Sunday, July 30, 2017

මොටර් රථයේ ගමන්මග : 5 කොටස

1920න් පස්සේ කාර් වලට වැඩි කැලි එකතු වෙන්න පටන් ගන්නවා. රිවර්ස් ලයිට්, රේඩියො, ඔටොමැටික් චොක් , ක්‍රොම් ප්ලේටට් රිම් වගේ දෙවල් එකතු වෙනව. තව දෙයක් තමයි චුම්බක වලින් ක්‍රියාත්මක වෙන වේග මාපක වගේම මුල් කාලේ තිබුනු සිහින් වැඩි පිඩනයක් සහිත ටයර් වෙනුවට ටිකක් මහත එවා භාවිත කරන්න වුනා. ඒ වගෙම සැප පහසුව ගැන සැලකිලිමත් වුනා. මේ කාලයේ තමයි ජෙනතන් ඩික්සන් මැක්ස්වෙල් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් යෙදිමේ ක්‍රමයක් හොයාගන්නේ. නමුත් මුල් කාලයේ දුනුකොල භාවිත කලත් ස්ප්‍රින්ග් වල තියෙන ප්‍රයොජන වැඩි නිසා වාහන වලට යොදා ගත්තා. ඒ වගේම හයිඩ්‍රොලික් බ්‍රේක් හදුන්වා දෙන්නෙත් මේ කාලෙදිම තමයි

1921දි අවුරුදු 21ක් තරම් වුනු  එන්සො ෆෙරාරි (Enzo Anselmo Ferrari), ධාවකයෙක් වශයෙන් ඇල්ෆ රොමියො (Alfa Romeo) කණ්ඩායමට එකතු වෙනවා. ඔහු දැක්වු දස්කම් නිසා 1929දි තමන්ගෙම කණ්ඩායමක් හරහා තරග කරනවා. නමුත් ඔහු භාවිත කරන්නෙ ඇල්ෆා රොමියො වාහනයක්ම තමයි.

පලමු හා දෙවන ලොක යුද්ද අතර කාලයේ තත්වයෙන් උසස් වාහන බොහොමයක් ආවා. ඒ අතරින් බුගාටි රොයල් (Bugatti Royale), රෝල්ස් රොයිස් පැන්ටම්-3 (Rolls-Royce Phantom III), බෙන්ට්ලි 8 ලිටර් වගේ කාර් විශෙශයි. මේ අතර යුරොපයේ බරින් හා මිලෙන් අඩු ඔස්ටින් 7, ෆියට් 500 වගේ වාහන නිශ්පාදනය වුනා. ඒ වගේම ජර්මනියේ ෆර්ඩිනනඩ් පෝර්ෂ් (Ferdinand Porsche) ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආරාධනයෙන් කාර් එකක් හදන්න ගන්නවා. අදටත් ලොකයේ ජනප්‍රිය වාහනයක් වෙන වොක්ස්වැගන් වල ආරම්භය වෙන්නේ ඒ ආකාරයට තමයි. පොර්ෂ් ලොකයේ වාහන නිශ්පාදනය උඩු යටි කුරු කරනවා. ඒ එන්ජිම පිටුපසට දාලා.
Rolls-Royce Phantom III
Bugatti royale


මේ සෙරම අතරේ දෙවන ලොක යුද්දෙ පටන් ගන්නවා. ඒ නිසා ඒ කාලේ යුද්දෙට ඔනේ කරන විදියට තමයි කාර් තාක්ෂණයත් වෙනස් වෙන්නේ.  මේ නිසා කාර් නිශ්පාදනයට වඩා හැදුනේ යුද්දෙට ඔනේ කරන යුද රථ වගේම ගිලන් රථ වගේ දෙවල්. ඒ වගේම පවර් බ්‍රේක් , හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝබර් වගේ දෙවල් භාවිතයට එන්නෙත් යුද්දෙන් පස්සේ තමයි. ඒ වගේම පනහෙ දශකයේ මුල් කාලේ තමයි පවර් ස්ටියරින්, එයර් කන්ඩිශන්, විදුලි බුබුලු දෙකේ ප්‍රධාන ලාම්පු වගේම ෆයිබර් විදුරු භාවිතයට එන්නේ 1953 චැව්රෝල්ට් කොර්වැට් (Chevrolet Corvette (C1)) සහ 1955 සිට්‍රොන් ඩී.එස් 19 (Citroën DS 19) වගේ වාහන වල භාවිත කලා. ඒ වගේම එන්ජින් ඔවර් හේඩ් වෑල්, කැම්ෂාෆ්ට් වගේ එවා දියුණු කල නිසා හොද ඉන්දන පරිභොජනයක් වගේම වැඩි වේගයක් ලබාගන්න පුලුවන් වුනා.
Citroën DS 19


1950 කාලෙදි කාර් නිශ්පාදනයට එන්සො ෆෙරාරි එකතු වෙනවා අලුත්ම ස්පොර්ට් කාර් එකත් එක්ක. ඒ වගේම ෆෙරාරි තමන්ගේ සමාගමෙන් හදපු කාර් සේරම වගේ එක දිගට ජනප්‍රිය වෙන්න ගත්තා. මේ අතර පොර්ෂ් හදපු ස්පොර්ට් කාර් එකත් විශෙෂයි. ඒ කාලේ පොර්ෂ් කාර් එකට ඉතා විශාල ඉල්ලුමක් ලැබෙනවා. ෆෙරාරි සහ පොර්ෂ් අතරේ ස්පොර්ට් කාර් වලට වලි ගියේ නැති උනාට පසුකාලිනව ෆෙරාරි සහ ෆොඩ් අතරේ පුදුමාකාර වලියක් යනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ෆොඩ් සමාගම Ford GT40 කියන කාර් එක හදන්නේ... ඒ ගැන කතා කරන්න කලින් ජපානයේ කාර් නිශ්පාදනය ගැන කතා කරන්න හිතුනා.

ජපානයේ මොටර් රථ නිශ්පාදනයේ ආරම්භය

ජපානය මුලින්ම කාර් හදන්න පටන් ගන්නේ 1904 ටොරාඕ යමහ (Torao Yamaha) හදපු වාශ්ප බලයෙන් දුවන කාර් එකෙන්. මේක කාර් එකකට වඩා බස් එකක්  කියන්න පුලුවන්. මොකද එකේ 10කට යන්න පුලුවන් විදියට හදපු නිසා. එහෙම පටන් ගත්තු මොටර් රථ නිශ්පාදනයට මුල්ම ඉන්ධන දහන කාර් එක හදන්නේ ඔටෝ මොබයිල් ට්‍රේඩින් සමාගමයි. මේකේ නම ටකුරි. සිලින්ඩර දෙකේ ලිටර් 1.85ක විශාල එන්ජිමක්.

1911දි මුල් වතාවට සැපපහසු වාහන හදන්න පටන් ගන්නවා. ඒ සිලින්ඩර 4 අශ්වබල 16කින් යුත් ජලයෙන් සිසිල්වන එන්ජිමක් සහිත වාහනයක් වුනා.අවුරුද්දක් ඇතුලත මේ වාහන 50ක් විකුනන්න සමත් වෙනවා.  මේ කාලෙදි තමයි මසුජීයො හෂිමොටො (Masujiro Hashimoto) ඇමරිකාවේ ඉගෙන ගෙන ජපානයට ඇවිත් සමාගමක් පටන් ගන්නේ. Kaishinsha Motorcar Works  සමාගම පටන් ගන්න මුදල් යොදවපු 3 දෙනාගෙ නම් වල මුලකුරු අරන් 1912දි ඩැට් (DAT) කියලා කාර් නිශ්පාදනය පටන් ගන්නවා. පටන් ගැන්ම සාර්ථක වෙන්නෙ නම් නැ. නමුත් 1914දි ඩැට් මොඩල් 31 කියලා හදපු කාර් එක සාර්ථක වුන නිසා 1915දි වෙලදපොලට නිකුත් කරනවා.මේ වාහනේ සාර්ථක වුන නිසා මොඩල් 41 හදනවා. 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුලුවන් ලාභදායක වාහනයක් නිසා 1925 දක්වා හොදට විකිනෙනවා.මේ කාර් සියල්ල අතින් හදපු කාර් විමත් විශෙෂයි.
DAT model 31
මේ අතරවාරයේ 1917දි ඩැට් වාහන හදපු කයිෂින්ෂා මොටර්ස් ආයතනය අසාර්ථක වෙන්න ගත්තු නිසා ඩැට් වෙහිකල් කොම්පැණි (DAT Motorcar Co.) කියලා නම වෙනස් කරනවා. මෙකෙන් හැදුවේ ඩැට් 51 කියන කාර් එක. එකෙම දොර දෙකේ කාර් එක ඩට්සන් (DATSON) කියලා හෂිමොටො නම තිබ්බා. එකෙන් අදහස් කලේ ඩැට්ගේ පුතා යන්නයි. පස්සේ මේ නම දිගටම භාවිත කරන්න වුනා. මේ නම ජපන් භාෂාවේන් තෙරුම මුදල් නාස්තිය වගේ හැගිමක් එන නිසා ඩැට් කියන සුර්යයා යන අදහසින් DATSUN ලෙස නම වෙනස් කෙරුනා. ඔහොම තමයි ඩැට්සන්  නම හැදිලා තියෙන්නේ. ඩැට් සමාගම හිට්සුයො ජිදොසා සමාගම සම්බන්ද කරගෙන ලිලා කියන වාහනය හදනවා. මේක හදන ඇමරිකානු ජාතික විලියම්  ගොර්හැම් ඩැට් සමාගමේ දියුණුවට හේතු වෙනවා. 1930දි ඩැට් 91 වාහනය වෙලදපොලට නිකුත් කිරිමත් එක්කම ටොබාටෝ ඉමොනා සමාගමත් ඩැට් සමාගම එක්ක එකතු වෙනවා. 1932දි ඩැට්සන් 10 හා 11 කියන වාහන දෙක හදුන්වාදෙනවා. මේ අතරින් ඩැට්සන් 11 කියන රථය එවකට ජපානයේ හොදම වාහනය ලෙස හැදින් වුනා
Mitsubishi Model A

මේ අතර ජපානයේ තවත් විශෙෂ කාර් සමාගමක් වෙන මිට්සුබිෂි (Mitsubishi) සමාගම 1917දි ආරම්භ වෙනවා, මුලින්ම හදන්නේ මොඩල් A කියලා විධායක ශ්‍රේණියට ගැලපෙන සුව පහසු වාහනයක්. මේක 1920 දක්වා ඇමරිකානු හා යුරොපා රට වලට පමණක් නිශ්පාදනය වුනා. මෙහෙම විකුනපු මොඩල් A වාහනයක් තවම නැවත සොයා ගන්න හැකි වෙලා නම් නැ. 1920න් පස්සේ ජපානයටත් නිපදවන්න පටන් ගන්නවා. මේ වාහනේ 2800cc එන්ජිමක් සහිත අතින්ම හදපු සුවපහසු වගෙම 7 දෙනෙකුට යන්න පුලුවන් වාහනයක් වුන නිසා කාර් එකකටත් වඩා වැන් එකක් කියන්නත් පුලුවන්. 1918දි මිට්සුබිෂි සමාගම ටි1 (T1) කියන ට්‍රක් එක හදනවා. මෙක ජපන් පලමු ට්‍රක් එක වෙනවා.  ඒ වගේම 1931දි ජපානයේ මුල්ම ඩිසල් එන්ජිම නිශ්පාදනය කරන්නෙත් මිට්සුබිෂි සමාගමයි.  මේ එක්කම බස් නිශ්පාදනය කරන්නට මිට්සුබිෂි සමාගමට පුලුවන් වෙනවා. ඒ තමයි බි46 (B46) කියන බස් එක. පසු කාලෙක ෆුසො කියන බස් නිශ්පාදනයටත් මුල් වුනේ මේ බස් එක තමයි.
Mitsubishi B46

1918දි ජපන් රජය මොටර් රථ නිශ්පාදනයට වැඩි වාසි ලබාදෙමින් යුද්දයට ගැලපෙන මොටර් රථ නිපදවන්න වුනා. මුලින්ම යුද්ද සදහා වාහන යොදා ගැනිමේ වාසිය ගැන උනන්දුවක් ඇති වෙලා තියෙන්නෙ නම් 1904-1905 කාලයේ රුසියාවට විරුද්ද යුද්ධයෙදි.  ජපානයේ  මෙහෙම මොටර් රථ හදද්දි ඇමරිකානු මොටර් රථ නිකන් ඉන්නෙත් නැ. මුලින්ම ෆොඩ් සමාගම 1925ද් යොකොහාමා නුවර පටන් ගන්නවා. ඊට පස්සේ ජෙනරල් මොර්ටර්ස් සමාගමත් ඕසාකා නුවර වාහන හදන කම්හලක් පටන් ගන්නවා. මේ කර්මාන්තශාලා වල  වේගයෙන් වාහන නිශ්පාදනය වුන නිසා  වැඩි වාසිය ඇමරිකානු සමාගම් සතු කරගන්නවා.

1933දි සාකිෂි ටොයොඩා (Sakichi Toyoda) තමන්ගේ ලොකු පුතාට ජපන් අතකින් හැදුනු නියම කාර් එකක් හදන්න උනන්දු කරනවා. ඉතින් කිචිරෝ ටොයොඩා ඔටොමැටික් ලූම්වර්ක් රෙදි නිශ්පාදනාගාරයේ කොටසක වැඩේ පටන් ගන්නවා. නමුත් මේ වැඩේ පටන් ගන්නේ නම් එතුමාගේ බැණා ඉජි ටොයොඩා. 1936 වෙනකොට ටොකියො ඉම්පිරියල් විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පුර්ණ කරලා ඇවිත්. ටොයොටා කාර් එකක් මුලින්ම හැදුනේ 1936දි. ඒ මොඩල් ඒ කියන කාර් එක. ඒ වගේම ජි 1 කියන ට්‍රක් එකත් හදනවා. යුද්දේ පටන් ගත්ත නිසා කාර් හැදිල්ල නවත්තලා යුද්දෙට ඔනේ කරන ට්‍රක් හදන්න සිදු වෙනවා. පර්ල් වරායට බොම්බ දාද්දි ටොයොටා සමාගම මාසෙකට වාහන 1000ක් හදන්න තරම් දියුණු වෙලා.
Toyota model AA

1934 වෙනකොට ඔසාකා වල නිසන් (Nissan) කියලා ජනප්‍රිය වුන සමාගමත් ඩැට්සන් සමාගම එකත් කර ගන්නවා. මේක ඩැට්සන් සමාගමේ වෙනසකට හේතු වෙනවා. මේ සමාගම හරහා මුලින්ම එලියට ආපු වාහනේට නම තියන්නේ නිසාන් කියලා නම් නෙමේයි. එකත් ඩට්සන් නමින් එන්නෙ. ඒ වහනේ ඔස්ට්‍රේලියාවට යවන්නත් හැකි වෙනවා. ඔස්ටින් 7 (Austin 7) රථයට සමාන වුනු නිසා ඔස්ටින්, එංගලන්තයට මේ වාහනයක් ගෙන්වාගෙන තමන්ගේ වාහනෙත් එක්ක සංසන්දනය කරලා බලනවා. පොඩි පොඩි වෙනස්කම් තිබුන නිසා නිසාන් සමාගමට නඩු දන්න බැරි වෙනවා. එහෙම නොවුනා නම් අද Nissan GT-R එකත් නැ. නිසාන් සහ මිට්සුබිෂි සමාගම් වල වාහන වල සීඝ්‍ර වර්ධනයත් එක්ක ජපානයේ තිබුනු ඇමරිකානු සමාගම් ටිකෙක් ටික වැහිලා යන්න ගත්තා. ඒ තමයි ජපන් වාහන ඇමරිකානු වාහන පරදවපු පලමු වතාව. මේකත් එක්ක තමයි මුලු යුරොපයම ගැස්සිලා ගිහින් ජපන් වාහන ගැන දැනගන්නේ.  නිසාන් සමාගම 1938 වෙනකොට මොඩල් 70 කියන උසස් තත්වයේ වාහනයක් නිපදවනවා. මේක තමයි මුලින්ම නිසාන් නාමය යටතේ ආපු වාහනේ.
1937  Nissan Model 70

ලොක යුද්ද පටන් ගැනිමත් එක්ක ජපන් රජය යුද වාහන නිශ්පාදනයට යොමුවෙන ලෙස වාහන සමාගම් වලට නියොග කරනවා.  1936දි මිට්සුබිෂි සමාගම ටි.ඩි 45 ට්‍රක් එකත් නිසාන් මොඩල් 80 කියන රථ 2 ඒ කාලයේ ජනප්‍රිය වෙනවා. ඒ අතරේ නිසාන් සමාගම ගුවන්යානා එන්ජින් එහෙමත් හදලා තියෙනවා.

මෙහෙම ආරම්භ වුනු ජපන් කාර් වල 60-70 ගනන් වල වෙන විප්ලවය සහ ඇමරිකානු රටවල් වල කාර් වලට මොකද වෙන්නෙ කියලා තවත් කොටසකින් විමසා බලමු. ඔබගේ වටිනා අදහස්  හා යොජනා පහලින් යොමු කරන්න.

ස්තුතියි.







Friday, July 28, 2017

මොටර් රථයේ ගමන්මග : 4 කොටස

පසුගිය ලිපිය විදුලි කාර් වලින් පටන් ගත් නිසා මේ පාරත් විදුලි කාර් වලින්ම පටන් ගන්න හිතුනා. 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ එහෙමත් නැත්නම් 1900 විතර කාලේ විදුලි කාර්  ජයප්‍රිය වුන කාලයක් වුනා. එහෙම වුනේ ගොලිය  උනුසුම්කරණයක් හෝ බලශක්ති අර්බුධයක් නිසා නෙමෙයි, ඉන්දන වලින් දුවන වාහන උදෙට ස්ටාර්ට් කරගන්න තිබුන අමාරුව හා ඉන්දන කාර් බොහොම සද්දේ නිසයි. 1902-1904 වුඩ්ස් (Clinton Edgar Woods) විසින් Queen Victoria Electric කියලා විදුලි කාර් එකක් හදනවා. මෙක ඩොලර් 1800ක තරම් මුදලකට තමයි විකුණන්නේ. මේකට පැයට සැතපුම් 18ක (29km/h) තරම් වේගයෙන් යන්න වගේම කාර් බැටරිය පැය 18ක තරම් කාලයක් දුවන්න පුලුවන් වුනා.
Woods Queen Victoria Electric
ඒ වගේම විදුලියෙන් ධාවනය වුන වාහන කුඩා ප්‍රමාණයේ එවා වුන නිසා විශාල ප්‍රමාණයේ වාහනයක් හැදෙනවා මේ කාලේ. මෙක හදන්නේ තොමස් ජෙෆරි (Thomas B. Jeffery) සහ එයාගේ පුතා චාල්ස් ජෙෆරි එක්ක. මේ වාහනේ 6 දෙනෙකුට යන්න පුලුවන් වෙලා තියෙනවා.
Louis Renault in 1903
කාර් ගැන කතා කරද්දි තවත් වැදගත් පුද්ගලයෙක් තමයි ලුවිස් රෙනොල්ට් (Louis Renault) කියන්නෙ... එතුමා තමයි 1989දි ඩ්‍රයිව් ෂාෆ්ට් (Driveshaft) එක හොයාගන්නෙ..එතුමා මෙක කරන්නේ අවුරුදු 21දි. ඒ වගේම ප්‍රංශයේ ඒ කාලේ මොටර් රථ ධාවන ශුරයෙක්. රේස් ගැන කතා කරද්දි 1906දි ලොකය පුදුම කරන කාර් එකක් හදනවා. මෙක ස්ටැන්ල් ස්ටිමර් (Stanley Steamer) ලෙස හැදින්වු මෙය වේගවත්ම සැතපුම (28.2 seconds) , පැයට සැතපුම් 127ක (204 km/h) වේගයෙන් ගිහින් එකල වේගවත්ම කාර් එක බවට පත් වෙනවා.  තරගේට ප්‍රංශයේ රෙනොල්ට් සහ පර්ජෝ, කාර් හැදුවා. පර්ජෝ තමයි ඉස්සරහින් හිටියේ. 1910 වෙනකොට එතුමාගේ ඥාති එක්ක එකතු වෙලා අලුත් කාර් ගණනාවක් හැදුවා. 1913දි පර්ජො තමන්ගේ සමාගමින් ඉවත් වෙලා යනකොට කාර් 10000ක් විතර හදලා තිබුනා.

1910 වෙන විට යුරොපයේ අපි කගෙත් සිහිනයක් වෙන කාර් සමාගමක් බිහිවෙනවා. ඒ ඉතාලි ජාතික එටෝරේ බුගාටි (Ettore Bugatti) ජර්මනියේ කාර් කොම්පැණියක් දාගෙන පොඩි කාර් එකක් හදන්න පටන් ගන්නවා. ලිටර් 1.35 ක් හා සිලින්ඩර් 4ක එන්ජිමක් තියලා සැහැල්ලු කාර් එකක් හදනවා. මේක මොටර් රථ ඉතිහසය වෙනස් කල කාර් එකක් කියලා පිලිගන්නවා. 1913 වෙනකොට මුල්වතාවට 16 වැල්ව් එන්ජින් එකක් හදන්න ගන්නවා. මෙක පිස්ටන් හතරෙන් හතර ක්‍රමය තමයි යොදාගෙන තියෙන්නේ.
Bugatti type 13

ලොකයේ ප්‍රථම මොටර් රථයට හිමිකම් කියන කාල් බෙන්ස් 1900 වන විට ජයප්‍රියම කාර් නිෂ්පාදකයා වුනා. ඒ කාලයෙදිම ඇමරිකාවේ රැන්සම් ඔල්ඩ්ස් කාල් බෙන්ස් වගේම ජනප්‍රිය වුනා ඔහුගේ Olds Motor Vehicle Company (later known as Oldsmobile) හරහා නිශ්පාදනය වුනු කාර්ව්ඩ් ඩෑශ් (Curved Dash) කියලා කාර් එකෙන්. එකෙන් රථ 425ක් හදලා තියෙනවා. පසුගිය ලිපියෙන් තිරිංග ගැන කතා කලාට මුලින්ම ඩ්ක්ස් බ්‍රේක් (Disk Break) සංකල්පය හදුන්වා දෙන්නෙ 1901දි බ්‍රිතාන්‍යයේ ෆෙඩ්‍රික් විලියම් (Frederick William Lanchester ) විසින්. මේ නිසා ලෙසියෙන් වාහන නතර කරගන්න පුලුවන් වුනා වගේම බ්‍රිතාන්‍යයේ මුල්ම රොද 4 වාහනය හදන්නෙත් මෙතුමාම තමයි. තිරිංග වගේම හොද ප්‍රධාන ලාම්පු වර්ගයක් ( acetylene headlights) හදන්න කාල් ග්‍රැහැම් (Carl G. Fisher) සහ ජේම්ස් ඇලිසන් (James A. Allison) එකතු වෙලා සමත් වෙනවා.

අද වෙන විට ලොකයේ වැඩිම වාහන නිශ්පාදනය කරන්නෙ ජපානය  වුනාට 1904 වෙනකන්ම ප්‍රංශය තමයි අණසක පතුරවන් ඉදලා තියෙන්නෙ. ඊට පස්සේ ඇමරිකාව මුල් තැන අරන් තියෙනවා 1980 වෙනකන්ම. ඒ නිසා මොටර් රථ ඉතිහාසයෙ ඇමරිකාව සුවිශේෂි ස්ථානයක් ලබාගන්නවා. ජපානය ගැන බලද්දි මුලින්ම ජපානෙට ඇවිත් තියෙන්නේ 1896 ජනවාරි වලදි ජර්මනියේ නිස්පාදනය කරපු මොටර් සයිකලයක්. එක එච් ඇන්ඩ් ඩබ්ලිව් (H & W) වර්ගයේ එකක්. මෙක පෙට්‍රොල් වලින් තමයි දුවලා තියෙන්නේ. මෙක ටොකියො වල දුවද්දි හැමොම වගේ පුදුමෙන් බලන් ඉදලා තියෙනවා. එකෙන් පස්සේ තමයි ජපානයේ මොටර් රථ ගැන උනන්දුවක් ඇතිවෙලා තියෙන්නෙ.. ඊට මාසෙකට පස්සේ පෙබරවාරි වලදි රොද 4 කාර් එකක් ජපානෙට ගෙනිහින් තියෙනවා. මේක ප්‍රංශයේ පැන්හාඩ් කාර් එකක්. ජපානය වගේම ඒ කාලේ බෙල්ජියමේ කැමිල් ජෙනාට්සි මුල්ම රෙසින් කාර් එකක් හදලා තියෙනවා.. මේකට පැයට හැතැක්ම 68ක විතර වේගයෙන් යන්න පුලුවන් වෙලා තියෙනවා.
Bowser’s invention, which could reliably measure and dispense kerosene

1900 මුල් භාගය වෙන විට ඇමරිකාව තුල විතරක් 25000 කට අධික කාර් ප්‍රමාණයක් නිපදවනවා. මේ අතර විදුලි කාර් ද වෙනවා.විදුලි කාර් කියද්දි බැටරි චාජ් කරගත්තේ කොහොමද කියලා හිතනවා ඇතිනේ.. ඒ කාලේ විදුලි කාර් හිමියො හැමවෙලාවෙම බැටරි චාජ් කරන්න පුලුවන් ගරාජ් තියෙන පාරවල් වල තමයි ගිහින් තියෙන්නෙ. ඉන්ධන වලින් දුවන වාහන වලටත් මේ ප්‍රශ්නයම තිබුනා. මෙකට විසදුමක් ලබාදෙන්න සිල්වාන්ස් බොවුසර් (Sylvanus Freelove Bowser) සමත් වෙනවා. ඒ වාහන වලට ඉන්දන පුරවන්න පුලුවන් විදියේ පොම්පයක් නිශ්පාදනය කරනවා. එයින් පස්සේ 1907 දි ජොන් මැක්ලින් ප්‍රථම සේවා හල පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්දන සැපයිම, ලිහිසි ද්‍රව්‍ය සැපයිම වගේ දෙවල් කරනවා.

At Jake Gumper’s grocery store, Bowser formed the S. F. Bowser & Company and patented his invention in late October 1887


පසුගිය ලිපියෙන් ෆොඩ් ගැන කතා කරද්දි 1903 සැප්තැම්බර් මාසයේ තමයි ෆොඩ් එයාගේ අලුත්ම සමාගම පටන් ගත්තේ. මේක පටන් ගනිද්දි අපුරු කතාවක් කියනවා. ඒ " හැම කෙනෙක්ම සල්ලි වලට ගන්න පුලුවන් කාර් එකක් මම හදනවා " කියන එක. ඒ කාලේ කවුරුවත් හිතන්නෙ නැතුව ඇති ඒ කතාව ඇත්ත වෙයි කියලා. මුලින්ම හදන්නේ මොඩල් ඒ (Model A) කියන වාහනේ මෙක ඩොලර් 850කට විකුනන අතරේ 1094 දි මොඩල් බී (Model B) කියන වාහනේ පැයට සැතපුම් 90ක වේගයෙන් යන්න පුලුවන් විදියට හදනවා. මෙක ඩොලර් 2000කට විකුනනවා. නමුත් ෆොඩ් ජනප්‍රිය වෙන්නෙ නම් කලින් කිවා වගේ පෙටන්ට් එකට සටන් කරන එකෙන්. මොඩල් ටි (Model T) ගැන කතා කලාට ඊට කලින් මොඩල් කේ (Model K) කියලා එකක් හදනවා. පැයට සැතපුම් 60ක වේගයෙන් ධාවනය  වුනත් ඊට වඩා සැප පහසු වාහනයක් හදන සිතුවිල්ලෙන් තමයි මොඩල් ටි උපදින්නේ.
Ford Model T production line

ෆොර්ඩ් තම සමාගම තුලින් මොටර්  රථ නිශ්පාදනයේ පෙරලියක් කරනවා. ඒ වාහනයක කොටස් කිහිප දෙනෙකු එකතු වෙලා රේල් පාරක් දිගේ යද්දි සවි කිරිමෙ ක්‍රමය. මෙකත් එක්ක කාර් හදන එක වේගවත් වුනා වගේම විකුනන එකත් වැඩි වුනා. මුල් කාලයේ Model T වාහනයක් නිර්මාණය වෙන්න මිනිත්තු 728ක් පමණ ගත වුනත් ක්‍රමයෙන් මිනිත්තු 78 දක්වා අඩු කරගෙන තියේන්ව. ඒ සේවකයන්ගේ වැටුප් ඩොලර් 5 දක්වා වැඩි කරලා, වැඩ කරන කාලය පැය 9 ඉදන් 8 දක්වා අඩු කරලා. මේ අනුව හැම තප්පර 24කට පාරක් ෆොඩ් මොඩල් ටි රථයක් කර්මාන්තශාලාවෙන් එලියට ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ කාලේ වෙනකොට තමයි V8 කියන එන්ජිම එන්නේ.එක කොයොටේ කියන සමාගම වැඩිදියුනු කරනවා. එකෙන් වාහන වල වේගය වැඩි කරන්න පුලුවන් වෙනවා.
1903 Ford Model A
මොටර් රථ වලට AUTOMOBILE කියන නම මුලින්ම වටෙන්නේ 1897 ඇමරිකාවේ නිව්යොක්ස් ටයිම්ස් කියන පුවත්පත හරහයි. නමුත් 14 වන සියවසේ හිටපු මාටිනි කියන සිත්තරා මුල් වතාවට භාවිත කල කියලත් විශ්වාස කරනවා. මේ එක්කම මුලින්ම වාහන වලට අංක තහඩු ආවේ කොහොමද බලද්දි ප්‍රංශයේ පොලිසිය 1893දි තමයි පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ ඇමරිකාවේ නිව්යොක්ස් නගරයේ පිලිවෙලකට මේ වැඩේ පටන් අරන් තියෙනවා.

1902දි ඩේවිඩ් ඩැන්බර් බියුක් (David Dunbar Buick) වාහන නිර්මාණය කරන්න පටන් අරන් තියේනවා. මුලින් සාර්ථක වුනත් පසුව බංකොලොත් වුන නිසා 1904දි ඒ සමාගම විලියම් ඩුරන්ට් (William C. Durant) ට විකුණනවා. පසුකාලිනව විශලතම මොටර් රථ නිශ්පාදකයා වුනු ජෙනරල් මොටර්ස් සමාගම (GMC) බවට පත් වුනේ මෙක තමයි. 1908 වන විට ලොකයේ විශාලතම මොටර් රථ නිශ්පාදකයා වුනෙත් මේ සමාගම තමයි.

මුල් කාලේ වාහන ගොඩක් එවා වහලක් නැති එවා. 1910දි මුල් වතාවට සම්පුර්ණයෙන් වහපු තට්ටුවක් තියෙන කාරි එකක් හදන්නෙ ෆිෂර් සමාගමයි. කැඩිලැක් සමාගම මුල් වෙලා ෆිෂර් සමාගම හරහා එක සැරේ කාර් බොඩි 150ක් විතර හදලා තියෙනවා.  මේක වෙනස් කරන්න ඇමරිකාවේ එඩ්වඩ් ජි. බඩ් (Edward Gowen Budd) මුල් වතාවට යකඩින් ආවරණය වුන වාහනයක් හදනවා. බඩ්ගේ සැකිල්ල , මිලයට ගත්තු ජොන් (John Francis Dodge) සහ හොරේස් ඩාජ් (Horace Elgin Dodge) ජනප්‍රිය ඩාජ් මොටර් රථය මුලින්ම නිර්මාණය කරනවා 1914දි.
1915 dadge car

1916දි ඔන්න ටික ටික ගෙවලා කාර් ගන්න ක්‍රමයක් ඇමරිකාවේ ඇති වෙනව. දැන් ලිසිං කරලා වාහන ගන්න විදියේ ආරම්භය තමයි. මේ නිසා ගොඩක් අය වාහන ගන්න වගේම වාහන නිශ්පාදනයත් ඉහල ගියා. ඒ වගෙම කාර් වල මිල ගණන වේගයෙන් පහල ගියා.

1920න් පස්සේ වාහන වල ගොඩක් වෙනස්කම් ඇති වෙනවා. මේ ගැන තවත් ලිපියකින් කතා කරමු.  අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )





Wednesday, July 26, 2017

මොටර් රථයේ ගමන්මග : 3 කොටස

විදුලියෙන් දුවන කාර් එහෙමත් නැත්නම් විදුලි මොටර් රථ (Electric Motor cars) කියන සංකල්පය ගොඩක් අය ලගදි ආපු දෙයක් කියලා හිතුවට මෙකත් 18 වන් ශතවර්ෂය දක්වා දිවෙන කතාවක්. මුල් කාලයේ නැවත ආරොපණය කල හැකි බැටරි තිබුනේ නැති නිසා ප්‍රාථමික ගණයේ බැටරි (non-rechargeable primary cells) යොදාගෙන තමයි කාර් හදන්න පටන් අරන් තියෙන්නේ.  මෙසේ ආරම්භ වුනු විදුලි මොටර් රථ වලට නව ජීවයක් ලබාදෙන්න ප්‍රංශ  ජාතික ගැස්ටන් ප්ලෙන්ටේ (Gaston Planté) සමත් වෙනවා. ඒ 1859දි ලෙඩ් ඇසිඩ් බැටරිය (The lead-acid battery) සොයාගැනිමෙන්. පසුකාලිනව නැවත ආරොපණය කල හැකි බැටරි ( rechargeable electric battery)  ලෙස භාවිත කරන්නේ මේ සොයා ගැනිමයි.  මෙතනින් නොනැවතුනු එතුමා 1865දි ආරොපණය කල හැකි බැටරියක ආධාරයෙන් පමණක් දුවන කාර් එකක් හදනවා. පසු කාලිනව මේ බැටරිය වැඩි දියුණු කරලා 1881දි කැමිල් ෆොර් (Camille Alphonse Faure) වැඩි කාලයක් වැඩි වේගයෙන් ගමන් කරවන්න පුලුවන් රථයක් නිර්මාණය කරනවා.

Riker treasure bus                                                                   Riker tricycle 

මේ අතර ඇමරිකාවේ එ.ඇල්. රිකර් (A.L. Riker) සහ විලියම් මොරිසන් දෙන්නා එකතු වෙලා 1900 විතර කාලේ හය දෙනෙකුට යන්න පුලුවන් විදුලි කාර් හදලා තියෙනවා. මුලින්ම හදලා තියෙන්නේ රොද 3ක් තියෙන එකක්. මෙවා වල වැඩි දෙනෙකුට යන්න පුලුවන් විදියට නිර්මාණය කරපු නිසා කුලි රථ ලෙසද යොදා ගෙන තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්.

ප්‍රංශය ගැන කතා කරද්දි තව දෙයක් තමයි සම්පුර්ණ කාර් එකක් හදපු එක ගැන. ඒ කියන්නේ කැලි කැලි වෙන වෙනම හදලා එකතු කරනවා වෙනුවට එක සැරේ හදන ක්‍රමවේදයක් 1889දි පැන්හාර්ඩ් (Panhard) සහ ලැවාසොර් කියන වාහන හදපු කොම්පැනි වලින්  හදුන්වා දෙනවා. ඊට පස්සේ 1891දි පර්ජො (Armand Peugeot) එකතු වෙලා සියලුම කොටස් එක තැනකදි හදලා සම්පුර්ණ කාර් එකක් හදනවා. පැන්හාර්ඩ් (René Panhard) ගැන කතා කරද්දි අලුත් කාර් වලට සමාන විදියේ ක්ලච් එක පාගලා ගියර් දාන ක්‍රමයත් පසුපස රොද වලින් බල්ය සපයන  විදියට කාර් එකක් හැදුවේ.ඒ ව්තරක් නෙමෙයි වාහනයක ඉදිරිපස කොටසට එන්ජිම සවිකිරිමේ ක්‍රමය පටන් ගන්න මුලික වෙලා තියෙන්නෙත් මෙතුමාම තමයි.

මේ කාලෙ සිදු වු තවත් වැදගත් සිදු විමක් නම් ඩිසල් එන්ජිම හොයා ගැනිම. එක වෙන්නෙ රුඩොල්ෆ් ඩිසල් (Rudolf Diesel) 1896දි වැඩි දියුණු කල පෙට්‍රොල් එන්ජිමක් හදනවා. මේක පෙට්‍රොල් හා ඩිසල් 2න්ම වැඩ කරන්න පුලුවන් වෙනවා.ඒ එන්ජිම දියුණු කරලා තමයි අද පවතින ඩිසල් එන්ජිම හදලා තියෙන්නේ
Diesel’s third test engine used in the successful 1897 acceptance test

මේ අතර ඇමරිකාව ගැන කතා කරද්දි පලමු ලිපියෙන් යන්තන් ලියවුනු ජොර්ජ් සෙල්ඩන් ගැන කිව යුතුයි. 1895දි මෙතුමා හදපු රථයට පෙටන්ට් බලපත්‍රයක් හිමි විමත් සමග ඇමරිකාවේ හැම වාහන නිෂ්පාදකයෙකුම පෙටන්ට් එකට ගෙවන්න වුනා. මේ නිසා සෙල්ඩන් නිකන්ම සල්ලි කාරයෙක් උනා.මේ වැඩෙට විරුද්දව ෆොර්ඩ් (Henry ford) දාපු නඩුවෙන් සෙල්ඩන් පරාද වෙනවා. ෆොර්ඩ් ගැන කතා කරද්දි මුලින්ම 1896දි ක්වාඩ්‍රයිසිකල් (Ford Quadricycle) කියලා වාහනයක් හදනවා.රොද 4 වාහනයක් වුනු මෙකට 1893දි ෆොර්ඩ් හදපු එන්ජිමක් තමය් භාවිත කරලා තියෙන්නේ... මෙක ඩොලර් 200ක් තරම් අඩු මුදලකට විකුණලා තමයි කාර් හදන්න පටන් අර ගන්නේ

Ford Quadricycle

මෙහෙම කාර් හදන්න පටන් ගත්තු ෆොර්ඩ් ගැන පැති කිහිපයක් ඔස්සේ කතා කරන්න පුලුවන්. එතුමා නිර්මාණය කරපු මොඩල්-ටි (Model-T) වාහනය මිනිස්සු අතර වාහන කියන එක විලාසිතාවක් බවට පත් කරන්න සමත් වුනා. 1908 ඔක්තොම්බර් පලමුවෙනිදා හදුන්වා දුන් මේ මොඩල්-ටි කියන කාර් එක සිලින්ඩර් 4ක් සහිත අශ්වබල 20ක එන්ජිමකින් සමන්විත වුනා වගේම ඉදිරියට ගියර් 2ක් හා පිටුපසට ගියරයකින් සමන්විත වුනා.  ඩොලර් 825-850ත් අතර මුදලකට විකුණුනු මේ රථය මුලින් රතු, කොල හා ලානිල් යන පාට වලින් විතරක් ආවත් පසු කලෙක සැම පාටකින්ම වගේ ඇවිත් තියෙනවා.  හදුවාදුන් මුල් මාස තුනේ කාර් 6000 ක්ද ගත වු මුල් වසරක කාලය තුල කාර් 10000ක් විකුණන්න පුලුවන් වෙලා තියෙන්නේ ගැලුමකට සැතපුම් 30ක තරම් දුරක් යන්න පුලුවන් ලාභ දායක වාහනයක් වුන නිසයි. මේ හේතුව නිසා කලින් හද හද හිටපු A,B,C,F,K,N,S  ඔක්කොම වාහන නවත්තලා මොඩල් ටි හදන්න පටන් අරන් තියේනවා. අලවියෙන් පසු ෆොඩ් සමාගම ලබාදුන් සේවය නිසා වසර 19ක් පුරා කාර් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා.
Ford Model T - 1908

මේ කාලයේ ශිත කාලගුණය එක්ක වාහන වල එන්ජිම සිසිලනය සදහා යොදාගත් ජලය මිදිම වලක්වාලිමට වායු යොදාගැනිමේ ක්‍රමයක් සොයා ගත්තා. ඒ වගේම 1908දි හැරල්ඩ් විල්ස් වැනිඩියම් යකඩ සොයා ගැනිමත් සමග ෆොඩ් තමන්ගේ මොටර් රථ වලට මේ යකඩ භාවිත කරලා තියෙනවා.

මේ කාලය වෙන විට මොටර් රථ වගේම ඒවයේ කොටස් වැඩි දියුණු කරන්න විවිඩ සොයාගැනිම් කරලා තියෙනවා. මේ කාලය වන විට වාහන ස්ටාර්ට් කරන ක්‍රමයක් ( electrical starting motor) චාර්ල් ෆ්‍රැන්ක් කෙටරින්ග්  (Charles Franklin Kettering) හදුන්වා දෙනවා. ඊට අමතරව එතිල් ඉන්ධනත් සොයා ගැනිම වැදගත් වෙනවා. ෆයර්ස්ටොන් (Firestone Tire and Rubber Company) ,ගුඩ්රිච් (BFGoodrich) සහ ජෙනරල් (General Tire) අතරේ ටයරය දියුණු කිරිමට තනි අයිතිය ලබාගන්න හැදුවත් සාර්ථක වෙන්නෙ නැ. ඒ වගේම වාහනයක අත්‍යාවශ්‍ය දෙයක් වෙන තිරිංග සොයා ගන්නෙත් මේ කාලෙදිමයි. ඒ හර්බට් ෆෲඩ් (Herbert Frood) විසින් රිම් එකට තද වෙන ආකාරයට බයිසිකල් වල ආකාරයේ තිරිංග තමයි හදලා තියෙන්නේ. පසුපස රොද වල රිම් එකට සවි කල ලි හො යකඩ තැටියකට සවිකරලා තමයි තිරිංග ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

මේ ආකාරයට තිරිංග, ටයර් දියුණු වුනු මොටර් රථ වගේම ෆොඩ් මොඩල් ටි ඉදිරිපියවර සමග තවත් ලිපියකින් හමුවෙමු. අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )




Tuesday, July 25, 2017

මොටර් රථයේ ගමන්මග : 2 කොටස

පලමු ලිපියෙන් විස්තර කල ආකාරයට මොටර් රථයක් හදන්න මුලින්ම පටන් ගත්තේ යුරොපා රටවල අය උනාට ඇමරිකාවේ අයත් නිකන් බලන් හිටියේ නැ. ඒ අයත් එක එක විදියේ වාහන හදන්න උත්සහා කලා. මුලු ඇමරිකාව පුරාම රථ වාහන ගැන ප්‍රබොධයක් ඇති කරපු කෙනෙක් තමයි ජේ.ඩබ්. කාර්හාට් (John Wesley Carhart).  එතුමා විස්කොන්සෙන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබද කතිකාචාර්‍ය (physics professor at Wisconsin State University) කෙනෙක් වෙනවා. එතුමා විසින් වාශ්ප බලයෙන් යුතු රථයක් නිර්මාණය කරනවා 1871දි. එතුමා  සංවිධානය කරනවා සැතපුම් 200ක් දුර කාර් රේස් එකක්  (The Great Race of 1878)  ග්‍රින් බේ (Green Bay) වලින් පටන් අරන් ඇප්ලෙටන් (Appleton), ඔෂ්කොෂ් (Oshkosh), වූපොන් (Waupon), වෝටර්ටවුන් (Watertown), ඇට්කින්සන් කොටුව (Fort Atkinson) සහ ජනස්විල් (Janesville), එතැන් සිට උතුරු දෙසට හැරී මැඩිසන් (Madison) දක්වා.
believed this photo was taken at the time of the race

මේ තරගයට කාර් 7ක් ඉල්ලුම් කරනවා. ඒ උනාට තරගයට ඇවිත් තියෙන්නේ කාර් 2ක් විතරයි. ඒ තමයි ඔෂ්කොෂ්  හා ග්‍රින් බේ වලින් ආපු කාර් 2, මේ අතරින් ග්‍රින් බේ වලින් ආපු කාර් එකේ වේගය වැඩි උනාට මගදි කැඩිලා. පැයට සැතපුම් 6ක වේගයෙන් ගමන් කල ඔෂ්කොෂ් වලින් ආපු කාර් එක තරගය ජයග්‍රහනය කරනවා. හරියට ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේ දෙයක්
වගේ වෙලා  තියෙන්නේ.

රේස් එක කොහොම උනත් මුල්ම කාලේ වැඩිම දුරක් ගමන් කල මොටර් රථයට හිමිකම් කියන්නෙත් කාල් බෙන්ස්ගේ කාර් එකම තමයි. එකත් හරි අපුරු සිදුවිමක්, බෙන්ස් මැතිනිය (Bertha Benz) දවසක් රැ තනියම බෙන්ස් හදපු කාර් එකෙන් සැතපුම් 66ක් (106km) දුර මැතිනියගේ මව බලන්න මැක්හිම් (Mannheim) ඉදලා ෆොසීම් (Pforzheim) දක්වා ගිහින් තියෙනවා. බෙන්ස් මහතාගේ අවසරයකින් තොරව සිදු වු මෙම සිදුවිම දෙන්නා රණ්ඩු වෙලා තරහා වෙලා ගියද කියන්න දන්නෙ නැ. එත් මේ සිදුවිම සමග ලොකයේ ප්‍රථම ඉන්ධන පිරවුම් හල බිහිවෙනවා වයිස්ලොච් (Wiesloch ) වල. ඒ මැතිනිය නගරයේ ෆාමසි එකකින් මොටර් රථයට ඉන්දන මිලදි ගැනිමත් සමගයි.

Bertha Benz monument in Wiesloch where she made a stop to take in fuel at the city pharmacy, which is now dubbed "the first filling station in the world"
1888 අගොස්තු මාසයේ ඇමරිකාවේ පලමු වතාවට එකල ජනප්‍රිය පියානො නිශ්පාදන සමාගමක් උන ස්ටෙන්වේ (steinway) සමාගම  එන්ජින් ෆක්ටරි එකක් හදනවා ඩෙම්ලර්ගේ කාර් එන්ජින් තාක්ෂණය උපයොගි කරගෙන. නමුත් මෙය එතරම් සාර්ථක වෙන්නෙ නම් නැ.

මේ අතර 1891 දි ජොන් ලැම්බර්ට් (John Lambert) කියලා කෙනෙක් රොද 3 කාර් එක්ක හදනවා. එයා එක ඩොලර් 550ක තරම් මුදලක් වියදම් කලත් ඒ කාලේ හැටියට විශාල මුදලක් නිසා කවුරුවත් කැමති වෙන්නෙ නැ. ඒ වගේම රැන්සම් ඕල්ඩ්ස් (Ransom E. Olds) (Olds Motor Vehicle Company (later known as Oldsmobile)) ප්‍රධාන වාශ්ප කාර් නිශ්පාදකයෙක් වුනා. ඒ වගේම ප්‍රථම assembly line සංකල්පය භාවිත කලේද ඔහු විසින්. එතුමාගේ සමාගම හදපු වාශ්ප කාර් එකක් ඉන්දියාවට යවනවා ලැබුනු ඔඩර් එකකට. ඒ වුනාට මෙකට ඉන්දියාවට ලගා වෙන්න හැකි වෙන්නෙ නැ. මේ  වාශ්ප කාර් එක අරන් ගියපු නැව කුනාටුවකට හසුවෙලා අතුරුදහන් වෙනවා. ඒ නිසා ඉන්දියාවට එන්න තිබුන මුල්ම කාර් එක නතර වුනා.

බෙන්ස් 1893 වන විට වැඩි දියුණු කරපු තවත් බෙන්ස් වෙලො කියලා මොටර් රථයක් හදනවා. මේ අතර ඇමරිකාවේ චාල්ස් ඩුරියො සහ ෆෑන්ක් ඩුරියො දෙන්නා මුලින්ම කාර් එකක් ටෙස්ට් කරනවා. එක තමයි ඇමරිකාවේ පලමු වතාවට හොද කාර් එකක්  ධාවනය වුනු අවස්තාවක්. හැබැයි මේ දෙන්නා මුලින්ම හදන්නේ බයිසිකල්. පස්සේ තමයි කාර් හදන්න ගන්නේ.එහෙම ආරම්භ වෙන මොටර් රථ නිශ්පාදනයට මොකද වෙන්නෙ කියලා තවත් කොටසකින් විමසා බලමු.

අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )





Monday, July 24, 2017

මොටර් රථයේ ගමන්මග : 1 කොටස

මොටර් රථයේ ඉතිහාසය ගැන සොයා බලද්දි මුල්ම මොටර් රථය නිපදවිමේ ගෞරවය ජර්මනියේ විසු කාල් බෙන්ස් (Karl Benz ) හට හිමි වෙනවා. ඔහු විසින් 1886දි ප්‍රථම මොටර් රථය වෙනුවෙන් පෙටන්ට් බලපත්‍රයක් ලබාගැනිම දක්වා වු අපුරු ඉතිහාස කතාව මෙසේ දිග හරින්නෙමි. මේ කතාවේ මං සලකුනු 15 වන සියවස දක්වා විහිදි යනවා. ප්‍රවාහනය උදෙසා මාධ්‍යක් ලෙස මොටර් රථයක් පිලිබද මුලින්ම අදහස් පල කරන්නේ ලියනාඩො ඩාවින්චි ( Leonardo da Vinci) විසිනි.
Leonardo da Vincis automobile
source: http://www.leonardodavincisinventions.com/mechanical-inventions/leonardo-da-vincis-car/

මෙහෙම පටන් ගත්තු මොටර් රථයක් නිර්මාණය කිරිම 18 වන සියවසයේ අග භාගය දක්වා වාෂ්ප එන්ජින්, විදුලි මොටර් හා පෙට්‍රොල් එන්ජින් පිලිබද විවිධාකාර අත්හැදිම් තුලින් විකාශනය වෙනවා. ප්‍රථම මොටර් රථය නිපදවිම 1880 - 90 දශක වල ඉතා තරගකාරි මුහුනුවරක් ගත් අතර කාල් බෙන්ස් වගේම ජර්මන් ජාතික නිකලස් ඔටෝ (Nikolaus Otto) ඉතා වැදගත් පුද්ගලයන් වෙනවා. නිකලස් ඔටෝ ඔහුගේ දිර්ග කාලින පර්යෙශනයක  ප්‍රතිපලයක් ලෙස 1976 දි අන්තර් දහනයක් තියෙන සිව් පහර එන්ජිම (Four Stroke Engine) නිපදවිමයි. මොටර් කාර්මික ක්ශේෂයේ  The Otto cycle කියලා හදුන්වන්නේ නිකලස් ඔටො විසින් හදුන්වා දුන් මේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයයි.
Otto's 1876 Four Cycle Engine
මෙම සොයා ගැනිම  තමයි අද තිබෙන දියුණු එන්ජිමේ ආරම්භය වන්නේ. එතුමා ගොට්ලිබ් ඩේම්ලර් (Gottlieb Daimler) සමග ඉතා සමිප අයෙක්. ගොට්ලිබ් ඩේම්ලර් ගැන කතා කරද්දි එතුමාද මුලින්ම මොටර් රථ නිෂ්පාදනයේ ප්‍රරොගාමියෙක් වෙනවා. නිකලස් ඔටො සිවු පහර එන්ජිම නිපදවුවද  ගොට්ලිබ් ඩේම්ලර්ට ඔනේ විදියට ප්‍රවාහනය සදහා යොදා ගත හැකි ආකාරයේ  කුඩා එන්ජිමක් නිපදවිම පිලිබද උනන්දුවක් තිබුනේ නැ. පසුකාලිනව ඩෙම්ලර් අධිවෙගි පෙට්‍රොල් දහන එන්ජිම (the high-speed liquid petroleum fueled engine) නිපදවිමට සමත්වෙනවා. ඊට කලින් සමකාලින වැදගත් පුද්ගයක් කිහිපදෙනෙකු ගැන මතක් කල යුතුයි.

ජර්මනියේ වගේම ප්‍රංශයේද මොටර් රථ නිශ්පාදන වෙනුවෙන් විවිධාකාර පර්යෙශන කරලා තිබුනා. ඒ අතරින් වැදගත් පුද්ගලයෙකු වන නිකලස් ජොසප් (Nicolas-Joseph Cugnot) විසින් 1869දි ප්‍රථම වාශ්ප බලයෙක් ක්‍රියාත්මක වෙන වාහනයක් (Steam/ the first self propelled road vehicle (military tractor)) ප්‍රංශ හමුදාව වෙත නිපදවනවා. මෙය රොද 3කින් සමන්විත රථයක්. එයින් ඇරඹුනු ප්‍රංශ මොටර් රථ නිශ්පාදනය ඇමේඩි බොලී (Amédée Bollée) විසින් නව මුහුන්වරක් දෙනවා. ඒ 1885දි  වාශ්ප එන්ජිම පසුපසට දාලා හදපු  ලා මෙන්සෙලී (La Mancelle) කියන රථය නිශ්පාදනයත් සමගයි. 


La mancelle -1878
ඒ වගේම ඇමරිකාවේ හිටපු ජොර්ජ් සෙල්ඩන් (George B. Selden) ඇමරිකාව තුල මොටර් රථය පිලිබද පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න උත්සාහ දරන්නේ කාල් බෙන්ස් ප්‍රථම මොටර් රථය නිපද විමට ප්‍රථම සිටයි. නමුත් අවුරුදු 16ක තරම් දිර්ග කාලින නිති ක්‍රියාවලියකට පසු 1895 දි US පේටන්ට් බලපත්‍රය ලබාගන්නවා.

පසු විග්‍රහයකින් පසු නැවත 1885/86 ජර්මනියේ තත්වය විමසා බැලුවොත් කාල් බෙන්ස් හා ගොට්ලිබ් අතර මොටර් රථ නිශ්පාදනය  තරගකාරි ස්වරුපයක් ගෙන තිබුනා.ඔවුන් දෙදෙනා සැතපුම් 60ක තරම් දුර තැන් දෙකක සිට තමන්ගේ නිශ්පාදන කරගෙන ගියා. 1886 ජනවාරි 26 වෙනි දින කාල් බෙන්ස් විසින් මැන්හයිම් (Mannheim) වලදි නිපදවපු රොද 3 මොටර් රථය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා. 
the Benz Patent Motorwagen built in 1885
Engine of the Benz Patent Motorwagen

ඒ වෙනවිට ඩෙම්ලගේ මොටර් රථය නිමවෙමින් තිබුනා. 1885දි ඩෙම්ලර් හදපු එන්ජිම බරින් අඩු වගේම හොද වේගයක් තිබුනා. ඒ වගේම ඉන්ධන වලින්ක්‍රියාත්මක වෙන කාබුලේටර් එකක් පවා තිබුනා.  පසු කාලිනව කාල් බෙන්ස් පවා පිලිගත් කාරණයක් තමයි ඩෙම්ලර් තමන්ට වඩා හොද වාහනයක් නිපදවිමට අවශ්‍ය සියලු දේ දැන සිටි දක්ෂයෙකු බවයි.1885දි  නිකලස් ඔටොගේ එන්ජිම නිපදවිමට උදව් කල අතර ඩෙම්ලර් සහ නිකලස් එකම වැඩපලක් තුල වැඩ කල නිසා ප්‍රථම මොටර් බයිසිකලයේ අයිතිය ඔවුන්ගෙන් කාහට හිමි වෙනවාද යන්න නොදනි.

1886දි ඩෙම්ලර් රොද 4 තම්න්ගේ මොටර් රථය එලිදක්වනවා. ඒක තමයි ලොකයේ පලවෙනි රොද 4යේ කාර් එක වෙන්නේ. නමුත් ඒ වෙනකොට කාල් බෙන්ස් තමන්ගේ මොටර් රථයට පෙටන්ට් බලපත්‍රය අරගෙන ඉවරයි. 'ඔනේම දෙයක් මුලින්ම කලොත් තමයි තැන තියෙන්නේ. එක්කෙනෙක් කලාට පස්සේ කොච්චර හොදට කලත් වැඩක් නැ. පළමුවෙනියාට කවුරුත් ගරු කරනවා' යන්න සනාථ කරමින් කාල් බෙන්ස් ප්‍රථම මොටර් රථය නිපදවිමේ ගෞරවය හිමි කර ගන්නා අතර ඩෙම්ලර් ගැන සටහන් වෙන්නේ නැ. 

මේ ආකාරයට නිපද වුනු මොටර් රථයට ඉස්සරහට වුනු වෙනස්කම් ගැන තවත් කොටසකින් හමු වෙමු. 

අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )
වැඩි විස්තර මෙතනින් ලබා ගන්න.