Tuesday, July 25, 2017

මොටර් රථයේ ගමන්මග : 2 කොටස

පලමු ලිපියෙන් විස්තර කල ආකාරයට මොටර් රථයක් හදන්න මුලින්ම පටන් ගත්තේ යුරොපා රටවල අය උනාට ඇමරිකාවේ අයත් නිකන් බලන් හිටියේ නැ. ඒ අයත් එක එක විදියේ වාහන හදන්න උත්සහා කලා. මුලු ඇමරිකාව පුරාම රථ වාහන ගැන ප්‍රබොධයක් ඇති කරපු කෙනෙක් තමයි ජේ.ඩබ්. කාර්හාට් (John Wesley Carhart).  එතුමා විස්කොන්සෙන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබද කතිකාචාර්‍ය (physics professor at Wisconsin State University) කෙනෙක් වෙනවා. එතුමා විසින් වාශ්ප බලයෙන් යුතු රථයක් නිර්මාණය කරනවා 1871දි. එතුමා  සංවිධානය කරනවා සැතපුම් 200ක් දුර කාර් රේස් එකක්  (The Great Race of 1878)  ග්‍රින් බේ (Green Bay) වලින් පටන් අරන් ඇප්ලෙටන් (Appleton), ඔෂ්කොෂ් (Oshkosh), වූපොන් (Waupon), වෝටර්ටවුන් (Watertown), ඇට්කින්සන් කොටුව (Fort Atkinson) සහ ජනස්විල් (Janesville), එතැන් සිට උතුරු දෙසට හැරී මැඩිසන් (Madison) දක්වා.
believed this photo was taken at the time of the race

මේ තරගයට කාර් 7ක් ඉල්ලුම් කරනවා. ඒ උනාට තරගයට ඇවිත් තියෙන්නේ කාර් 2ක් විතරයි. ඒ තමයි ඔෂ්කොෂ්  හා ග්‍රින් බේ වලින් ආපු කාර් 2, මේ අතරින් ග්‍රින් බේ වලින් ආපු කාර් එකේ වේගය වැඩි උනාට මගදි කැඩිලා. පැයට සැතපුම් 6ක වේගයෙන් ගමන් කල ඔෂ්කොෂ් වලින් ආපු කාර් එක තරගය ජයග්‍රහනය කරනවා. හරියට ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේ දෙයක්
වගේ වෙලා  තියෙන්නේ.

රේස් එක කොහොම උනත් මුල්ම කාලේ වැඩිම දුරක් ගමන් කල මොටර් රථයට හිමිකම් කියන්නෙත් කාල් බෙන්ස්ගේ කාර් එකම තමයි. එකත් හරි අපුරු සිදුවිමක්, බෙන්ස් මැතිනිය (Bertha Benz) දවසක් රැ තනියම බෙන්ස් හදපු කාර් එකෙන් සැතපුම් 66ක් (106km) දුර මැතිනියගේ මව බලන්න මැක්හිම් (Mannheim) ඉදලා ෆොසීම් (Pforzheim) දක්වා ගිහින් තියෙනවා. බෙන්ස් මහතාගේ අවසරයකින් තොරව සිදු වු මෙම සිදුවිම දෙන්නා රණ්ඩු වෙලා තරහා වෙලා ගියද කියන්න දන්නෙ නැ. එත් මේ සිදුවිම සමග ලොකයේ ප්‍රථම ඉන්ධන පිරවුම් හල බිහිවෙනවා වයිස්ලොච් (Wiesloch ) වල. ඒ මැතිනිය නගරයේ ෆාමසි එකකින් මොටර් රථයට ඉන්දන මිලදි ගැනිමත් සමගයි.

Bertha Benz monument in Wiesloch where she made a stop to take in fuel at the city pharmacy, which is now dubbed "the first filling station in the world"
1888 අගොස්තු මාසයේ ඇමරිකාවේ පලමු වතාවට එකල ජනප්‍රිය පියානො නිශ්පාදන සමාගමක් උන ස්ටෙන්වේ (steinway) සමාගම  එන්ජින් ෆක්ටරි එකක් හදනවා ඩෙම්ලර්ගේ කාර් එන්ජින් තාක්ෂණය උපයොගි කරගෙන. නමුත් මෙය එතරම් සාර්ථක වෙන්නෙ නම් නැ.

මේ අතර 1891 දි ජොන් ලැම්බර්ට් (John Lambert) කියලා කෙනෙක් රොද 3 කාර් එක්ක හදනවා. එයා එක ඩොලර් 550ක තරම් මුදලක් වියදම් කලත් ඒ කාලේ හැටියට විශාල මුදලක් නිසා කවුරුවත් කැමති වෙන්නෙ නැ. ඒ වගේම රැන්සම් ඕල්ඩ්ස් (Ransom E. Olds) (Olds Motor Vehicle Company (later known as Oldsmobile)) ප්‍රධාන වාශ්ප කාර් නිශ්පාදකයෙක් වුනා. ඒ වගේම ප්‍රථම assembly line සංකල්පය භාවිත කලේද ඔහු විසින්. එතුමාගේ සමාගම හදපු වාශ්ප කාර් එකක් ඉන්දියාවට යවනවා ලැබුනු ඔඩර් එකකට. ඒ වුනාට මෙකට ඉන්දියාවට ලගා වෙන්න හැකි වෙන්නෙ නැ. මේ  වාශ්ප කාර් එක අරන් ගියපු නැව කුනාටුවකට හසුවෙලා අතුරුදහන් වෙනවා. ඒ නිසා ඉන්දියාවට එන්න තිබුන මුල්ම කාර් එක නතර වුනා.

බෙන්ස් 1893 වන විට වැඩි දියුණු කරපු තවත් බෙන්ස් වෙලො කියලා මොටර් රථයක් හදනවා. මේ අතර ඇමරිකාවේ චාල්ස් ඩුරියො සහ ෆෑන්ක් ඩුරියො දෙන්නා මුලින්ම කාර් එකක් ටෙස්ට් කරනවා. එක තමයි ඇමරිකාවේ පලමු වතාවට හොද කාර් එකක්  ධාවනය වුනු අවස්තාවක්. හැබැයි මේ දෙන්නා මුලින්ම හදන්නේ බයිසිකල්. පස්සේ තමයි කාර් හදන්න ගන්නේ.එහෙම ආරම්භ වෙන මොටර් රථ නිශ්පාදනයට මොකද වෙන්නෙ කියලා තවත් කොටසකින් විමසා බලමු.

අදහස් හා යොජනා කොමෙන්ට් තිරුවෙන් සටහන් කරන්න. ( සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි All information copied from internet )





1 comment: