1.8 ක් වන ZZ එන්ජිමක්  සහිත 5-speed Manual හා 4-speed Automatic ගියර් පද්ධතියකින් සම්න්විත විය. 2010 දී ඉන්දියාවට හා ස්පාඤ්ඤයට සුවිශේෂී වූ ලීටර්-1.4 1ND-TV ඩීසල් එන්ජිමකින් යුක්ත වූ අතර එය 6 speed automatic ගියර් පද්ධතියකින් සම්න්විත විය.

Corolla Altis 2011
ඉන්දියාව ඇතුලු දකුනුදිග  ආසියාතික රට වල කොරොල්ලා රථය, කොරොල්ලා අල්ටිස් (Corolla Altis) ලෙස හදුන්වා ඇති අතර  2008 මාර්තු මාසයේදී දියත් කරන ලදි.  J, G සහ සුඛෝපභෝගී V trim කාණ්ඩ තුල රථ ඉදිරිපත් කරන ලදී. සියලු VVT-i මගින් 1ZZ-FE එන්ජිම මගින් සවිකොට ඇත. J කාණ්ඩය සදහා manual සම්ප්‍රෙෂණය ලබා ගත හැකි වු අතර අනෙක් G, V trim කාණ්ඩ සදහා ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය පමණක් හිමිවිය. 2009 මුලදී, V 1.8 1.8 ZZ-FE වෙනුවට 2.0 3ZR-FE එන්ජිමක් සහ  ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය සවිකොට ඇත.
Corolla Fielder
2010 ජුලි මාසයේ දී ටොයොටා විසින් කොලොල්ලා Altis රථය නව bumpers, grille, air dams, rear combination lamps සහ වඩාත් වැදගත් ලෙස නව Dual VVT-i සහිත 1.8-ලීටර් 2ZR-FE එන්ජිම සහිත ලෙස වෙනස් කරන ලදී. 1.8 J කාණ්ඩය, නව 1.8 E base trim level ලෙස වෙනස් කරන ලදී.
Corolla 4 door hatchback
Altis සඳහා කුඩා යාවත්කාලීන කිරීම 2011 අගභාගයේදී එළිදැක්විණි. එහි ප්‍රභේද 4 නම් 2.0 V (3ZR-FE) sport version, CVT සහ Paddle Shift පමණක් ලබා ගත හැකිය. එය බාර්-ආකාරයේ වෙනුවට දැල් ආකාරයේ ශෙල් එකකින්  rear combination lamps, wipers with Auto Rain Sensor, Leather Seats, powered seats, mirrors and windows ස්ථාපනය කර ඇත. 1.6 V (1ZR-FE) Range-topping version, කාණ්ඩයේ සියල්ල ඇතුලත්ව 4 speed  ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය පමණක් ලබා ගත හැකිය. 1.6 G (1ZR-FE) middle version, 4-speed ස්වයංක්‍රිය  හෝ 6- speed manual සම්ප්‍රේෂණය සමඟ 2.0 V ආකෘතියට සමාන පිරික්සුමක් ඇත. 1.6 E (1ZR-FE)  Base version, 6-speed ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය  සමඟ , අඩු විකල්පයන් සහිතව ලබා ගත හැකිය. (වර්ණ තෝරා ගැනීම්,. leather ආසන, වායු දේශගුණික පාලනයක් , දුහුවිලි ලාම්පු නැත, ටොයෝටා alarm පද්ධතියක් නැත. )
Interior view
Corolla E140 ද්විත්ව ඉදිරිපස වායු බෑග්, ඉදිරිපස සහ පසුපස පේළියේ පිටුපස තිර සහිත වායු බෑග් සහ ඉදිරිපස පේළියේ ටෝසෝ වාහක බෑග් සමග ප්‍රමිතිකරණයෙන් යුතුව සවි කර ඇත. ABS සහ ක්‍රියාකාරී හිස රඳවන ප්‍රමිතීන් ද වේ. 2009 වර්ෂයේ සිට (2010 මොඩලය වර්ෂය) ටොයෝටාහි වාහන ස්ථායිතා පාලනය සහ තිරිංග පාලනය සියලු ප්‍රමිතීන් මත සම්මත විය

E170 : එකොලොස්වන පරම්පරාව (Eleventh generation) 2012-present

ටොයොටා කොලොල්ලා  (E170) 2013 වසරේ සිට ජාත්යන්තරව අලෙවි වී ඇති කොලොල්ලා ගේ එකොළොස්වෙනි පරම්පරාවයි. E170  උතුරු ඇමෙරිකානු වෙලදපොල සදහා  වඩාත්ම උචිත සැලසුමක් නිර්මාණය කර ඇත. 2013 වසරේදී  ජපාන, හොංකොං සහ ශ්‍රි ලාංකික වෙළඳපොළ සඳහා, පසුපෙල E160 කොරොල්ලා රථය ඉදිරිපත් කර ඇත.  E170 රථය,  E140 / E150 ට වඩා විශාල වන අතර එය පෙර පරම්පරාවට වඩා 100 mm දක්වා දිග wheelbase සහිතව පවතී. B1 වේදිකාව මත පදනම්ව E160 මෙන් නොව  E170 ටොයෝටා නව MC වේදිකාව මත පදනම්ව ඇත.
.
Corolla E160
Corolla E170 - North American version
එකොළොස් පරම්පරාව වන කොලොල්ලා උතුරු ඇමරිකාවේ compact car වර්ගීකරණය යටතේ පිළිගනු ලබන අතර, එය කාණ්ඩ හතරකින් L, LE, LE Eco සහ S. යනුවෙන් හැඳින්වේ. කොලොල්ලා  යනු උතුරු ඇමරිකාවේ සහ ලොව පුරා බහුලවම අලෙවි වන ආකෘතියකි. නව මාදිලියේ වෙනස්කම් බොහෝමයක් ටොයෝටා ෆූරියා මෝටර් රථයකින් උරුම කර ගත් අතර, කලින් පරම්පරාව වඩා අංග වලින් පරිපුර්ණය. ටොයොටා මෙම නව සැලසුම සමඟ ඉන්ධන කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කළ අතර, වැඩිවන ප්‍රමාණය හා බර වැඩි කිරීමේ දිගුකාලීන ප්‍රවණතාව දිගටම පවත්වා ගෙන යයි.
2015 Toyota Corolla S (ZRE172)
නව කොරොල්ලා ඇලුමීනියම්, ලිටර්-1.8 සිලින්ඩර 4 එන්ජින් දෙකක් තෝරාගෙන ඇත. LE Eco trim හැරුණු විට,  ලීටර-1.8 එන්ජිම, dual Inteligent VVT-i variable valve timing ලෙස නිපදවා ඇති අතර එය 98 kW (132 hp) නිෂ්පාදනය කරයි. LE Eco මාදිලිය ටොයොටා හි Valvematic option අඩංගු 104 kW (140 hp) එන්ජිමක් වන අතර Eco ආකෘතියේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිදියුණු වේ.  Eco ආකෘතියේ එන්ජිම ද 10.6: 1 හි වැඩි වූ සම්පීඩන අනුපාතය ද ඇත.
Corolla E160 -2016 model
Base model Corolla L සතුව 4 speed  ස්වයංක්‍රිය සම්ප්‍රේෂණය සහ කොලොල්ලා L හා S ශ්‍රේණිවල 6 speed manual සම්ප්‍රේෂණය ලබා ගත හැකිය. re-calibrated throttle, transmission and steering responses කොලොල්ලා LE Eco සහ කොලොල්ලා S හිදී ලබා ගත හැකිය. ECO ධාවන තත්ව වලදි LE Eco රථය , මූලික ආතති යෙදවුම්, හදිසියේ ආරම්භ කිරීම , ධාවක දිරිමත් කිරීම   වඩා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතුවේ. S ශ්‍රේණියේ SPORT මාදිලියේ මෘදුකාංග  මගින් ත්වරණයක් ඇති කරවන අතර වේගවත් බවක් දක්වන අතර CVTi-S මාරු වීමේ තර්කයට ප්‍රතිචාර දක්වයි. sport මාදිලියේදී Corolla විද්යුත් බල සැපයුම් පාලක වැඩසටහන වඩාත් ධනාත්මක සුහදශීලී හැඟීමක් ලබා දීමට සැලසුම් කර ඇත. ඉන්ධන බර ආර්ථිකයේ අවශ්‍යතාවයට අනුව රාත්තල් 2,900 ට අඩු වාහන බර පවත්වා ගැනීම සඳහා සරල බරින් යුත් සැහැල්ලු ව්‍යුහයක් භාවිතා කරයි. වැඩිදියුණු කරන ලද කාර්ය සාධනයන්  වඩාත් ප්‍රතිචාරාත්මක හා ගැළපෙන ධාවන අත්දැකීමක් ලබා දෙයි.

Corolla E160/E170 interior view

2016 දී 2017  E170 කෝරළයේ නව මුහුණුවරකින් නිකුත් කරන ලද නව aerodynamic scoops (50 වැනි සංවත්සරය වෙනුවෙන් පමණක්) සහිතව නිර්මාණය කරන ලදී. නවීකරණය කරන ලද tail light   නව අඟල් 7 අඟල් touch ස්පර්ශකයක් ද විය, නව Corolla SE, XSE සහ 50 වන සංවත්සරය විශේෂිත ශ්‍රේණි සහ නව බාහිර වර්ණ ඇතුළත් වේ.
Corolla E170 anniversary Model -front view
Corolla E170 anniversary Model- rear view
Corolla E170 Anniversary Model
කොරොල්ලා මොටර් රථය සෑම පරම්පරාවම ලොව වටා "පාරිභෝගික තෘප්තිය" සහ "පාරිභෝගිකයින්ගේ සතුට" ලුහුබැඳ ගොස් ඇති අතර, එම  ප්‍රයත්නයන් ඔස්සේ කොරොල්ලාගේ අලුත් තාක්ෂණය හා සංකල්ප ලොකයා හමුවට ඉදිරිපත් කරමින් Corolla DNA නිරන්තරයෙන් සංවර්ධනය වී ඇත. 1966දි පුංචි ලිටර් 1ක එන්ජිමක් සහිතව පටන් ගත්තු කොරොල්ලා කාර් එක අවුරුදු 50කට වැඩි කාලයක් පුරා රටවල් 100 කට අධික ප්‍රමාණයක මිලියන 40කට වැඩි ( 2013 වන විට ) විකුණන්න සමත් වුනා වගේම ආපු ගමන්මගේ එකතු වුනු දෙවල් බොහොමයි. අද වන විට කොරොල්ලා රථය හයිබ්‍රිට් (Hybrid) තාක්ෂණයෙක් පන ගන්වා ඇත.


~~~The End ~~~

--------------------------------------------------------------------------------------------------------------------------

වාහන ලොකය ගැන තවත් අලුත් කතාවක්  රැගෙන ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. එතෙක් කොටස් 6කින් සම්න්විත "මොටර් රථයේ ගමන් මග" කියවන්නත් අමතක කරන්න එපා. 👋👋👋👋
ඔබේ අදහස්  හා යොජනා පහසුවෙන් යොමු කිරිමට "Auto World - වාහන ලොකය" Facebook  පිටුව සමග එක් වෙන්න. (Click Here) 😃😃😃

සියලු තොරතුරු උපුටාගැනිම අන්තර්ජාලය ඇසුරිනි. All information copied from Internet.