![]() |
Woods Queen Victoria Electric |
![]() |
Louis Renault in 1903 |
1910 වෙන විට යුරොපයේ අපි කගෙත් සිහිනයක් වෙන කාර් සමාගමක් බිහිවෙනවා. ඒ ඉතාලි ජාතික එටෝරේ බුගාටි (Ettore Bugatti) ජර්මනියේ කාර් කොම්පැණියක් දාගෙන පොඩි කාර් එකක් හදන්න පටන් ගන්නවා. ලිටර් 1.35 ක් හා සිලින්ඩර් 4ක එන්ජිමක් තියලා සැහැල්ලු කාර් එකක් හදනවා. මේක මොටර් රථ ඉතිහසය වෙනස් කල කාර් එකක් කියලා පිලිගන්නවා. 1913 වෙනකොට මුල්වතාවට 16 වැල්ව් එන්ජින් එකක් හදන්න ගන්නවා. මෙක පිස්ටන් හතරෙන් හතර ක්‍රමය තමයි යොදාගෙන තියෙන්නේ.
Bugatti type 13 |
ලොකයේ ප්‍රථම මොටර් රථයට හිමිකම් කියන කාල් බෙන්ස් 1900 වන විට ජයප්‍රියම කාර් නිෂ්පාදකයා වුනා. ඒ කාලයෙදිම ඇමරිකාවේ රැන්සම් ඔල්ඩ්ස් කාල් බෙන්ස් වගේම ජනප්‍රිය වුනා ඔහුගේ Olds Motor Vehicle Company (later known as Oldsmobile) හරහා නිශ්පාදනය වුනු කාර්ව්ඩ් ඩෑශ් (Curved Dash) කියලා කාර් එකෙන්. එකෙන් රථ 425ක් හදලා තියෙනවා. පසුගිය ලිපියෙන් තිරිංග ගැන කතා කලාට මුලින්ම ඩ්ක්ස් බ්‍රේක් (Disk Break) සංකල්පය හදුන්වා දෙන්නෙ 1901දි බ්‍රිතාන්‍යයේ ෆෙඩ්‍රික් විලියම් (Frederick William Lanchester ) විසින්. මේ නිසා ලෙසියෙන් වාහන නතර කරගන්න පුලුවන් වුනා වගේම බ්‍රිතාන්‍යයේ මුල්ම රොද 4 වාහනය හදන්නෙත් මෙතුමාම තමයි. තිරිංග වගේම හොද ප්‍රධාන ලාම්පු වර්ගයක් ( acetylene headlights) හදන්න කාල් ග්‍රැහැම් (Carl G. Fisher) සහ ජේම්ස් ඇලිසන් (James A. Allison) එකතු වෙලා සමත් වෙනවා.
අද වෙන විට ලොකයේ වැඩිම වාහන නිශ්පාදනය කරන්නෙ ජපානය වුනාට 1904 වෙනකන්ම ප්‍රංශය තමයි අණසක පතුරවන් ඉදලා තියෙන්නෙ. ඊට පස්සේ ඇමරිකාව මුල් තැන අරන් තියෙනවා 1980 වෙනකන්ම. ඒ නිසා මොටර් රථ ඉතිහාසයෙ ඇමරිකාව සුවිශේෂි ස්ථානයක් ලබාගන්නවා. ජපානය ගැන බලද්දි මුලින්ම ජපානෙට ඇවිත් තියෙන්නේ 1896 ජනවාරි වලදි ජර්මනියේ නිස්පාදනය කරපු මොටර් සයිකලයක්. එක එච් ඇන්ඩ් ඩබ්ලිව් (H & W) වර්ගයේ එකක්. මෙක පෙට්‍රොල් වලින් තමයි දුවලා තියෙන්නේ. මෙක ටොකියො වල දුවද්දි හැමොම වගේ පුදුමෙන් බලන් ඉදලා තියෙනවා. එකෙන් පස්සේ තමයි ජපානයේ මොටර් රථ ගැන උනන්දුවක් ඇතිවෙලා තියෙන්නෙ.. ඊට මාසෙකට පස්සේ පෙබරවාරි වලදි රොද 4 කාර් එකක් ජපානෙට ගෙනිහින් තියෙනවා. මේක ප්‍රංශයේ පැන්හාඩ් කාර් එකක්. ජපානය වගේම ඒ කාලේ බෙල්ජියමේ කැමිල් ජෙනාට්සි මුල්ම රෙසින් කාර් එකක් හදලා තියෙනවා.. මේකට පැයට හැතැක්ම 68ක විතර වේගයෙන් යන්න පුලුවන් වෙලා තියෙනවා.
![]() |
Bowser’s invention, which could reliably measure and dispense kerosene |
1900 මුල් භාගය වෙන විට ඇමරිකාව තුල විතරක් 25000 කට අධික කාර් ප්‍රමාණයක් නිපදවනවා. මේ අතර විදුලි කාර් ද වෙනවා.විදුලි කාර් කියද්දි බැටරි චාජ් කරගත්තේ කොහොමද කියලා හිතනවා ඇතිනේ.. ඒ කාලේ විදුලි කාර් හිමියො හැමවෙලාවෙම බැටරි චාජ් කරන්න පුලුවන් ගරාජ් තියෙන පාරවල් වල තමයි ගිහින් තියෙන්නෙ. ඉන්ධන වලින් දුවන වාහන වලටත් මේ ප්‍රශ්නයම තිබුනා. මෙකට විසදුමක් ලබාදෙන්න සිල්වාන්ස් බොවුසර් (Sylvanus Freelove Bowser) සමත් වෙනවා. ඒ වාහන වලට ඉන්දන පුරවන්න පුලුවන් විදියේ පොම්පයක් නිශ්පාදනය කරනවා. එයින් පස්සේ 1907 දි ජොන් මැක්ලින් ප්‍රථම සේවා හල පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්දන සැපයිම, ලිහිසි ද්‍රව්‍ය සැපයිම වගේ දෙවල් කරනවා.
![]() |
At Jake Gumper’s grocery store, Bowser formed the S. F. Bowser & Company and patented his invention in late October 1887 |
පසුගිය ලිපියෙන් ෆොඩ් ගැන කතා කරද්දි 1903 සැප්තැම්බර් මාසයේ තමයි ෆොඩ් එයාගේ අලුත්ම සමාගම පටන් ගත්තේ. මේක පටන් ගනිද්දි අපුරු කතාවක් කියනවා. ඒ " හැම කෙනෙක්ම සල්ලි වලට ගන්න පුලුවන් කාර් එකක් මම හදනවා " කියන එක. ඒ කාලේ කවුරුවත් හිතන්නෙ නැතුව ඇති ඒ කතාව ඇත්ත වෙයි කියලා. මුලින්ම හදන්නේ මොඩල් ඒ (Model A) කියන වාහනේ මෙක ඩොලර් 850කට විකුනන අතරේ 1094 දි මොඩල් බී (Model B) කියන වාහනේ පැයට සැතපුම් 90ක වේගයෙන් යන්න පුලුවන් විදියට හදනවා. මෙක ඩොලර් 2000කට විකුනනවා. නමුත් ෆොඩ් ජනප්‍රිය වෙන්නෙ නම් කලින් කිවා වගේ පෙටන්ට් එකට සටන් කරන එකෙන්. මොඩල් ටි (Model T) ගැන කතා කලාට ඊට කලින් මොඩල් කේ (Model K) කියලා එකක් හදනවා. පැයට සැතපුම් 60ක වේගයෙන් ධාවනය වුනත් ඊට වඩා සැප පහසු වාහනයක් හදන සිතුවිල්ලෙන් තමයි මොඩල් ටි උපදින්නේ.
Ford Model T production line |
ෆොර්ඩ් තම සමාගම තුලින් මොටර් රථ නිශ්පාදනයේ පෙරලියක් කරනවා. ඒ වාහනයක කොටස් කිහිප දෙනෙකු එකතු වෙලා රේල් පාරක් දිගේ යද්දි සවි කිරිමෙ ක්‍රමය. මෙකත් එක්ක කාර් හදන එක වේගවත් වුනා වගේම විකුනන එකත් වැඩි වුනා. මුල් කාලයේ Model T වාහනයක් නිර්මාණය වෙන්න මිනිත්තු 728ක් පමණ ගත වුනත් ක්‍රමයෙන් මිනිත්තු 78 දක්වා අඩු කරගෙන තියේන්ව. ඒ සේවකයන්ගේ වැටුප් ඩොලර් 5 දක්වා වැඩි කරලා, වැඩ කරන කාලය පැය 9 ඉදන් 8 දක්වා අඩු කරලා. මේ අනුව හැම තප්පර 24කට පාරක් ෆොඩ් මොඩල් ටි රථයක් කර්මාන්තශාලාවෙන් එලියට ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ කාලේ වෙනකොට තමයි V8 කියන එන්ජිම එන්නේ.එක කොයොටේ කියන සමාගම වැඩිදියුනු කරනවා. එකෙන් වාහන වල වේගය වැඩි කරන්න පුලුවන් වෙනවා.
![]() |
1903 Ford Model A |
1902දි ඩේවිඩ් ඩැන්බර් බියුක් (David Dunbar Buick) වාහන නිර්මාණය කරන්න පටන් අරන් තියේනවා. මුලින් සාර්ථක වුනත් පසුව බංකොලොත් වුන නිසා 1904දි ඒ සමාගම විලියම් ඩුරන්ට් (William C. Durant) ට විකුණනවා. පසුකාලිනව විශලතම මොටර් රථ නිශ්පාදකයා වුනු ජෙනරල් මොටර්ස් සමාගම (GMC) බවට පත් වුනේ මෙක තමයි. 1908 වන විට ලොකයේ විශාලතම මොටර් රථ නිශ්පාදකයා වුනෙත් මේ සමාගම තමයි.
මුල් කාලේ වාහන ගොඩක් එවා වහලක් නැති එවා. 1910දි මුල් වතාවට සම්පුර්ණයෙන් වහපු තට්ටුවක් තියෙන කාරි එකක් හදන්නෙ ෆිෂර් සමාගමයි. කැඩිලැක් සමාගම මුල් වෙලා ෆිෂර් සමාගම හරහා එක සැරේ කාර් බොඩි 150ක් විතර හදලා තියෙනවා. මේක වෙනස් කරන්න ඇමරිකාවේ එඩ්වඩ් ජි. බඩ් (Edward Gowen Budd) මුල් වතාවට යකඩින් ආවරණය වුන වාහනයක් හදනවා. බඩ්ගේ සැකිල්ල , මිලයට ගත්තු ජොන් (John Francis Dodge) සහ හොරේස් ඩාජ් (Horace Elgin Dodge) ජනප්‍රිය ඩාජ් මොටර් රථය මුලින්ම නිර්මාණය කරනවා 1914දි.
![]() |
1915 dadge car |
1916දි ඔන්න ටික ටික ගෙවලා කාර් ගන්න ක්‍රමයක් ඇමරිකාවේ ඇති වෙනව. දැන් ලිසිං කරලා වාහන ගන්න විදියේ ආරම්භය තමයි. මේ නිසා ගොඩක් අය වාහන ගන්න වගේම වාහන නිශ්පාදනයත් ඉහල ගියා. ඒ වගෙම කාර් වල මිල ගණන වේගයෙන් පහල ගියා.
1920න් පස්සේ වාහන වල ගොඩක් වෙනස්කම් ඇති වෙනවා. මේ ගැන තවත් ලිපියකින් කතා කරමු. අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )
No comments:
Post a Comment